"මින්ජි, ආහාර රැගෙන එනකොට ප්රවේසමෙන් තේරුනාද? කාටවත් මේ ගැන සැකයක්වත් ඇති වෙන්න ඉඩ තියන්න එපා."
සූබින් මින්ජිට කිව්වේ බටහිර මාළිගයෙන් පිටවූ මොහොතෙ.
"අහ් ඔබතුමා බය වෙන්න එපා. මම ආහාර රැගෙන එන්නෙ මුළුතැන්ගෙයි පිටුපසින්. බටහිර මාළිගයට කවුරුත් යන්නෙ නැති නිසා හොරෙන් කාටවත් අහු නොවී මට එන්න පුළුවන්."
මින්ජි විශ්වාසයෙන් කිව්වම සූබින් හිස වැනුවා.
ඒත් ඒ දේවල් එහෙම විශ්වාසයෙන් කියන්න පුළුවන්ද? විශේෂයෙන් එයාලගෙ හැසිරීම ඕනකමින් නිරීක්ෂණය කරන්නෙක්ට මින්ජිව පහසුවෙන්ම අහුවෙන්න පුළුවන්.
ඒ වගේම මින්ජිව අහුවුනා.
ඒ මින්ජි ගැන විමසිල්ලෙන් හිටපු අගබිසවගේ ප්රධාන සේවිකාවට.
"කොහෙද තමුන් යන්නෙ?"
සාමාන්ය ආකාරයට සැකයක් නොහිතෙන විදිහට ආහාර ඇසුරුම් ටිකත් අරගෙන උදේම බටහිර මාළිගයට පිටත් වෙන මින්ජිට ඒ හඬ ඇහිලා ගැස්සිලා පිටුපස හැරුනා.
ඒ අගබිසවගේ ප්රධාන සේව්කාව කියලා දැක්ක මින්ජි කලබල වුනත් එයා ඒක පිටතට නොපෙන්වා ඉන්න උත්සාහ කරමින් වචන හෙව්වත් එයා ඒකට අසාර්ථක වුනා. සේවිකාව කටකොනකින් හිනාවුනා.
"මොනවද මේ? ආහාර නේද?" සේවිකාව ඇහුවේ මින්ජිගේ අතේ තිබුනු ආහාර පිරුනු ගමන් මලු දිහා බලන්. එළකිරි පිරවූ වීදුරු බෝතලයකුත්, පලතුරු මල්ලකුත්, තවත් ආහාරත් මින්ජිගෙ අත් දෙකේම පිරිලා තිබුනා.
මේ අතරේ මින්ජි එයාගෙ හිතට ධෛර්යය අරන් හිස කෙලින් කරගත්තා.
"ඔ-ඔව් මේ ආහාර තමයි. මං යන්නෙ මාළිගයෙන් පිටතට, මගෙ ආච්චි අම්මටයි මම මේවා ගෙනියන්නෙ."
"ඔයාගෙ ආච්චි අම්මා ගැබ් ගෙනද ඉන්නෙ මෙතරම් ආහාර රැගෙන යන්නෙ? රාජකීයන් පවා ආහාර සීමා කරලා තියෙන මොහොතක මාළිගයේ ආහාර පිටතට රැගෙන යන්න තහනම් නේද හහ්?"
සේවිකාව කිව්වම මින්ජි අපහසුවෙන් කෙළ ගිල්ලා.
"ස-සමාවෙන්න මට, අදට විතරක් මං ඒවා රැගෙන යන්නද? අ-අද ආච්චි අම්මට අසනීප නිසා ආහාර පිසින්න බැරුව ඉන්නෙ එ-ඒකයි." මින්ජි බොරුවක් ගොතලා කිව්වම සේවිකාව කටකොනකින් හිනාවුනේ දැනටම ඒක බොරුවක් කියලා දැනගෙන.
YOU ARE READING
Prohibition Of Empire 👑✨️ || (Complete)
Fantasyඅහිංසක ජීවිත දහස් ගනන් බිලි ගනිමින් කාලාන්තරයක් තිස්සේ පැවත එන වෘක වැම්පයර් වෛරයේ අවසානයේ මුදුන්මල්කඩ ඔහුය.. සහකරුවෙකු නොමැතිව දුක්විඳි අධිරාජ්යයයෙකුට තම අසීමිත ප්රේමය පුදකරේ ඔහුය.. අධිරාජ්යයේ ආදරණීයම මිනිසාගේ ආදරය ලබන්නට තරම් වාසනාවන්ත වූයේ ඔහ...