ඒ කඳුලු පිරුණ ඇස් උතුරන්න හරි ලඟයි. අඬන්න ලං වුන රතු වුන කම්මුල්, දත් වලට හැපුන මම කොච්චරවත් ඉම්බ ඒ තොල් මට සෑහෙන්න මිස් වුනා. තව දවසක්, එක පැය විසිහතරක් පරක්කු වුනා නම් පිස්සෙක් වෙන තරම් මට මගෙ මැණික මිස් වුනා. මගෙ පපුව එයාට ආදරේ කරන්න පටන් ගත්ත පළවෙනි දවසටත් වඩා වේගෙන් ගැහෙනවා. මගෙ වීනස්....." අ..ග්...ර "
ඉකියක් වෙලා පිටවුන, සද්දෙ නෑහෙන ඒ තොල් වල මිමිණිල්ලට මම හෙමින් ඔලුව උඩ පහල වැනුවා. මගෙ ඇස් වල කඳුලු නම් එයාටත් වඩා ඉක්මනට පල්ලම් බැහැලා ඉවරයි. බොඳ වෙලා පේන ඒ රූපය හරියට දකින්න මම අතෙන්ම මගෙ කඳුලු පිහදගත්තා. මං දිහා බලන් ඉන්න එයාට මගෙ පපුවට දුවලා එන්න කියන්න වගේ මම අත් ඈත් කලත් එයා තවත් බලන් ඉන්නවා. දුවන් එන්න ඕනි වුනත් ගල් වුන මගෙ සුරදූතයට මම ඔලුවෙන් එන්න කියලා කතා කලා..
" අ..ග්‍ර"
"එන්න මගෙ මැණික. එන්න මං ගාවට. තවත් ඔහොම ඈතින් ඉන්න එපා බං. මට පිස්සු හැදෙයි තවත් උබ මගෙ පපුවෙ නොහිටියොත්. "
ලොකු සද්දෙකින් නොවුනත් මම කිව්වෙ ඒකා ඈතින් ඉන්න එක දරාගන්න බැරුව වෙද්දි, ඊළඟ තත්පරේ වීනූ වේගෙන් දුවන් ඇවිත් මගෙ පපුවෙ නැවතුනා. හරියට අවසරේ ලැබෙනකන් හිටියා වගේ. ඇවිත් තුරුලු වුන වේගෙට ඉස්සරට වඩා කෙට්ටු වෙලා හිටිය මම අඩියක් පිටි පස්සට විසි වුන මාව අත්දෙකෙන්ම හුස්ම ගන්න බැරි තරම් තදේට බදාගෙන පොඩි එකෙක් වගේ එයා අඬනවා.
ඇඳන් හිටිය ෂර්ට් එක විනිවිද ගිහින් ඒ සීතල කඳුලු පපුවට දැනෙද්දි පිච්චෙනවා වගේ. එයා කොච්චර දුකක් උහුලන්න ඇතිද කියලා පේනවා. මගෙ බෝලෙ හිටියගෙන් බාගයක් වගේ. මේකත් නොකා නොබී දුක් විඳින්න ඇති.
අත් දෙකෙන් පරිස්සමට තුරුලු කරන් ඒ ඔලුව පුරාම තොල් තිය තිය ඉම්බ මම අන්තිමට ඒ රතු වුන කම්මුලකට අත තියලා උඩට ඉස්සුවා..
"මගෙ මැණික බං උබ."
ඇහෙන නෑහෙන ගාණට මම මිමිණුවේ එයාගෙ බෝනික්කෙක්ගෙ වගේ ඇස් වලට ආයෙ උණු කඳුලු පිරෙද්දි. මං ඒ නළල කියාගන්න බැරි ආදරෙන් කිස් කරද්දි වීනු ඇස් පියාගත්තා. තත්පර ගාණ විනාඩි වලට හැරෙද්දි එයාගෙ අත් වලින් මගෙ ෂර්ට් එක තද වුනා මිස මම ඈත් වුනේ නෑ. පොඩි දරුවෙක් වගේ සුවඳයි. එච්චර අහිංසකයි. මගෙ වීනූ පිස්සුවක් බං.
ESTÁS LEYENDO
නු ග්‍ර ව්.... 𓆸 [▪︎COMPLETED▪︎]
No Ficción❝ ﹏ මට මේක කියන්නකෝ අග්ර..බියුටි ඇන්ඩ් ද බීස්ට් එකේ කුමාරයා ශාපයක් නිසා එච්චර කැත රාක්ෂයෙක් වුනේ නැත්තම් බෙල් වගේ දුප්පත් කෙල්ලෙක් දිහා අඩුම තරමෙ බලයිවත්ද? ﹏ ❞ ❝ ﹏ මටත් කියනවා එහෙනම් රාක්ෂයා බෙල්ව හිර කරගෙන හිටියෙ නැත්තම් බෙල් රාක්ෂයා දිහා බලයිව...