fourty

1.2K 219 32
                                    

"P-petal" ටේහ්‍යොන්ග් දුවගෙන ගිහින් ඇදලග දණ ගැහුවා.  "ඔහ් ගෝඩ් මගේ රෝස මල" ටේහ්‍යොන්ග් වෙව්ලන කට හඩකින් කිව්වම ජන්කුක් ගැස්සිලා ඇහැරුනා. ජන්කුක් ලොකු බෝල ඇස් ලොකු කරගෙන ටේහ්‍යොන්ග් දිහා පුදුමෙන් බලාගෙන හිටියා.

"කූ ඔහ් ගෝඩ්" ටේහ්‍යොන්ග් දණ ගහගෙන ඉස්සරහට ගිහින් ජන්කුක්ගේ අතින් ඇල්ලුවා. ජන්කුක්ගේ අත රස්නෙයි ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ සිනිදු අල්ල තොල් වලට තියා ගත්තා.

"ට්-ටේ" ජන්කුක් මම්ගේ උකුලෙන් හිමින් ඔලුව උස්සලා ඉද ගත්තා. "කූ" ටේහ්‍යොන්ග් ජන්කුක්ව ඇදලා අරගෙන බදා ගත්තා. ජන්කුක්ගේ උකුලේ තිබුන ෆෝන් එක ඇදට වැටුනා.

"ඇයි මෙහෙම කරේ" ටේහ්‍යොන්ග් ජන්කුක්ව තද කරලා බදා ගත්තා. "මම කිව්වා කූ" ටේහ්‍යොන්ග් ජන්කුක්ව ඈත් කරලා ජන්කුක්ගේ මූණ අත් දෙකට ගත්තා. ටේහ්‍යොන්ග්ගේ ඇස් කදුලු වලින් දිලිසුනා. "මම කිව්වා මට කතා කරන්න අවස්ථාව දෙන්න කියලා මම කොච්චර බය වුනාද දන්නවද අහ්?" ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ මූණ ලගටම ගත්තා. ජන්කුක් බෝල ඇස් ලොකු කරගෙන බලාගෙන හිටියා.

"ඇයි මාව මෙහෙම බය කරන්නේ, මම හිතුවේ මේ වතාවේ අහ්" ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ මූණ හැම තැනම කිස් කරා. මම් ඉන්නවා කියලා දෙන්නටම පොඩිවත් මතකයක් තිබුනේ නෑ. ටේහ්‍යොන්ග් පිස්සුවෙන් වගේ ජන්කුක්ගේ මූණේ එක තැනක්වත් මග අරින්නේ නැතුව කලබලෙන් කිස් කරා. ජන්කුක් යටි තොල හපාගෙන කදුලු පාලනය කරගෙන හිටියා.

"ඔහ් මයි ගෝඩ්! මම තාම මෙතන ඉන්නවා" මම් හයියෙන් කිව්වම ජන්කුක් ඈත් වුනා. ටේහ්‍යොන්ග්ගේ ලොකු අත් දෙකෙන්ම මූණ වහගෙන ජන්කුක් ටේහ්‍යොන්ග්ගේ උරහිසට බර වුනා. ටේහ්‍යොන්ග් හිනා වෙලා ජන්කුක්ව බදා ගත්තා.

"ඔහ් දැන් ලැජ්ජ හිතිලා" මම් ජන්කුක්ගේ පිට අතගෑවා.

"මම්!!!" ජන්කුක් ටේහ්‍යොන්ග්ගේ බෙල්ලේ මූණ හංග ගත්තා. ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ බෙල්ල පිටිපස්ස හිමින් අතගාන ගමන් මම් දිහා බලලා හිනාවුනා.

"මම් ඔයාට තිබුනා මට කියන්න ජන්කුක් ඔයා ලග කියලා, දන්නවද මම පිස්සෙක් වගේ කූව ලෝකේ වටේම හෙව්වා"

what happen to the NERDY ||vkook||Where stories live. Discover now