35.

44 17 182
                                    

මේ වෙලාවෙ වොනියි ෆිලික්සුයි හිටියෙ ගෙස්ට් හවුස් එකේ පහළ තිබුණු හොට් වෝට' ස්විමින්ග් පූල් එකට බැහැන් දෙන්නත් එක්ක නාන ගමන්.

Felix : අයියෝ ගිලෙන්නෑ වොනී ! බයයි නම් මගෙ කරේ එල්ලෙන්න.

Wonie : අනේ මේ පිස්සු කියවන්න එපා ! මට බය මම ගිලෙයි කියලා නෙවෙයි.

Felix : එහෙනම් මක්කටද ?

Wonie : මට බය මගෙ කන්නාඩි දෙක වතුරට වැටෙයි කියලා.

Felix : අයියූ කෙල්ලේ..! ඔය වීදුරු දෙකට ඔච්චරටම ආදරේද ඔයා? එතකොට මේ මම? මම කැළේද?

Wonie : නැත්තම් ! මේක නැතුව මට හරියට පේන්නෙත් නෑනෙ.

Felix : අන්න අන්න ඔයා වැරදියි සුදූ ! එකට දාහක් වුනත් මං කන්නාඩි අරන් දෙන්නම් ඔයා නැති කරගන්න ගානට.හැබැයි ඉතින් සේරටම කලින් මට ඔයාගෙ උත්තරේ කියන්නකො.

ෆිලික්ස් එහෙම කීවෙ පූල් එක මැද්දෙ  හිටගෙන හිටිය වොනීගෙ වටේ පීනන ගමන්.

Wonie : අයියෝ..! ඔයානම් මහ මෝඩයෙක් ලික්සි !! මං මෙච්චර කියලත් ඔයාට තේරෙන්නෙ නැද්ද? අයි ලව් යූ ! සරංහේයෝ !! සරංහම්නිදා !!!!!

Felix : නදෝඕඕඕඕ පණේ !!!

ෆිලික්ස් හැමදාම වගේ වොනීගෙන් එකම ප්‍රශ්නෙ අහන නිසා මේ පාර වොනී මහ හයියෙන් කෑගහලම කොල්ලට උත්තර දුන්නා.

ඒ අතරෙ වොන්ජුන් හිටියෙ සුපුරුදු පරිදි කාමරේට වෙලා පොතක් කියවන ගමන්.

හැබැයි ඉතින් කම්මැලිකම හින්දා කොල්ලා නොන්ඩි ගගහා හරි කාමරෙන් එලියට එන්න හිතුවා මේ වෙලාවෙ.

එයාට ඕනි වුනේ කකුලට පොඩි එක්සයිස් එකක් දෙන්න.මොකද කීවොත් ස්පෝට් කරන කොල්ලෙක් විදියට එකදිගටම ඇඳේ ඉන්න එකත් එපා වෙනවනෙ.

ඒක නිසා වොන්ජුන් හෙමීට හෙමීට පඩිපෙල් බැහැගෙන පහළට යන්න ගියා.

අන්තිමට කොල්ලා නතර වුනේ දෙවනි තට්ටුවේ.

ඒ වෙලාවෙ දෙවනි තට්ටුවේ කාමර දහ අටෙන් දාහතක්ම තිබුණෙ පොඩි කොල්ලොන්ගෙ සද්ද බද්ද වලින් පිරිලා ගිහින්.

ඒත් දොරත් හොඳටම ඇරිලා තිබුණු පස් වෙනි කාමරෙන් ඒ තරම් ලොකු සද්දයක් ඇහුනෙ නෑ.

LoST IN YoUR SoUL | Horror | Fantasy | 🌘Where stories live. Discover now