_After 1 year _
"අද නම් එන්න වෙන්නෑ බං. අද මට පේශන්ල ගොඩක් ඉන්නව බලන්න."
"අනේ බං කොටෝ.. උබ ඔච්චර ඔය වැඩ එක්ක නටන්න එපා බං. ටිකක් enjoy කරපන්කො"
අනුධ මේ කතා කරන්නෙ උගෙයි සාරාගෙයි engagement party එකට. එත් මේ දවස් වල හුස්ම ගන්න බැරි තරමට වැඩ ගොඩ ගැහිලා. මං දැන් මානසික සෞඛ්‍ය පිළිබඳ ඩොක්ටර් කෙනෙක්. අනුධත් එහෙම තමයි. ඒත් දෙන්නාට වැඩ කරන්න උනේ නම් හොස්පිට්ල් දෙකක.
"අනුධ. අපි කරන්නෙ enjoy කරන්න තරම් වෙලාවක් තියෙන රස්සාවක් ද ?"
"උබ කොයි වෙලේ බැලුවත් හොස්පිටල් එකේ , අභි අයියා කොච්චර බැලුවත් අර උසාවිය අස්සෙ. බලපන් මායි සාරායි. අපිත් ඩොක්ටර්ස්ලනෙ බං. එහෙමයි කියල අපි life එක enjoy කරන් නැත්තෙ නෑනෙ."
ඇත්තටම අභි අයියාත් වැඩ එක්කමයි. මං තාම කැම්පස් එකෙන් අව්ට් වෙච්ච ගමන් උනාට අභී අයියා දැන් ලෝයර් කෙනෙක් විදිහට වැඩ කරන්න අරන් අවුරුද්දකටත් වැඩී. 1st class degree එකක් එක්ක එලියට ආව අභී අයියට එයාගෙ නම හදා ගන්න ඒ තරම් අමාරු උනේ නෑ. එයා දක්ශ විදිහට පිලිවෙලට ඒ දේවල් කරන් ගියා.
"ඩොක්ටර් room num 136 ලෙඩා කලබල කරනව. ටිකක් බලන්න පුළුවන් ද.?"
"අනුධ මං උබට පස්සෙ ගන්නම්"
මං අනුධ එක්ක කියෝ කියෝ හිටපු කෝල් එක කට් කරලා පණිවිඩය ගෙනාපු නර්ස් එක්ක ලෙඩා ගැන බලන්න ගියා.
ලෙඩාගෙ ෆයිල් එකේ තියෙන රිපෝට්ස් චෙක් කරන ගමන් ඒක දිහා බලා ගෙනම room එකට ඇතුලු උන සිතෙව් දැක්කෙ නෑ ලෙඩා කව්ද කියල.
"මෙයා අවුරුදු 24 ක් තිස්සෙ මෙහෙම ට්‍රීට්මන්ට් ගන්නවද? "
සිතෙව් ඇහැව්වෙ ලෙඩාගෙ ඔක්කොම details චෙක් කරන ගමන්.
"ඔව් ඩොක්ටර් , ඔලුව වැදුන වෙඩි පාරක් හින්දා තමා මෙහෙම වෙලා තියෙන්නෙ."
සිතෙව් අතේ තිබ්බ රිපෝට්ස් ෆයිල් එක නර්ස් ගෙ අතට දෙන ගමන් ලෙඩා ගාවට ඇවිදන් ආවා. ලෙඩා කලබල කරන නිසා එයාව තදින් අල්ලගෙන හිටපු අනිත් නර්ස්ලා ටික සිතෙව්ට එයා ගාවට එන්න ඉඩ හදලා දුන්නා .
YOU ARE READING
සුදු රෝස✅ [Nonfic BL💛💜️]
Romanceආදරේ ගන්න විතරක් නෙවෙ. පපුව පිරෙන්න ආදරේ දෙන්නත් ඕනි තරම් මිනිස්සු බලාගෙන ඉන්නවා සිතෙව් ! ඒත් ඔයාට තවම හිතෙනව නම් ඔයාට කවුරුත් ආදරේ නෑ කියලා මං කියනවට වත් එක ම එක වතාවක් ඔයාගෙ ඔය හදවතට තට්ටු කරල අහන්න ඒක ඇත්තට ම එහෙම ද කියල .. ...