විසිහතරවන අඩිය ~

59 6 5
                                    


"දයාබර දරුවනේ අද අප #### විදුහල් මාතාවට ආත්මාභිමානයක් , ආඩම්බරයක් දැනෙන දවසක් ... ඔයාලා හැමෝම දන්නවා පසුගිය 15වන ඉරිදා දින පැවැත්වුනු 2023 සමස්තලංකා පාසල් නර්තන තරඟාවලියේ සමස්තලංකාවෙන්ම අප පාසලේ නැටුම් කණ්ඩායම කොහොඹාහෑල්ල පිරිමි සමූහ කියන තරඟ ශීර්ශයෙන් ප්‍රථම ස්තානය ලබා ගත් බව ..... ඒ සඳහා සහභාගී වූ සියළුම දරුවන් වගේම නැටුම් ආචාරිණී චිත්‍රා මැඩම්  , දෙමාපියන් යන සියල්ලන්ටම පාසල වෙනුවෙන් කළ මේ කැපවීම ඉතාමත් ඇගයීමකට ලක් කළ යුතු කරුණක් වනවා ........ "

මාස දෙකක සම්පූර්ණ කැපවීමක ප්‍රතිපල ..... මගේ එක හීනයක් .... පෙරේදා කියන දවසේ හැබෑ උනේ ... සමස්තලංකාවෙන්ම ෆස්ට් ප්ලේස් ගන්න එක .... අප්‍රේල් අග තිබ්බ පළාත් තරඟ වලින් ෆස්ට් වෙනකොට අපේ මුළු ටීම් එකම එක හඬින් කීවේ අපි ඕල් අයිලන්ඩ් ෆස්ට් වෙමූ කියලා .... කීවා වගේම අපි ඒක කළා ... පළාත් හතකින්ම ෆස්ට් එක ගන්න එක අපේ ලොකුම ලොකු ජයග්‍රහණයක් .... අපේ කොල්ලෝ ටික පට්ට විදියට මහන්සි උනා ... රෑ දොගොඩ හරියක් වෙනකන් ප්‍රැක්ටිස් කලේ , ස්කෝලේම නැවතිලා , කකුල් කඩාගෙන කොඳු කඩාගෙන , ප්ලාස්ටර් ගහගෙන තමා අපි මේ ගමන ආවේ ... මැඩම් ගැන මට කියන්න වචන නෑ ... කොල්ලෝ 20ක් බලාගන්නවා කියන එකම ලොකු දෙයක් .. සමහරු හිතනවා රෑට රෑ වෙනකොට කොල්ලො සෙට් වෙලා බොනවා අරවා මේවා කියලා ... ඒත් අපේ මැඩම් ප්‍රැක්ටිස් පටන් ගන්නකොටම කීවේ කොල්ලනේ තොපි බීලා අහුවෙන්න එපා එහෙම උනොත් තොපි ඕන මගුලක් කරගනිල්ලා මං උඹලා දිහා ඇහැක් ඇරලා බලන්නෙත් නෑ ජීවිතේට ආයේ තරඟ යන්නෙත් නෑ කියලා ... අපි මැඩම්ට ගොඩක්ම ආදරේ ඒ නිසාමයි ... මැඩම් බය නෑ ... මැඩම් ඒ දේ කීවත් නොකීවත් අපිට ඕන වෙලා තිබ්බේ මේ තරඟේ කොහොමහරි කරලා දිනන එක ... මොන ප්‍රශ්න ඇවිල්ලා තිබ්බත් මගේ හිත පුරා ඇඟ පුරා දිව්වේ අපි දිනන්න ඕනේ කියන එක .... හරි අපේ කැපකිරීමේ ප්‍රතිපල අද අපිට ලැබිලා .... අද උදේම රැස්වීමට අපිව වෙසටර්න් බෑන්ඩ් එකෙන් පිළිගෙන එක්කන් ආවේ මුලු ඉස්කෝලෙම ළමයි මැඩම්ලා සර්ලා හිනාවෙවී අපිට අත්පුඩි ගහනකොට ... දෙවියනේ මේවගේ ප්‍රශංසා ලබන එක නෙමේද පාසල් ළමයෙක් විදියට තියෙන ලොකුම වටිනාකම ..... මං බලාගෙන කොල්ලෝ හැම එකාම හිනාවෙවී හිටියත් ඇස් වල කඳුලු වැල් පිරිලා තිබ්බා ... අපේ හැමෝගෙම හීනේ ... අපි ඒක කලා ....

_~ අහස් රාගය ~_Hikayelerin yaşadığı yer. Şimdi keşfedin