"අපෙ නිලමෙට පුළුවනෑ මේ අවු කාස්ටකේ වැඩ කරන්න... ඔන්නොහෙන් ඈඳිගෙන ඉන්න බැරුවද නිලමේ?" සීයා කෙනෙක් ඇවිදින් ඇහුවෙ හිතවත්කමටත් වඩා මහ කුමාරිහාමිට තියෙන බයටදෝ කියලා මට කල්පනා වුණා... ඇයි ඉතින්, මහකුමාරිහාමිගෙ රෝස කැකුල මඩ කරියා වගේ කුඹුරක බැහැගෙන ඉන්නවා දැකලා මහ කුමාරිහාමිට පපුවෙ කැක්කුමක්වත් ඇල්ලුවොත් එහෙම...
"අත්තම්මා මුකුත් කියන්නෑ අත්තෙ... මං මේකට කැමතියි... ආයෙ මට යන්ඩ කියලා බල නොකලොත් හොඳයි!"
ඒ වුණාට පොඩි නිලමෙටනං එවුවා තඹේක ගාණක් නෑ... මනුස්සයා මාත් එක්ක වචනයක්කත් කතා කළෙත් නැතුව තමා ඉන්නෙත්... ඒත් ඇඹුලෙන් සප්පායං වුණත් හරි පොඩි නිලමෙ ආයෙ වලව්ව දිහාවනම් බැලුවෙවත් නෑ... අර ඇඹුල ගෙනාපු කෙල්ලො පේළියටත් රව රවා මගෙ පිටිපස්සහින්ම වැටිලා හිටියෙ....
මොනා වෙලාද මන්දා... මං දෙතුන් පාරක්ම ඇස් කොනින් බැලුවට ආයෙ මූණ දිහාව කෙලින් බලන්න ගියෙත් නෑ... ඉස්සෙල්ලා ගස්සගෙන ගිහපු විදිහට තාමත් තරහෙන්ද දන්නෑනෙ....
ඒත් මං මෙ අහස පොළව ගැටගගහා කල්පනා කළේ පොඩි නිලමෙට ඔච්චර තරහා යන්ට මං කරපු වැරැද්ද මොකද්ද කියලා...
"ආ අයියෙ!" ඒ අස්සෙ තමා අපෙ මල්ලිත් උප්පිඩ ගොඩක් උස්සගෙන මට කිට්ටු කරේ... පොඩි නිලමෙත් ටිකක් ඈතින් එනවා...
"මේ, මොකද හලෝ අර නිලමෙට තරහා ගිහින්? තමුසෙ මොකක් හරි වැරැද්දක්වත් කරාද ඈ?" මල්ලි කොහොම මගෙ හිත කියවනවද මන්දා... හැබැයි ටක්කෙටම හිතේ තිබ්බ ප්‍රශ්නෙ කොල්ලා එළියට දැම්මා නෙව!
"මාත් ඒක තමා මේ කල්පනා කරන්නෙ..." මං මිමිණුවා වුණාට මල්ලිටත් ඒක ඇහෙන්නැති.... ඒක තමා තව පාරක් පොඩි නිලමෙ දිහාව පිටිපස්සහ හැරිලා බලලා මං දිහාවත් බැලුවෙ!
"ආ හරිනෙ!" මල්ලි එකපාරම උගෙ නිදහස් අත නළලෙ ගහගනිද්දි මං උඩ විසිවුණා...
"මොකද්ද බං වෙලා තියෙන්නෙ?"
"මට දැන්නෙ සීන්නෙක තේරුනේ!" මල්ලි කියද්දි මුකුත් නොදන්න මං උඩ බිම බැලුවා...
"මොන ජාතියේ සීන්නෙකක් ගැනද කියන්නෙ ඔය?"
"ඇයි මගේ බුද්ධිමත් අයියෙ, තවුසෙ පොඩි නිලමෙව තරහා ගස්සලා නේන්නං!"
BẠN ĐANG ĐỌC
ලන්දේ උකුල උඩ | Sinhala BL
Tiểu Thuyết Chungපොඩි නිලමෙ තරම් ආදරණීය මනුස්සයෙක් මට කවදාවත්ම මුණගැහිලා නෑ... මට විශ්වාසයි, කවදාවත් මට තවත් ඒ තරම් ආදරණීය හදවතක් මුණගැහෙන්නෙත් නෑ... කල්හාර මල් පාට නෑ කිව්වට, ඉබේටම පිපිලා, ඉබේටම පරවෙලා යනවා කිව්වට, කැලේ පිපුණ මලක් වුණ මට ජීවත් වෙන්න හුස්ම දුන්නෙ පස...