විසිතුන්වන අඩිය ~

69 5 7
                                    

"මොකක්ද මෙතන වෙන්නේ ආ .... අනේ ඇත්තමයි තොපි දෙන්නට කරන මඟුලක් දොරවල් ලොක් කරන් කරගන්න බැයිද ... හොඳට තියෙයි අර ආන්ටි හරි අන්කල් හරි දැක්කනන් "

අම්මේ බය උන තරමක් ... එය මාව බදාගෙනනේ හිටියේ ... මං හිතුවේ ඉවරයි තමා කියලා .... එයාගේ පවුල හරි ආදරණීය එකක් කියද්දී , මටත් ඒ වගේ පවුලක් අනාගතේදී ඕන කියද්දී එයාගේ ඇස් හරි ආදරණීය හැඟීමකින් පිරිලා ගියා ... ඒ ඇස් වල තිබ්බේ හරියට ඔයාට මං ඉන්නවනේ කියනවා වගේ එකක් ... ඉතින් මගේ ඇස් වලට උණලා තිබ්බ කඳුලු තව වැඩිවෙද්දී එයා මාව තද කරලා බදාගත්තා ... ඇත්තමයි මට ඒ වෙලාවේ එයාට තුරුල් වෙන්න තිබ්බ නන් කියලා දැනිලා තිබ්බේ ... එයාගේ පවුල ගැන සතුටක් හිතෙන ගමන් මං ගැන දුකක් හිතෙද්දී ඒ දුක වැඩි වෙලා තියෙන්න අරින්නේ නැතුව එයා මට සතුටක්ම ගෙනත් දුන්නා .... ඒ උණුහුම මං ආසම කරන විදියේ ... අර සීතල දවසක කෝපි එකක් එහෙම බීලා ඇඳට ගිහින් පොරව ගත්තාම දැනෙන්නේ අමුතු සනීපයක් ... ආන් ඒ වගේ ... අම්මගේ තාත්තාගේ උණුහුමක් වැළඳගැනීමක් කොයි වගේද කියන්නවත් දන්නේ නැති මට මගේම කියලා දැනුන උණුහුමක් ගැන කියන්න මට වචන මදි ... ඒක ඒ තරම් සනීපයි ... එයා මගේමයි .... මං ආදරෙයි .... එයාගේ උණුහුමේ ගිලිලා ඉන්නකොට එකපාරටම ඇහුන වචනත් එක්ක මට පොළොව පලාගෙන යන්න හිතුනා ... සැක් ... ලැජ්ජාව බාල්දියෙන් එකයි .....

"ඉක්මනට නාගන්නවලා තාම හඩුගඳ ගහ ගහා තව තුරුලුත් වෙලා අනේ ඇත්තමයි .... ලොකු අම්මා එන්න කලින් එනවා ගිහින් "

එයත් බය වෙලාද කොහෙද ... එකපාරටම වෙච්ච දේ නිසා ශොක් වෙලා වගේ අපි දෙන්නම ... මං හිතන්නේ එයත් මං වගේම හග් එකේ ගිලිලා ඉඳලා තියෙන්නේ ... ඒකනේ අන්දුන්කුන්දුන් වෙලා ඉන්නේ දැන් ... එයාගේ මූණ දැක්කාම හිනා යන්න ආවත් ඉවසගෙන හිටියේ පව්නේ ඉතින් ලැජ්ජා හිතුනොත් මගේ ඒකාට .. මිහිරයි මනුජයි දෙන්නා තකට තක අපි දෙන්නාට එක එක ඒවා කියද්ද්දී එයාගේ හොල්මන් වෙච්ච මූණ දිහා බලං හිටිය මං තවත් ඩිම් වෙලා ගියේ මනුජගේ වචන වලින් .... ලොකු අම්මා ..... යකූ ඒ මොන නෑදෑ කමක්ද ....

"මනුජ මොකක්ද යකූ ඒ ලොකු අම්මාගේ කතාව .... රමූ මොකක්ද මේ දෙන්න හංගන නෑදෑ කතාව ඈ .... ඉස්සෙල්ලත් පස්සේ කියන්න කියලා කියුවා .... දැන්වත් කියන්වද .... නැත්තන් "

_~ අහස් රාගය ~_حيث تعيش القصص. اكتشف الآن