34. ආයෙ ට්‍රිප් යන්නැ. එච්චරයි.

349 33 23
                                    

"දැන් උබ ඩ්‍රයිව් කරපන්කො අනුධ "

අභි අයියා මේ නාහෙන් අඩන්නෙ එයා දැන් පැය ගානක් තිස්සෙ තනියම ඩ්‍රයිව් කරන හින්දා. අරූ හොදට කනමතයා වගේ නිදි පිටිපස්සෙ සීට් එකේ මුල්ලට වෙලා.

"කොහොමද සිතෙව් මූ මේ විදිහට කෑම්පින් යන්නෙ. යකෝ ලෙඩා ඉන්නව යස අගේට ඇහැර ගෙන."

"මුගෙ වැඩ ගැන කතා කරල වැඩක් නැ අයියෙ. සාරා ගැන මනෝපාරකුත් ගහ ගෙන හොදට නිදි ඇති "

"කටවල් වහපල්ලා...!!  මං නිදි නැ"

අරූ මූනට දාන් හිටපු හූඩිය අයින් කරල කෙලින් උනා.

"අහ් උබ නිදි නැද්ද, වරෙන් එහෙනම්. "

අභි අයියා කිව්වෙ වාහනේ ස්ලෝ කරන අයිනට වෙන්න නවත්තන ගමන්. අනික් කොල්ලො අපිව පාස් කරන් ගියා ඒ ගැප් එකේ.

අනුධ ගිහින් ඩ්‍රයිවින් සීට් එකෙන් වාඩි වෙද්දි අභී අයියා බැහැල ඇවිත් පිටිපස්සෙ සීට් එකෙන් මගෙ ඇගේ ගෑවෙන නොගෑවෙන ගානට ඇවිත් ඉදගන්න දිහා අනුධයා බලාගෙන යි හිටියෙ.

"අහ්... උබලට මේ ලව් කරන්න ද ? යකෝ අයියෙ ඔච්චර සීට් එකේ ඉඩ තියෙද්දි උබට සිතෙව් අස්සෙම  රිංගන් යන්න ඕනා නේ "

"අනෙ මේ කටවහන් උබ උබෙ පාඩුවෙ පලයම් "

"අහ්.. ඔව් ඔව් මං ඉන්නෙ ඩ්‍රයිවින් වැඩේටනෙ"

"ඔව් ඔව්.. උබට දැන් උදේ ඉදන් ඩ්‍රයිව් කරල මහන්සි ඇති නේ.. පව්ව්ව්..."

මුන් දෙන්නා කියෝගන්න එක අහන් ඉදල බැරිම තැන මං මැද්දට පැන්නා.

"දැන් ඔය දෙන්නා ඕක නැවැත්තුවෙ නැත්තං මං මේකෙන් බැහැල අර ශාක්‍ය අයියලගෙ වාහනේට නගිනව."

"කාගෙ...? සිතෙව්ව්ව්ව්!"

මං දන්නව ඕක කිව්ව ගමන් අභි අයියට මල පයිනව කියල. එදා අර තෑග්ග බිදිච්ච සිද්දියෙන් පස්සෙ ශාක්‍ය අයියා එක්ක ගැටෙන්න වෙලාවක් හම්බුනෙ නෑ මෙයාට. ඇත්තටම දැන් එයා කතාවට එන්නෑ. මාව දැක්කා උනත් දුර තියා හිනාවෙලා එයාගෙ පාඩුවෙ යනව. ඒත් අභි අයියා නම්  තාම ශාක්‍ය අයියගෙ නම ඇහෙද්දිත් පුපුරනව. ආසම නෑ එයා.

සුදු රෝස✅ [Nonfic BL💛💜️]Where stories live. Discover now