33. ඒ ප්‍රශ්නෙ නම් විසදුනා.☺️

352 33 7
                                    

"සේනක උබට පොඩීව බලා ගන්න එකවත් හරියට කරන්න බැරි උනාද ?"

"තාත්තෙ.. සිතෙව් අර කොල්ලො දෙන්න එක්ක හොස්පිටල් එකෙන් පැනල ගිහින් තිබ්බෙ"

"අඩු ගානෙ උබට මට ඕක වෙච්ච දවසෙම කියන්න තිබ්බා"

"මං.. මං හිතුවෙ ඉන්න තැනිකින් අරන් එන්න පුළුවන් වෙයි කියල "

"අරන් එන්න ? උබ මොකද්ද කියන්නෙ සේනක අරන් එන්න උබ හිතුවද පොඩී දැන් අවුරුදු 10ක 12 ක ළමයෙක් කියල ?. කොහොම හරි මේ මැරේජ් එක ඉක්මන් කරන්න ඕනි ."

සේනක ඊළඟ ට කියන්න හිටපු දේ කියාගන්න බැරුව වචන හිර වෙලා වගේ හිටියෙ.

"උබට මට තව මොනා හරි කියන්න තියෙනවද සේනක ?"

"තාත්තෙ.. මේ යේශා.. මේ "

"මොකද මනුස්සයො ගොත ගහන්නෙ. කියපම් ඉතිං යේශා මොකද ?"

"එයා.. ගෙදරින් ගිහින්"

"මොකක්..? මොනාද මනුස්සයො මේ කියවන්නෙ ...එහෙම වෙන්නෙ කොහොමද ?"

සිතෙව් ගෙ සීයා හිටියෙ තරහින් පුපුරන්න ඔන්න මෙන්න. එයා කැමති නෑ එයාගෙ වචනෙට පිටින් කිසිම දෙයක් සිද්ද වෙනවට. දැන් මේ වෙලා තියෙන දේවල් ගැන හිතා ගන්නත් බැරුව සීයා බස්තම පැත්තට විසික් කල්ලා දාලා කවිච්චියට බර උනේ නලල දෙපැත්ත ඇගිලි වලින් පොඩි කරන ගමන්.

"සේදර.. සේදර.. !"

සේදර කියන්නෙ සිතෙව් ගෙ සීයගෙ අලුත් ඩ්‍රයිවර් . එදා සිතෙව්ගෙයි අභීගෙයි සම්බන්දෙ එලි උනායින් පස්සෙ ලැජ්ජාව වහ ගන්න කලින් ඩ්‍රයිවර් ව අයින් කලාට පස්සෙ සිතෙව්ගෙ සීයා ගාව ඩ්‍රයිවර් රස්සාවට ආව මනුස්සයා තමා මේ.

"වාහනේ ලෑස්ති කරපන්. "

"හොදමයි හාමු මහත්තයා "

සේදර වලව්වෙන් එලියට බැස්සෙ සිතෙව් ගෙ සීයා කිව්ව විදිහට වාහනේ ලෑස්ති කරන්න .

"තාත්තා මේ කොහෙ යන්නද ?"

"කොහෙ යන්නද ? යේශා කෙල්ලව එක්කන් එන්න"

"කොහෙ කියල හොයන්නද තාත්තෙ. ආරාමෙකට ගිහින් තියෙන්නෙ "

"උබ කියන්නෙ කෙල්ල මහන වෙන්න ගිහින් කියල ද?"

සුදු රෝස✅ [Nonfic BL💛💜️]Where stories live. Discover now