• CHAPTER 38 •

470 76 37
                                    

උදේ එලාම් එකට ඇහැරුනත් නිදිමතයි මහන්සියයි දෙකම නිසා මං තව පැය භාගයක් විතර නිදාගත්තා.. අන්තිමට 5.00 ට තිබ්බ එලාම් එක වදිද්දි අයියා කාමරේට ඇවිල්ලා මගෙ පස්සට පාරක් ගහලා මාව නැගිට්ටවල බාතෲම් එකට යැව්වා.. නිදිමතයි ඒ උනාට අදත් රෑ 11 වත් වෙයිනෙ ගෙදර එද්දි.. ඊටපස්සෙ හෙට අදින්න ඕනෙ රෙදි හදලා අරන් යන්න ඕන එව්වා ලෑස්ති කරලා නිදාගනිද්දි 12 වත් වෙයි..

මං මූණ හෝදගෙන යුනිෆෝම් එකත් ඇඳගෙන බෑග් එකට පොත් දෙකකුත් දාගත්තා.. පොත් ගෙනිච්චට වැඩක් නෑ උගන්නන්නෙ නෑ ඒත් ඉතින් කෝකටත් තෛලෙ කියලා දාගත්තා.. බොටම් එකයි ටී ශර්ට් එකකුත් ගත්තා.. ඔක්කොම ලෑස්ති කරගෙන ෆෝන් එකත් අරගෙන පහලට යද්දි අයියා සැන්විච් හදලා..

" ටේ මේකෙන් අරගෙන කාලා ඔයාගෙ කෑම පෙට්ටියටත් දාගන්න මෙන්න වතුර බෝතලෙ, මං ගිහින් ඇග හෝදන් ලෑස්ති වෙලා එන්නම්.. "

" හරි අයියෙ.. "

මට කන්න කියලා අයියා ලෑස්ති වෙන්න ගියාට පස්සෙ සැන්විච් එකක් කන ගමන් මගෙ කෑම පෙට්ටියත් දාගෙන ඒකයි වතුර බෝතලෙයි ත් බෑග් එකට ඔබාගත්තා.. අයියා එනකම් ටීවි එක දාගෙන බලන ගමන් ඉතුරු පාන් ටිකත් කද්දි අයියත් ලෑස්ති වෙලා ආවා..

" ඔක්කොම හරිනේද චූටි.. ෆෝන් එක ගත්තනෙ.. කෑම කෑවද.. "

" ඕ ඔක්කොම ගත්තා.. ඔව් ඔයාටත් ඉතුරු කරලා කෑවා.. "

" හරි එහෙනම් යමු බෑග් එක අරගෙන එලියට යන්න.. "

මං එලියට ගියාට පස්සෙ අයියා දොරවල් ජනෙල් ලොක් කරලා මමත් වාහනේට නැග්ගට පස්සෙ ජිමින්වත් උන්ගෙ ගෙවල් ලගින් අරගෙන අපි කෙලින්ම ආවේ ස්කෝලෙට.. ස්කෝලෙ ලගින් වාහනෙ නවත්තලා බහින්න කලින් ආයෙම මං අයියට මතක් කලේ අද රෑ වෙනකම් ඉන්නවා කියලා..

" මට මතකයි බං ඉවර වෙන්න ලං වෙලා කෝල් එකක් දෙන්න පරිස්සමෙන්.. මං යනවා.. "

" හරි අයියා ඔයත් පරිස්සමෙන්.. "

අයියා ගියාට පස්සෙ ජිමින් එක්ක ඇතුළට යද්දි යුන්ගි හෝසෝක් දෙන්නා හිටියෙ නෑ.. ඊටපස්සෙ පන්තියට ඇවිල්ලා බෑග් එක තියලා පන්තිය පොඩ්ඩක් අතුගාලා මං ලෑස්ති උනේ මියුසික් රූම් එකට යන්න..

𝐌𝐲 𝐒𝐭𝐮𝐛𝐛𝐨𝐫𝐧 𝐁𝐨𝐲𝐟𝐫𝐢𝐞𝐧𝐝 [𝐓𝐊] ✓✓ Where stories live. Discover now