(SAC P.T.23)

64 14 15
                                    

jungkook phone එක soha ගෙ අතට දුන්නා. ඊට පස්සෙ soha ඒකත් අරන් දොර වහගෙන කාඹරෙන් එලියට ගියා. jungkook ඇඳේ ඇල උනා. ටික වෙලාවක් ඔහොම කල්පනා කර කර හිටියා. පාන්දර 1 ත් උනා. ඒත් jungkook ට නින්ද ගියේ නෑ. ටික වෙලාවකින් jungkook ට ඇහුනා එයාගෙ phone එක ring වෙනවා. ඊට පස්සෙ එයා නැගිටලා phone එක ගන්න කියලා කාඹරෙන් එලියට යන්න දොර අරිනකොට තමයි එයාට තේරුනේ දොර අරින්න බෑ කියලා. එයා soha ට කතා කරත් උත්තරයක් තිබ්බෙ නෑ. එයාට තේරුනා soha කාඹරේ එලියෙන් lock කරලා විතරක් නෙමෙයි එයාට එලියට එන්න බැරි වෙන්න දොර තද වෙන්න මොකක් හරි දොරේ හේත්තු කරලා ගිහින් තියෙන්නෙ කියලා. Jungkook ට එතකොට තමයි තේරුනේ එයා ආදරේ කරපු කෙල්ල ඇත්තටම එයාට ආපු කෙනෙක් නෙමෙයි කියලා. එයා ඔලුවෙ අත ගහගත්තා. එතකොටම වගේ jungkook ට ඇහුනා කවුරු හරි ගෙට්ට ආවා කියලා. ඒ soha දොර ඇරපු සද්දෙන්. Jungkook ට කර කියාගන්න දෙයක් නැති උනා. වැඩි වෙලාවක් ගියේ නෑ එයාට ඇහුනා දොරට හිර කරලා තිබ්බ පුටුව කවුරු හරි අයින් කරනවා jungkook ඉවසුවෙ නෑ. එයා වට පිට බැලුවා. ඊට පස්සෙ එයා දැක්කා ජනේලයක් තියෙනවා. එයා පුලුවන් තරම් ඉක්මනට ගිහින් ජනේලෙ අරින්න හැදුවා. ඒත් ඒක අරින්න බෑ. ගොඩක් තදයි. ඊට පස්සෙ jungkook එයාගෙ ලඟ තිබ්බ මල් පෝච්චියක් අරන් ජනේලෙට ගහලා ජනේලෙ වීදුරුව බින්ඳා. ඒ ජනේලෙ ටිකක් පොඩි නිසා මුලින් එක කකුක් එලියට දැම්මා. එතකොටම soha දොර ඇරියා.

Soha : මෙන්න. ඕගොල්ලො කියපු දේ මම ඕගොල්ලො කියපු විදිහටම කරා. මීයා දැන් කූඩුවේ. මට මගේ ගාන දෙන්න.

Taehyung : පොරොන්දු වෙච්ච විදිහටම හෙට උදේ වෙන්න කලින් සල්ලි ටික ඔයාගෙ bank එකට වැටෙයි.

Soha : මම මේ වැඩේට ගොඩක් මහන්සි උනා දවස් ගානක ඉඳන්. ඒක නිසා මට වැඩිපුර ගානක් ඕනෙ.

Taehyung : එහෙම දෙයක් මම අපේ ඩීල් එකේදි කතා උනේ නෑ.

Strawberry And Cigarette Where stories live. Discover now