" කුක් උබෙ ගොදුර ඇතුලෙ...."
යුංගිගෙ වචනවලට ඔලුව වනපු ජංකුක් ගාඩ්ලා පිරිලා හිටිය රූම් එකක් ඇතුලට ගියේ කට කොණේ රැදුන හිනාවකුත් එක්ක. බැලූ බැල්මට පරණ ගොඩනැගිල්ලක වුන ඒ ගබඩා කාමරයක් හා සමාන කාමරෙ සමහර බිත්තිවල ලේ අත් පාරවල් හොද හැටි පේන්න තිබුනා. කාමරෙ හිටිය ගාඩ්ලා බලාගෙන හිටියෙ කාමරෙ මැද පුටුවක ගැට ගහලා තවමත් අමු අමුවට ලේ පෙරාගෙන සිහියක් පතක් නැතුව ඉන්න රූපෙ දිහා.
ජංකුක් කෙලින්ම ගිහින් වාඩි වුනේ පුටුවෙ ගැට ගහලා ඉන්න පුද්ගලයා ඉස්සරහ තිබුන පුටුවෙ. අවට හිටිය ගාඩ් කෙනෙක්ට අතින් සංඣා කරපු ජංකුක් ගාඩ් ඇවිල්ලා එයාගෙ රාජකාරිය කරන කං ඒ පුද්ගලයා දිහා බලාගෙන හිටියා. විනාඩි ගානක් ඇතුලත වතුර බාල්දියක් අරගෙන සිහි නැති පුද්ගලයා ලගට ආව ගාඩ් ජංකුක් බලාගෙන ඉද්දිම ඒ වතුර එක මනුස්සයගෙ මූණට ගැහුවෙ ඒ මනුස්සට ගැස්සිලා ගිහිං ඇස් අරිද්දි.
" ඉතිං මිස්ට සෝ හ්යුක්... මගේ කොල්ලො දුන්න භෝජන සංග්රහය හොදට වින්දද.."
කට කොණකට ගත්ත වියරු හිනාවක් එක්ක ජංකුක් වචන ගලපද්දි බෝගම් උස්සගන්න තරම්වත් පණක් නැති බෙල්ල අමාරුවෙන් කෙලින් කරන ගමන් ජංකුක් දිහා බැලුවා.
" උබ මගෙන් පලිගන්නෙ... මං ටේව අල්ලපු නිසා නං... සොරි බ්රො... මං ඌව ඇදට අරං මිසක් පස්ස බලන එකක් නං නැ..."
සෝ හ්යුක් බරක්පතලක් නොගෙන ගලපපු වචනවලින් වුනේ ජංකුක් යට ගහන්න උත්සහ කරපු අමු මාරයව එළියට එන එක විතරයි. කේන්තියෙන් රතු වුන ඇස් එක්ක ඉදං හිටිය පුටුවෙන් වේගයෙන් නැගිට්ට ජංකුක් තමන්ගෙ කලිසමේ තිබුන බෙල්ට් එක ගලවලා අතට අරං සෝ හ්යුක්ට ගහන්න ගත්තෙ සෝ හ්යුක් තොල් හපාගෙන දැනෙන වේදනාව යට ගහන්න උත්සහ කරද්දි.
" උබ මගේ කොල්ලව ඇදට ගන්න බලපං.... හැබැයි මතක තියාගනිං... ඒ මොහොතෙම උබේ මුළු පරම්පරාවට ම උබ කරන ගොංකමේ විපාක විදින්න වෙයි... අනික... මං මේ අන්තිම හොදින් කියන්නෙ... උබල අමාරුවෙන් ගොඩගත්ත බිස්නස්වලට පොඩ්ඩක් හරි ආදරෙයි නං මගේ දේවල්වලින් ඈත් වෙලා ඉදපං...."