විසිදෙවන අඩිය ~ පස්වන රාගය

65 7 7
                                    

          මේ ගෙවීගෙන යන්නේ මං හිතන්නේ මගේ ජීවිතේ හොඳම කාලේ ..... එයාගේ මෝඩ ඒත් අහිංසක හිතට වහවැටිලා හිටිය මං දන්නේ නෑ කවද්ද ආදරේ කරන්න ගත්තේ කියලා ... මට ඒක පහු කරන්නේ නැතුව එයාට කියන්න ඕන උනා මොකද අර මහේශ් කියන සතාව වැඩිය අල්ලන්නේ නෑ ඌ එයාගේ පස්සෙන් කැරකෙනවා කියලමයි හිතෙන්නේ ..... මගේ හිතට දැනුන කෙනාව නැති කරගන්න මට කිසිම උවමනාවක් තිබ්බේ නෑ ඒ නිසාමයි එයාව එදා කැෆේ එකට එක්කන් ගියේ ... හී මං හිතෙන් දාපු නම කියනකොට මගේ මෝඩ කොල්ලා හොඳටම බය උනා ... දන්නවා එයා මට කැමති කියලා ... ඒත් එයා එදා හුස්ම ගන්න බැරි උනාම බය කරන්න හිතපු මෝඩ කම කියලා හිතුනා .... පිස්සු කෝලම මගේ .... දැන් එයා දන්නවා මාත් එයාට කැමැත්තෙන් ඉන්නේ කියලා ...අමුතු සතුටක් ඒක .. මං කැමති කෙනාම මට කැමතියි කියන එක .... හැබැයි අපි කපල් එකක් නෙමේ ... මං කැමැත්ත විතරක් කියුවේ දැන්ම ආදරේ කියන වචනේ අපි දෙන්නටම බර වැඩි වෙයි කියලා හිතුන නිසා .... එයාගේ ගෙදරින් සෑහෙන ලොකු ප්‍රෙශර් එකක් දෙන්නේ ඒ අස්සට ආදරේ කියන දේත් ගෑවුනොත් එයාව ගොඩගන්න මට බැරි වෙයි කියලා බයයි ... අපිට තනියෙන් නැගිටින්න පුළුවන් දවසක් එනකන් එයාගේ ළඟින්ම ඉන්නයි මට ඕන ... දන්නේ නෑ කීයක් දේවල් වලට ඉස්සරහට එයාට මූණ දෙන්න වෙයිද කියලා .... මගේ එකා හෙන අහිංසකයෙක් .... මොන හිතකින්ද ඒ අහිංසක මූණ දිහා බලාගෙන කුණු කතාවක් හරි කියන්නේ

                    එයාගේ ගෙදරින් දෙන ප්‍රෙශර් එකට පස්සේ අද ස්පෝර්ට් මීට් එකේ මහේස් පගයා කියුව දේවල් කොහොම දරාගත්තද මන්ද මේ කොල්ලා .... මුළු හවුස් එකක්ම අහං ඉද්දිනේ මේකා එක එක කතා කියලා තියෙන්නේ .... හැබැයි මගේ එකාත් නිකන් කටවහන් ඉඳලා නෑ ....ගැම්මක් තමයි ....ශිට් මට ගොඩක්ම අව්ල දැනුනේ එයාට ඕනම උන වෙලාවේ මට එයා ළඟ ඉන්න බැරි උනානේ ... මනුජ වෙච්ච දේවල එකින් එක කියද්දී මට ඒ වෙලාවෙම ගිහින් හොම්බ කුඩුවෙන්න දීල එන්න හිතුනේ .. ඒත් මං ඉවසන් හිටියේ එයාට දැන් මාව ඕනෙම වෙලාව කියලා දැනුන නිසයි ...... 

"මේ දැන් ඔයාලගේ අම්මා කමක් නෑ කියුවද අපි ආවට .. පව්නේ අනේ ආන්ටි අපි නිසා සෑහෙන කරදර වෙන්න වෙනවනේ "

_~ අහස් රාගය ~_Where stories live. Discover now