thirty seven

1.1K 224 58
                                    

ජන්කුක් අන්තිම ඇදුමත් හැගර් කරලා ග්ලාස් ඩෝ එක වැහුවා... ටේහ්‍යොන්ග් ජන්කුක්ව බැක් හග් කරගෙන ජන්කුක්ට කිසිම උදව්වක් දෙන්නේ නැතුව ජන්කුක්ගේ වැඩ තව වැඩි කරා...

ඔව් ජන්කුක් ටේහ්‍යොන්ග්ගේ ගෙදරට ඔක්කොම ඇදුම් අරගෙන ආවා... ටේහ්‍යොන්ග් තරම් සතුටු වෙන මනුස්සයෙක් තවත් නැතුව ඇති...

"ටේහ්‍යොන්ග් මාව ටිකක් අත අරින්න" ජන්කුක් ටේහ්‍යොන්ග්ගේ අත් අයින් කරන්න හැදුවා... "බෑ"

"ටේහ්‍යොන්ග් අහන්න මම පර්ෆියුම් කලෙක්ෂන් එක ඉක්මනට හදලා ඉවර කරනවා" ජන්කුක් කිව්වම ටේහ්‍යොන්ග් ජන්කුක්ව තදින් බදා ගත්තා... "අහ් කූ මට ඔයාව ගොඩක් ඕන"

"ඔහ් කමෝන් ටේහ්‍යොන්ග් මම මේ ඉන්නේ" ටේහ්‍යොන්ග් ජන්කුක්ව තමන්ගේ පැත්තට හරව ගත්තා... "එහෙම නෙමෙයි මට ඒක කියන්න තේරෙන්නේ නෑ" ටේහ්‍යොන්ග් ජන්කුක්ව එක්කගෙන ගිහින් ඇදෙන් වාඩිවුනා... ජන්කුක් ටේහ්‍යොන්ග්ගේ උකුලෙන් වාඩිවුනා...

"මොකද්ද දැන් තේරෙන්නේ නැත්තේ" ජන්කුක් ටේහ්‍යොන්ග්ගේ නළලට වැටුන කොණ්ඩේ පිටිපස්සට කරලා හැදුවා... "ඔයාව කොච්චර මට ඕනද කියලා"

"මම දන්නවා ඒක"

"නෑ ඔයා දන්නේ නෑ කූ" ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ හීනී ඉන වටේ අත් යැව්වා... "ඔයා දැනගන්න මම ඒක ඔයාට තාම කියලා නෑ" ටේහ්‍යොන්ග් තෙත තොල් ජන්කුක්ගේ උරහිසෙන් තිබ්බා... ජන්කුක් ඇස් වහගෙන ඔලුව පැත්තට හැරෙව්වා... ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ සුදුපාට ටීශර්ට් එක දත් වලින් එහාට කරලා ජන්කුක්ගේ උරහිස හිමින් කිස් කරා...

"ටේහ්‍යොන්ග් දැන් අපි ලන්ච් ගන්න ඕන, ඔයාගේ චෙෆ් කෑම හදලා අපිට කතා කරයි" ටේහ්‍යොන්ග් ඔලුව ඉස්සුවා... "කවුරුත් මට කතා කරන්නේ නෑ ලව්, මම පහලට යනකන් කිසිම සර්වන්ට් කෙනෙක් මගේ රූම් එක තියෙන ෆ්ලෝර් එකට එන්නේ නෑ"

"ඔහ් තේරුනා මාස්ටර්" ජන්කුක් හයියෙන් හිනාවුනා... "මොකද්ද කිව්වේ" ටේහ්‍යොන්ග් ලොකු අතකින් ජන්කුක්ගේ බට්චීක් එකක් අල්ල ගත්තා... "මාස්ටර්?" ටේහ්‍යොන්ග් ඇහිබැමක් උස්සලා ඇහුවා...

what happen to the NERDY ||vkook||Donde viven las historias. Descúbrelo ahora