Harua - මොකක්ද?

Felix - ඔයාට තේරෙන්නෙ නෑ ඒක කිව්වට. ඒක හරිම සංකීර්ණයි

Harua - ඒකත් එහෙමද කමක් නෑ

Felix - Thanks

එයා එතනින් ගියා දැනගන්න ඕන දේ දැනගන්න බැරිවුණ හින්දා. මේ වෙනකොටත් අර යක්ෂ පූසො ටික අරගොල්ලන්ව වටකරලයි තිබ්බෙ

මින්හො පූසන්ට පණ වගේ ආදරේ කරත් එයා මුන්ට පණ බයේ හිටියෙ. එයාගෙ කොල්ලා කියලත් කිසිම වෙනසක් නෑ
Felix ට පූසො ආපු එක දැනිච්ච හින්දා එයා එහෙට ගියා

🐱- අන්තිම වතාවට අහන්නෙ Minhee කොහෙද?





Hayoon - කී සැරයක් කියන්න ඕනද මම දන්නෑ කියලා

🐱- තොපිලා ඔක්කොම දැන දැනත් අපෙන් ඒක හංගනවා

Hayoon - ඇයි දැන් උඹලට ඒකිව ඕන

🐱- කන්න තමයි වෙන මොකටද?

Felix එතනට එන අඩි සද්දෙ ඇහුණා විතරයි. ඒ පූසො ටික පණ එපා කියලා දුවන්න ගත්තා. අනික් අය ගෙ බය නැති වුණේ උන් ගියාට පස්සෙ

Han - උඹ එසේ මෙසේ ඩෑල් එකක් නෙමෙයි බලන් ගියාම

Felix -වොන්හගෙ සිතුවිලි තමයි ඉතින්

Hayoon - ඇයි අර කුණු කාණුවේ ඉන්න පූසො මින්හිව කන්න හෙව්වෙ

Felix - Iago ට මින්හි ව ඕන වෙන්න ඇති

Daeju - කවුද ඒ යකා?

Felix - ඒකෙන් ඔයාලට වැඩක් නෑ ගෙවල් වලට ගිහින් ඉන්න තමුන්ගෙ පාඩුවේ. එළියට එන්න හිතන්නවත් එපා

Lee Know - ඒ මොකද බූරුවෝ

Felix - උඹලා ලොකු අමාරුවක වැටෙයි. මේ කෙල්ලො දෙන්නා

Daeju - ඇයි ඇයි තෝ?

Felix - උඹලගෙ boyfriends ලා දෙන්න ගැන බලාගනිම් උන් දෙන්නා මොනා නැතත් පව්

කියලා පොර එතනින් අතුරුදහන් වුණා. එයාට හැමදේම ඇතිවෙලයි තිබ්බේ. එයාට ඕන වුණා මේ මළ කෝලම් ඉවර කරලා වොන්හා එක්ක සතුටින් ඉන්න

ඒත් සතුට තාවකාලිකයි. දුක සදාකාලිකයි. එහෙමත් නැත්තම් මිනිස්සු සෘණාත්මකව හිතන හින්දා දෙක සමබරව තියෙනවා කියලා අවබෝධ කරගෙන නෑ. මොකක්හරි Felix ට එපා වෙලයි තිබ්බේ

ꌚꂦꎭꏂ꓄ꀍꀤꈤꁅ ꅐꏂꈤ꓄ ꅐꋪꂦꈤꁅ|| Felix  ✔️Where stories live. Discover now