විසල් ගෝර්යෝ මාලිගය දැඩි නිහඬ බවක ගිලී තිබුනා! නමුත් දාසියන්ට වෙන්ව ගිය පෙදෙසෙහි වන එක් කුටියකින් වේදනාත්මක කෙදිරුම් පැතිරෙමින් තිබුනා!
දෙපසට විවරව ගිය කුඩා කව්ළු පියන්පත් අතරින් හමාගෙන එන සිසිල් සුලග අතර සැගවගත් නොසන්සුන් බවක් වද්දි, ඔමේගාවකගේ සිරුර තෙත් කර තිබූ දහදිය පිසලීමට පමණක් එම සුළඟ නොසන්සුන්ව තිබූ බව හෙලිවී තිබුනා!
ඉඩ පහසුකම් සීමිතව තිබූ කුටිය අඳුරෙහි ගිලී තිබෙද්දි විවරව ගිය කව්ලුව තුලින් ගලන සඳ කිරණ මඳ වශයෙන් එම කුටිය ආලෝකමත් කර තිබුනා!
අඳුරු කුටිය තුලින් නැගෙන වේදනාත්මක කෙදිරිලි කෙමෙන් කෙමෙන් උත්සන්න වෙමින් මාලිගය පුරා වේදනාත්මක විලාපයක් පැතිරීමට ඇරඹෙද්දි එම විලාපය පරයමින් මාළිගයෙහි ඉදිරි ද්වාරය අසලින් නොසන්සුන් හඬක් නැගී තිබුනා!
හන්සු!!!
අධිරජුන්ගේ මාලිගය හරහා දාසියන් වෙනුවෙන් තනා තිබූ නේවාසිකාගාරය තෙක් දිවගිය රාජකීය ඔමේගාවගේ හඬ මාලිගය පුරා විහිදෙද්දි ඔහුගේ සවන වැකුනු වේදනාබර හඬ පැමිණෙන කුටිය තුලට පිවිසිය රාජකීය ඔමේගාවන් ඔහුගේ නීල නෙතු අදුර අතරින් නොයිවසිල්ලෙන් දුවවමින් තිබුනා!
හන්සු!!!!!
දෑත් දෙපසට විහිදුවා මෙන්ම පාද එකට එක් කොට ගැටගසා තිබූ හන්සුව දැකීමත් සමඟම ඔමේගාවගේ ලවන් අතරින් හැඩුම් පිටවද්දි ඔහු තමාවම පාලනය කොට ගනිමින් හන්සු වෙත දිව ගොස් ඔහුව මුදවාලීමට ගෙන තිබුනා!
හන්සුගේ දෑත් වලට ප්‍රතමව ඔහුගේ දෙපා මුදවාලූ රාජකීය ඔමේගාවගේ නීල දෑස් කදුලින් බරව තිබෙද්දි හන්සුගේ දෙපා නිදහස් කල පමනින් ඔහුගේ වස්ත්‍රයන් එම කුඩා සිරුරින් ඉවත් කිරීමට ගෙන තිබුනා!
මා... මා නුඹ වෙනුවෙන් පැමිණියා හන්සු!! මදක් ඉවසන්න.. මා-- මා සිටිනවා නුඹ වෙනුවෙන්! මදක් ඉවසන්න පුතුනි..!
أنت تقرأ
𝙱𝙻𝚄𝙴 𝙼𝙾𝙾𝙽 (Jikook)
أدب الهواةනපුරටම බැදිලා ගිය හදවතක්... තද රතුටම හුරු ඇස් දෙකක්... විලාප වලට සංවේදී දෙසවනක්... රාජ්‍යයට පායපු 'ලේ හදක්'... හා සටන් වදින නිල් හදක්... කායාව... ගෝර්යෝ, බෙක්ජේ, ශිල්ලා කියන බලවත් රාජධානි අතර තිබුනු පුංචි රාජ්‍යයක්! කායාව දුර්වල රාජ්‍යයක් වෙන්න...