උදේ නැගිටිද්දි මං හිටියෙ අභි අයියගෙ තුරුලෙ. තාමත් එයාගෙ රස්නෙන් ඈත් වෙන්න ලෝබ කමට මං ඇහැරුනා උනත් හොර පූස් පැටියෙක් එයා ගුලි වෙලා නිදා ගන්න ආසම තැන සනීපෙට අයිතිකාරයාට හොරෙන් නිදාගෙන ඉන්නව වගේ එහෙම්ම ම හිටියා.
"අද වැඩට යන්න කල්පනාවක් නැද්ද ?"
එයා නැගිටලද. නිදි කියල නෙ හිතුවෙ. අහ්... මං නෙවෙයි එහෙනම් මෙයානෙ හොර පූසා.
"ආහ්.. යන්න ඕනේ."
මං එහෙම කිව්ව ම එයා ටිකක් හෙට මෙහෙට වෙලා මට නැගිටින්න ඉඩ හදලා දුන්නා. ඇඳුම් සී සීකඩ. ඕව අහුල අහුල ඉන්න බැරි නිසා අභි අයියා එහෙම්ම ම ඇඳ උඩ ඉතුරු වෙද්දි ඩුවට් එක ඇදල ඇඟ වටේ ඔතා ගෙන මං bath room එකට රිංග ගත්ත.
මට ඇහුණා මගේ ෆෝන් එකට කෝල් එකක් එනවා.
"අභි අයියේ ඕක බලන්නකෝ."
දැනටමත් මම නා ගන්න පටන් අරන් තිබුණ නිසා එලියට යන්න බැ.
අභි අයියා අනිවාර්යයෙන් කෝල් එකට ආන්සර් කරන්න ඇති. ඒත් මට එයා කතා කරනවා නම් ඇහුනේ නෑ.
මම නා ගෙන එළියට එන කොට අභි අයියා හිටියේ ලොකු කල්පනාවක.
"මොකද මේ? "
"කවද්ද ඔයා ඕස්ට්‍රේලියා යන්න දා ගත්තේ. ඔයා මට කිසිම දෙයක් කිව්වෙ නෑනෙ සිතෙව්.?"
එයා ඒක දැන ගෙන. ඒත් ඒකට තව කල් තියෙනවා. අඩුම තරමේ තව අවුරුද්දක්වත් යයි.
"මං විතරක් නෙමෙයි අපි දෙන්නටම. මං ඔයාව සප්‍රයිස් කරන්න හිටියේ. "
අභි අයියගේ මූණ නරක් වෙලා ගියා.
"ඔයා හොඳට ම දන්නවා සිතෙව් මං අම්මව තනියම දාලා කොහෙවත් යන්නේ නෑ."
අභි අයියා බිම තියෙන එයාගේ ඇඳුම් ටික අහුලන් ඇඳ ගෙන ආයෙ මොකුත් නොකියාම ගෙදරින් පිටවෙලා ගියා.
ඔයා ඔය මාත් එක්ක තරහ වෙලාද යන්නේ?
අම්මව තනි කරන්න වෙන්නෙ නෑ අභි අයියේ. එයාට ඔයාගේ අප්පච්චි ඉන්නවා. ඔයාගේ අප්පච්චි දැන් ටිකෙන් ටික හොඳ වෙන ගමන් ඉන්නේ. අවුරුදු විසි හතරක් තිස්සේ ඩොක්ටර්ස්ලට කරන්න බැරි වුණ දේ මම දැන් කරන්න අරන් තියෙන්නේ. මට පුළුවන්. මං ඉගෙන ගත්ත දේවල් මට විශ්වාසයි. ඒත් මේ හැමදේ ම මං ඔයාට කියන්නම් හරි වෙලාවට. මේ ඉන්න තත්ත්වයෙන් එයාව ඔයාලට පෙන්නලා මට ඔයාලව කලබල කරන්න ඕනේ නෑ. ඔහොම ටිකක් ඉවසන්න රත්තරනේ.
YOU ARE READING
සුදු රෝස✅ [Nonfic BL💛💜️]
Romanceආදරේ ගන්න විතරක් නෙවෙ. පපුව පිරෙන්න ආදරේ දෙන්නත් ඕනි තරම් මිනිස්සු බලාගෙන ඉන්නවා සිතෙව් ! ඒත් ඔයාට තවම හිතෙනව නම් ඔයාට කවුරුත් ආදරේ නෑ කියලා මං කියනවට වත් එක ම එක වතාවක් ඔයාගෙ ඔය හදවතට තට්ටු කරල අහන්න ඒක ඇත්තට ම එහෙම ද කියල .. ...