වෙලාව රෑ 12 යි. මට ගේ ඇතුලින් අමුතු සද්ද ඇහෙන්න ගත්තා. අනුධත් නැති ව තනියම ඉද්දි කල වැද්දොත් ආතල් දෙනවනෙ. මං ටිකක් කන් දීගෙන හිටියා. නෑ . සිවිලිමෙන් නෙවෙයි සද්ද ඇහෙන්නෙ. ගේ ඇතුලෙන්.
ටිකකින් කාමරේ දොරට තට්ටු කරනව. අමුතු තාලෙට.
ටොක් ටොක් ... ටොක් ටොක් ටොක්... ටොක්..
ටොක් ටොක්... ටොක් ටොක් ටොක්... ටොක්..A/N:-( කව්ද ළමයි මහ රෑ ජාමෙට සාමාන්‍යයෙන් ජිමින්ගෙ කාමරේ දොරට තාලෙට තට්ටු කරන මනුස්සයා 😂)
මොකාද යකෝ. මං පණ බයේ හිමින් හිමින් අත පත ගාගෙන බිත්තියෙ ස්විච් එක ගාවට ගිහින් ලයිට් එක දැම්මා.
"කව්ද ?"
මොකෙක් වත් උත්තර දුන්නෑ. ආයෙම දොරට තට්ටු කරනව.
"ටොක් ටොක් .. ටොක් ටොක් ටොක්... ටොක්..
"මොකාද යකෝ.. !"
මං කෑ ගහගෙන දොර ඇරියා.
"හැපි බර්ත්ඩේ පැටියෝ..!"
ඇවිත් හිටියෙ අභී අයියා . ඉටිපන්දමකුත් ගහපු කේක් ගෙඩියකුත් උස්සං එයා මගෙ කාමරේ දොර ඉස්සරහ හිටන් ඉන්නව. ගෙදර දොරේ extra key එකක් මේ මනුස්සයට දුන්නට මට හොද වැඩේ.
"තව පොඩ්ඩෙන් මගෙ හුස්ම හිර වෙනව මොන.."
ඉතුරු ටික කියන්න කලින් එයා මගේ තොල් අල්ල ගත්තා . ගැහෙන ගමන් තිබ්බ මගෙ හාට් එක දැන් නම් එලියට පයින්න වගේ දගලනව. මං ගල් ගැහිල වගේ ඉන්නද්දි අභි අයියා මාවත් එක්කන් මගෙ කාමරේ ඇතුලට ඇවිත් ලග තිබ්බු මේසෙ උඩින් කේක් එක තියලා බේබි රිබන් එකක් ගැට ගහපු පිහියක් මගෙ අතේ තිබ්බා.
"විශ් එකක් කරන්න "
එහෙම කියල එයා ඇවිත් මාව බැක් හග් කරගද්දි මං ඇස් පියාන ප්‍රාර්ථනා කලා.
ඉටිපන්දම් නිවල මං කේක් කෑල්ලක් කපල මං වෙනුවෙන් දැන් මෙතන හිට ගෙන ඉන්න මගේ ආදරණීය ම කෙනාට කැව්ව. මං දන්නව . එයත් දන්නව මට ඉන්නෙ එයා විතරයි කියල .
මටත් කේක් කෑල්ලක් ආයෙම කවපු එයා මා එක්ක හරි ලස්සනට හිනා උනා. කොච්චර මහන්සි වෙලා වැඩ එක්ක ඔට්ටු උනත් වෙලාව නැති කම මිසක් මං ගැන තියෙන ආදරේ ඒ හිතේ දශමයක්වත් අඩු වෙලා නෑ. ඒ ඇස් ඒවට සාක්ෂි දැරුවා.
YOU ARE READING
සුදු රෝස✅ [Nonfic BL💛💜️]
Romanceආදරේ ගන්න විතරක් නෙවෙ. පපුව පිරෙන්න ආදරේ දෙන්නත් ඕනි තරම් මිනිස්සු බලාගෙන ඉන්නවා සිතෙව් ! ඒත් ඔයාට තවම හිතෙනව නම් ඔයාට කවුරුත් ආදරේ නෑ කියලා මං කියනවට වත් එක ම එක වතාවක් ඔයාගෙ ඔය හදවතට තට්ටු කරල අහන්න ඒක ඇත්තට ම එහෙම ද කියල .. ...