පළමු දිගහැරුම

585 54 150
                                    


"වූෆ්... "
මෙච්චර වෙලාවක් පයින් ඇවිදන් එන ගානට ආව කබල් ගල් අඟුරු දුම්රියක ආව ජන්කුක් හුස්මක් පාත දාලා තමන්ගෙ ගමන් මල්ල කරේ දාගෙන කැමරාවයි අනිත් බඩු ටිකයි තිබුණ බෑග් එක අතට ගත්තා...

ඉපදුණු දවසෙ ඉඳලා ම නිව්යෝර්ක් වල ඉලෙක්ට්‍රික් ට්‍රේන්ස් පුරුදු ජන්කුක්ට කාබුල් වල ඉඳලා ඇෆ්ගනිස්ථානයේ හද්ද පිටිසර ගම්මානෙකට එන්න තිබුණ එකම විදිහ වුණ ගල් අඟුරු දුම්රියෙ ගමන මුලදි වෙනසක් එක්ක විනෝදකාමී වුණත් දුම්රියෙ ආව මිනිස්සුන්ගෙ කිසිම හැදියාවක් නැති හැසිරීමත් පැය දහයක විතර ගමන් කාලයත්...ඒ ගමන පුරාවට යන්තන් නින්ද යාගෙන එද්දී ඇහැරවලා තැන් විස්සක විතර මඟීන් පරීක්ෂා කරන්න කියලා නතර කර කර හමුදාවෙන් සෝදිසි කරද්දි ඒ වෙලාව පැය පහළොවකට විතර ඇදුණ එකත් නිසා ජන්කුක්ට මේ ගමන එපා වුණා...

ඒ ගමන පුරාවට යන්තන් නින්ද යාගෙන එද්දී ඇහැරවලා තැන් විස්සක විතර මඟීන් පරීක්ෂා කරන්න කියලා නතර කර කර හමුදාවෙන් සෝදිසි කරද්දි ඒ වෙලාව පැය පහළොවකට විතර ඇදුණ එකත් නිසා ජන්කුක්ට මේ ගමන එපා වුණා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජන්කුක්...ජියෝන් ජන්කුක්...හාෆ් කොරියන් හාෆ් ඇමරිකන් දරුවෙක් වුණ ජන්කුක්ගෙ අප්පා කොරියානු යුධ හමුදාවෙ ඉහළ තනතුරක් දැරුවා... ඇමරිකන් ජාතික කාන්තාවක් වුණ ජන්කුක්ගෙ මමා ලෝකෙ මුල්ම අංක කීපෙන් එකකට ත්බුණ ව්‍යාපාර ජාලයක තනි හිමිකාරිය විදියට බිස්නස් ලෝකෙ කැපිලා පේන චරිතයක් වුණා...

ඒත් පවුලෙ එකම දරුවා වුණ ජන්කුක් ආස කළේ මාධ්‍ය ආයතනයක මාධ්‍යවේදියෙක් විදියට වැඩ කරන්න... ජන්කුක්ගෙ ගෙදරින් ජන්කුක්ට නීති තිබුණෙ නෑ... කැමති දෙයක් කරන්න නිදහස තියෙද්දි ජන්කුක් කළේ අප්පා එක්ක කොරියාවට හමුදා පුහුණුව ලබලා ඒ අත්දැකීම් එක්ක ඇමරිකානු යුධ හමුදාවෙ මාධ්‍ය අංශයට බැඳුණු එක...හමුදාවෙ ඉහළ නිලයකට යන්න සුදුසුකම් තිබුණත් ජන්කුක් මඟින් නතර වෙලා මාධ්‍ය අංශයට බැඳුණා...

නොහිමි...Where stories live. Discover now