ස්පෝට්මීට් එක ඉවර වෙලා දැන් දවස් තුනක්.. මීට් එක ඉවර වෙලා ගෙදර ගියෙ හතරගාතෙන් හොද වෙලේට අයියා හිටිය නිසා හොදයි.. නැත්නම් බස් එකේ තමයි ගෙදරට බඩගාන්න වෙන්නේ.. පහුවදා කවුරුත් ස්කෝලෙ එන්නෙ නැති නිසා මමත් ගෙදර හිටියා උණ ගන්නත් වගේ පොඩ්ඩක් තිබ්බ නිසා අයියා කිව්වා ගෙදර ඉන්නයි කියලා.. ජන්කුකී ස්කෝලෙ එන්නෙ හරියටම තව මාස දෙකයි ලබන සතියට පස්සෙ සතියෙ එයාලට ඇඩ්මිශන් දෙනවා.. ඊටපස්සෙ ගොඩක් දුරට එයාලා ගෙදර ඉදීවී.. මොකද පාඩම් කරන්න එහෙමත් තියෙන නිසා..
කාලය කියන දේ ඇයි මෙච්චර ඉක්මනට ගෙවෙන්නෙ කියලා මට හිතාගන්න බෑ.. ගෙවුන දවස් තවමත් මට හීනයක් වගේ.. බස් එකෙන් බැහැලා ස්කෝලෙ ඇතුළට යද්දි සුපුරුදු විදිහටම යුන්ගි හෝසෝක් දෙන්නා හිටියා.. ඒදෙන්නා එක්කත් ටිකක් වෙලා කතා කර කර ඉදලා පන්තියට ඇවිල්ලා බෑග් එක තියලා පහන පත්තු කරන්න ලෑස්ති කලා.. අපෙ පන්තියෙ උන් මල් ගේන්නෙ නෑනේ ගෙවල් වලින් ඉතින් කෝකටත් බෙහෙත ස්කෝලෙ අරලිය ගහයි ඉද්ද ගහයි ඒකෙන් ගිහින් වට්ටිය පිරෙන්න ජාති දෙකෙන්ම මල් කඩාගෙන පන්තියට ඇවිල්ලා පහන ලෑස්ති කරලා කොරිඩෝ එක අතුගෑවා..
ජිමින් තවමත් නෑ මේ බල්ලා අද එන්නෙ නැද්ද දන්නෙ නෑ.. මං ඉන්න තැනට ගිහින් බෑග් එකෙන් පොත් ටික අරගෙන ශෝට් නෝට්ස් ගැහුවා.. අපිටත් කියලා තව මහලොකු කාලයක් නෑනේ.. ඒක නිසා දැම්ම මහන්සි වෙලා වැඩ කරලා අන්තිම ටිකේ පේපර් කරන්න පුලුවන්.. ඔය අන්තිම මොහොතෙ ඔක්කොම පටන්ගෙන නාවගන්න උන් තමයි විභාගෙ ඇනගන්නෙ.. මුල ඉදන්ම ගානට වැඩේ කරගෙන ගියානම් අන්තිමට ස්ට්රෙස් එකක් නැතුව පේපර්ස් කල්ලා ශේප් එකට විභාගෙට ලියන්න තිබ්බා..
මම පේපර්ස් වල තිබ්බ ප්රශ්න සෙට් එකක් අරගෙන කර කර ඉන්නකොට පිටට හොද පාරක් වැදුනා.. මං දන්නවා මං දන්නවා ඒ බල්ලා වෙන කවුරුත් නෙවෙයි ජිමින් කියලා.. ඒක නිසාම මම ඔලුව උස්සන්නෙ නැතුව මගෙ වැඩේ කරගෙන ගියා.. මූ ඊටපස්සෙ බෑග් එක ඩෙස්ක් එක උඩින් දාලා පුටුවත් හරවගෙන මගෙ පැත්ත හැරිලා ඉදගත්තා..
" ඕයි මේ අහපන්කො.. උබ දැක්කද නෝටිස් බෝඩ් එක උදේ එනකොට.. "
" නෑ දැක්කෙ නෑ ඇයි මොනාද දාලා තිබ්බෙ.. "
YOU ARE READING
𝐌𝐲 𝐒𝐭𝐮𝐛𝐛𝐨𝐫𝐧 𝐁𝐨𝐲𝐟𝐫𝐢𝐞𝐧𝐝 [𝐓𝐊] ✓✓
Fanfictionතිබෙනා තුරු ඔබෙ ආලේ මට ඕනේ රැක ගන්න ඔබෙ ලගටම වී ඉන්න හැමදාම ඉඩ දෙන්න... මට ආසයි අත අල්ලන් ඔබෙ මුවග සිප ගන්න ඔබෙ මුහුණ සිනාවෙන් හැමදාම පුරවන්න... දුක දැනෙනා විට නුඹට මට තුරුලුව සැනසෙන්න මට ඕනේ හැමදාම නුඹෙ තුරුලටම වී ඉන්න Contents * BL * Boy × Boy *...