32. තීරණය !

362 34 11
                                    

"මෙයා ඇස් අරින්න තව වෙලා යයිද ?"

"නෑ බං අයියෙ ! තව ටිකකින් සිහිය එයි"

"මට හිතා ගන්න බෑ බං තමන්ගෙම උන් මෙහෙම දේවල් කරනව කියල "

"සිතෙව්ට ඔව්ව අලුත් දේවල් නෙවෙ අයියෙ. ඒත් දැන් ඌට මේ දේවල් ඕනවට වඩා වැඩී."

"අපි මේකට මොකද කරන්නෙ.. මං අහන්නෙ මට සිතෙව් වෙනුවෙන් මොනවද කරන්න පුළුවන් අනුධ ?"

"කරන්න තියෙන දේ දැන් ම කරන්න බෑ අයියෙ."

"ඒ කිව්වෙ.?"

"හොදම දේ තමයි ඔය දෙන්න මෙහෙන් යන එක. මං මූ මගෙන් ඈතට යනවට ලෝභයි තමයි. ඒත් ඒක තමා හොදම දේ !"

"ඒ උනාට මට එහෙම කරන්න ත් බෑ අනුධ "

"ම්ම්හ්... අම්ම නිසා නේද ?"

"හ්ම්.. ඔව්. එයාව තනි කරන්න බැ. එයාට ඉන්නෙ මං විතරයි."

මට සිහිය ඇවිත් දැන් ටික වෙලාවක්.  අනුධ අභී අයියා එක්ක කතා කරපු හැමදේම මට ඇහිල කියල අභී අයියා දැක්කෙ සෑහෙන්න පරක්කු වෙලා.

අභීගෙ හිතට ඒත් එක්කම බයක් ආවෙ සිතෙව් මේ දේවල් වැරදියට තේරුම් අරන් ආයෙම වැරදි තීරණයක් ගනී කියල හිතුන හින්දා. මොකද ඒ වෙනකොටත් සිතෙව් ගෙ ඇස් කදුලු වලින් පිරිල තිබුනෙ ප්‍රශ්න දාහක් මැද්දෙන් .

අභී වන්ගෝල්ෆේස් එකෙන් එළියට එද්දි දැක්කෙ තනි කලු ඇදගත්තු මිනිස්සු දෙන්නෙක් සිතෙව් ව අරන් යන්න හදන විදිහ. ලේන්සුවක් අතේ තියන් හිටපු එකා ඒක සිතෙව් ගෙ මූනට අල්ලන් ඉද්දි අනික ඔට්ටු වෙවී හිටියෙ කාර් එකේ දොර අරින්න. සිතෙව් ගෙ වෙලාව හොද කමට උන් දොර ඇරගන්න කලින් එතන්ට දුවන් ආව අභී උන් දෙන්න එක්ක පැටලුනා.

එකෙක් මුනෙ බැදන් හිටපු කලු ලේන්සුව අභීගෙ අතින් ගැලවෙද්දි ඌ ව ඇදන් බයික් එකට දාන් අනික් එකා ඉක්මනට එතනනි යන්න ගියා. බයික් එකේ නම්බර් ප්ලේට් එකක් තිබ්බෙ නැ.

වෙන කව්රුත් නෙවෙ. මේක සේනකගෙ වැඩක් කියල කව්රුත් දන්නව. සිතෙව් ට වෙන හතුරො නැනෙ.

"මැණික දැන් කොහොමද ඔයාට ?"

"අභී අයියා  ඇහුවෙ සිහිය ඇවිත් සද්ද නැතුව හොර පූස් පැටියා වගේ හොරෙන් ඔක්කොම අහන් ඉදපු මගෙන්.

සුදු රෝස✅ [Nonfic BL💛💜️]Where stories live. Discover now