"පොඩි නිලමේ! පොඩි නිලමේ!" මං දෙතුන් වංගියක්ම කතා කරේ මගේ උකුල උඩ නිදන් උන්නු පොඩි නිලමෙට වුණත්, පොඩි නිලමෙ හොඳ හැටියට ඇස් දෙකත් පියාගෙන නිදි!
"ඔහොමම ඉන්ඩ දෙන්න රංගනාත්! මහන්සි ඇති... කොහොමත් තව ටිකකින් අදට වැඩ ඉවරනෙ..." මං පොඩි නිලමෙට කතා කරන විදිහ බලන් උන්නු අභය නිලමෙ මං දිහාවට හැරිලා කියද්දි අපෙ මල්ලිත් පණ්ඩිතයා වගේ ඔලුව වනනවා මං බලාගෙන...
මාත් මොකුත් නොකියම ආයෙම පසඳුල් නිලමෙ දිහාව බැලුවා... කතාකරේ ඇහැරවන්න හිතාගෙනත් නෙවෙයි මම... ඇත්තටම නින්ද ගිහින්ද කියලා තහවුරු කරගන්ට...
වෙන වෙලාවල්වලට කොච්චරවත් "රංග!" කියාගත්ත ගමන් මගේ පිටිපස්සෙන්ම දුව දුව එන පොඩි නිලමෙ මගේම උකුලෙ හරිම නිස්කලංකෙට ඇස් දෙක පියාගෙන ඉන්න දිහාව මං බලන් හිටියෙ කමතෙ වැඩවලටවත් අවධානෙ යොමු නොකර... ඇහැරලා ඉන්න වෙලාවටනම් කොහොමද සද්දෙ! කොයි වෙලෙත් කැමරාව වගේ මං දිහාවටම ඇහැ ගහගෙන ඉන්නෙ... හොස්ස ළඟින් මැස්සා යන්න බෑ.... අද දවල් දැක්කෙ නැතෑ!
ඒ වුණාට දැන් නිදන් ඉන්න හැටි... සිල් ගත්ත උපාසක බළලා වගේ... ඔලුව රිදෙනවා ක්යලි ඇස් දෙක පියාගත්තු නිසාම මං නිලමෙගෙ කෙස් අතරින් සැරින් සැරේට හෙමිහිට මගෙ ඇඟිලි තුඩු අරන් ගියා... මං දන්නෑ මගෙ කරගැට වැටුණු අත්වල තියෙන්නෙ මොන සනීපයක්ද කියලා... ඒත් පොඩි නිලමෙට නින්ද ගිහින් තිබුණෙත් ඒ නිසාමයි කියලා මට හිතුණා...
මං තව දුරටත් හෙමිහිට පොඩි නිලමෙගෙ ඔලුව පිරිමදින ගමන් නිලමෙව නිරීක්ෂණය කරා... ලොඩි නිලමෙට තිබුණෙ ඝනකම ඇහිබැම වුණත් ඒවා අමුතුම ලස්සනකට තිබුණෙ... ඒ ඇහිබැම දෙපැත්තෙ ඉඳන් දුවගෙන ඇවිත් නළල මැද්දෙදි යාන්තමට වගේ එක්කහු වෙනවා... එහෙම තියෙන අය නපුරුයි කියලා මං අහලත් තියෙනවා... මන්දා, පොඩි නිලමෙ නපුරුයි කියලා මටනම් කවදාවත් හිතිලා නෑ... හැබැයි, එයා සැරයි! මොනා කිව්වත් මාත් බය ඒකනෙ!
ඒ ඇහිබැමට යටින් ඇස් පිහාටු හුඟක් දිගට තිබුණ පොඩි නිලමෙගෙ ඒ ඇහි පිහාටුවලට යටින් නොපෙනෙන ව්දිහට වැහිලා තිබුණෙ නිල් මැණික් තරම් ලස්සන ඇස් දෙකක් නේද කියලා මට මතක් වුණා... විභාගෙ ඉවර වුණායින් පස්සෙ නිලමෙ කොණ්ඩෙත් යම් තරමකට වවලා තිබුණෙ... දැන් මෙහෙම නිදන් ඉද්දිත් කොණ්ඩ කෑලි හරීයට රූටලා ඇවිත් නළලෙනුත් එහා කම්මුල්වලටත් වැටෙනවා... මං කොච්චරවත් සැරින් සැරේ ඒ කළු කොණ්ඩ කෑලි එහා මෙහා කරත්, ඒ කොණ්ඩ කෑලිත් පොඩි නිලමෙගෙ ජාතියෙම නේද කියලා මට ටිකකින් ආයෙම මතක් වුණා... ඔව් ඔව්, නාහෙට අහන්නෑ!
ВЫ ЧИТАЕТЕ
ලන්දේ උකුල උඩ | Sinhala BL
Художественная прозаපොඩි නිලමෙ තරම් ආදරණීය මනුස්සයෙක් මට කවදාවත්ම මුණගැහිලා නෑ... මට විශ්වාසයි, කවදාවත් මට තවත් ඒ තරම් ආදරණීය හදවතක් මුණගැහෙන්නෙත් නෑ... කල්හාර මල් පාට නෑ කිව්වට, ඉබේටම පිපිලා, ඉබේටම පරවෙලා යනවා කිව්වට, කැලේ පිපුණ මලක් වුණ මට ජීවත් වෙන්න හුස්ම දුන්නෙ පස...