Iago - ඒකි කොහෙද?
Chan - Toilet එකේ ඇති
Iago - හැමතිස්සෙම ඒකෙ ඉන්න බෑනෙ
Chan - ඒත් එයා ඉන්නවනෙ
Iago -වොන්හා එයා ගාවද?
Nooya - අපි දන්නෙ කොහොමද?
Valak- මුන්ගෙන් වැඩක් නෑ Iago අපි යමු යන්න
දෙන්නම අත් අල්ලගෙන ගියා. Chan ට එයාලා ගියාට පස්සෙ හිනාගියා. නූයට නම් මල පැනලයි තිබ්බේ
෴෴෴෴
Jeongin- ඔයාට රිදුණද
Chahyu- නෑ සනීපයි ඇතුළට යමු
Jeongin- නහයෙනුත් ලේ එනවා මෙතන මෝඩ වැඩමනෙ කරන්නෙ
Chahyu- ඒක සුළු දෙයක්
Jeongin එයාවත් ඇදගෙන යුන්ජිගෙ ගෙදර ඇතුළට ගියා. ගියාට පස්සෙ බෙරිහන් දෙන්න ගත්තා.
Chahyu- ඇයි ඇයි මොකද?
Jeongin- ත... තඩිම තඩි බූවල්ලෙක්
Chahyu- nice
Yunji එයාලව දැකලා බෙරිහන් දෙන්න ගත්තා. ඒ වෙලාවෙම වගේ යොන්ජුන් කොහෙද ඉදලා ෂර්ට් එක නැතුව කඩා පාත් වුණා
Yeonjun - Aish... මේ මොකද වෙන්නෙ. දැන් කොහොමහරි එයාව බේරගන්නත් ඕන
Jeongin- උඹම හිතපන් විදිහක්
Yeonjun- මම කියලා මොනවා කරන්නද
Jeongin- මනුස්සයෝ ඒ උඹේ කෙල්ලනේ
Yeonjun- ගිනි පෙට්ටියක් තියෙනවද
Jeongin- උඹ හිතුවද මම සිගරට් බොනවා කියලා
Yeonjun- මෝඩ කැරපොත්තා මම මුකුත් ම කියන්නෑ
එයාලා පිටිපස්ස හැරෙද්දි Jeongin ගෙ නූනා පේන්න හිටියෙ නෑ. එයා යුන්ජිගෙ කුස්සියට ගිහින් පිහි තුනක් ඇරගෙන ආවා
Yeonjun- උඹ හදන්නෙ මේවගෙන් අපිට අනින්නද
Chahyu- අරූ ගෙ ඔළුවට අනිමු
Jeongin- ඒ කොහොමද?
එයා ඇහුවට වැඩක් නෑ. එයාගෙ නූනා එතනට ගියා. ගිහින් බූවල්ලට කොටු වුණා
Yunji - මෝඩි
Chahyu- දැන් අපි දෙන්නම එකම බෝට්ටුවෙ
Yunji - පේනවා පේනවා
එයා ව බූවල්ලා එහෙට මෙහෙට ගෙනියද්දි එයා බූවල්ලගෙ බඩට පිහියෙන් ඇන්නා.
බූවල්ලට ටිපර් වෙලා යුන්ජි ව අතෑරියා බිමට. යොන්ජුන් දුවගෙන ගිහින් එයා බිමට වැටෙන්න කලින් අල්ලගත්තා.
Jeongin- නූනට මට පිහිය දෙන්න තිබ්බේ.
Chahyu- මාව අතාරිනවා ගන්දස්තාර බූවල්ලා
වාසනාවට ඒ වෙලාවෙම වගේ එතනට Felix Wonha එක්ක ආවා. ඊට පස්සෙ බූවල්ලට රැව්වා. ඌ පිච්චිලා ගියා. Chahyu ආපහු ජොග් ගාලා බිම වැටුණා
Chahyu- ඌහ් අම්මෝ පස්ස රිදෙනවා
Felix- සොරි මම පරක්කු වුණා
Chahyu- පේනවා පේනවා. කමක් නෑ දුකක් නෑ
Wonha- Hyu, ඔයාගෙ නහය කොහොමද තුවාල වුණේ?
Chahyu- ඒකෙන් වැඩක් නෑ දැන්. යොන්ජුන් උඹ මොකද shirt එකක් නැතුව
Yunji - උඹට මොකටද ඒක කැරපොත්තියේ
එයා නෝන්ඩි කරන්න එහෙම කිව්වට එයාම ඒකෙන් නෝණ්ඩි වෙලයි හිටියේ
Yeonjun- මාව රතු පාට අතක් තියෙන යකෙක් ඇදගෙන ගියා. එයත් එක්ක හෙන වලියක් ගියා. අන්තිමට ඌ සිහි නැති වෙලා වැටුණා. මම යුන්ජි ව බලන්න ආවා එයාට මොකක් හරි කරදරයක් වෙන්න ඇති කියලා
Yunji- එකපාරටම මෝහිනී වගේ කෙල්ලෙක් ආවා. එයා මාව පඩිපෙල ගාවට ඇදගෙන ගිහින් අතුරුදහන් වුණා. ඊටපස්සෙ මේ ගන්දස්තාර බූවල්ලා ආවා.
Chahyu- Wonha ඔයාද මේ දේවල් ලිව්වෙ
Felix - නෑ එයා නෙමෙයි. මේවා නිකන්ම වෙන්නේ. දැන් ඒ කතාව ඉවරයි
Jeongin - ඒ කියන්නෙ ඔයාලා දෙන්නා කිස් කරගෙන...
Chahyu - නවත්තනවා ඔහෙගෙ හැකර කට පොඩි එකා
Jeongin- නෑ ඉතින් පොතේ තිබ්බෙ එහෙමනේ
Felix - දැන් ඔයාලා ඔක්කොම වොන්හා එක්ක එයාගෙ ගෙදරට යන්න.
Yeonjun - ඒ ඇයි?
Felix - එයා ගෙ ගෙදර ආරක්ෂිතයි. මම ඔයාලගෙ අනික් යාළුවො ටික ගැන බලන්නම්.
Wonha - මමත් ඔයා එක්ක එනවා Felix
Felix - එයාට ඔයාව මරන්න දෙන්න මට බෑ වොනී
කියලා එයා ඔක්කොම ඉස්සරහ වොන්හව කිස් කරලා එතනින් චුත වුණා
Chahyu- කැහ් කැහ්
Yunji - ඒකත් හරි වගේ
Yeonjun - ඇති යන්තම්.
Jeongin මුකුත්ම කිව්වෙ නෑ. එයාට එයාගෙ කෙල්ල මතක් වුණ හින්දා
To be continued...
ВЫ ЧИТАЕТЕ
ꌚꂦꎭꏂ꓄ꀍꀤꈤꁅ ꅐꏂꈤ꓄ ꅐꋪꂦꈤꁅ|| Felix ✔️
Фанфикලියපු පොතක ඉන්න ප්රධාන චරිතෙට පණ ආවොත් කොහොම තියෙයිද?