Part 14

74 5 2
                                    

" එහෙනම් මිස්ට මින්. ගනුදෙනුව ඒ විදිහටම සිද්දවෙයි. කෙල්ල මන් ලගට ආව ගමන් ම ඔයාගෙ account එකට ඩොලර් මිලියන 70ක් වැටෙයි. "

"හරි king.
ඔබතුමා එක්ක ගනුදෙනු කරන්න ලැබුනු එක සතුටක්. "

"එහෙනම් මන් යනවා. "

එහෙම කියපු ඩේමන් මිස්ට මින්ගෙ ගෙදරින් එලියට බැහැලා ගියා.

" එහෙනම් හනී....
අපි අන්තිමට ඒ කරදරෙනුත් නිදහස්...."

ඒ ජන්මිගෙ අම්මා. නැත්තම් මිසිස් මින්.

තමන්ගෙ එක ම දුව මේ වෙනකොටත් රෝහලේ ඇදක් උඩ කියලා නොදන්න ඒ අම්මා එයාගෙ සැමියා එක්ක මේ ලෑස්ති වෙන්නෙ තමන්ගෙ ම දරුවව ඩෙවෝන් ට විකුනන්න.

ජන්මි හිටියෙ තාමත් hospital එකෙ.
මේ වෙනකොට තරමක් හොද තත්ත්වෙන් හිටියත් ජින් නම් තදින් ම කිව්වෙ ජන්මිගෙ තුවාලෙ යන්තම් වත් වේලෙනකම් එයාට ගෙදර යන්න දෙන්න බෑ කියලා.

"ඔබෙ ආදරෙක ට
ආසයි
හේතු වෙන්නට.....
කාරි නෑ සද ......
ඔබ දැක....................

Hello "

කොරියාව ට ආවට පස්සෙ ම උන්නද මලාද කියලා හොයලා නොබලපු අම්මට එක පාර එයාගෙ දුවව මතක් උනේ ඇයි කියලා හිතන ගමන් ජන්මි කෝල් එක ආන්ස්වර් කරලා පෝන් එක කනේ තියා ගත්තා.

" හෙලෝ ජන්මි.
උබ මොන ලෝකෙ හිටියත් අද හවස් වෙනකොට සෝල් වල ගෙදරට වරෙන් .... "

" ඇයි ? "

ඊට වඩා උත්තරයක් දෙන්න පුලුවන් මානසික තත්වෙක ජන්මි මේ වෙලාවෙ හිටියෙ නෑ.
එයාට මතක් උනේ ම එයා මේ කතා කරන්නෙ එයාගෙ තාත්තා මරලා දාලා දේපල වෙනුවෙන් තමන්ව ඉත්තෙක් කරගත්ත කෙනා එක්ක නේද කියලා.

" හෙට උබේ කසාදෙ.
මන් ආයෙ කියන්නෙ නෑ.
උබ හවස් වෙනකොට ආවෙ නැත්තම් උබව හොයාගෙන ඇවිත් වටේ ඉන්න උන්වත් මරලා තමයි මන් උබව ඇදගෙන යන්නෙ . ඒක දැනගනිම්..."

එහෙම කියපු මිසිස් මින් පෝන් එක කට් කරල දැම්මා.

----- ----- ----- ----- ----- ----- ----- ----- ----- -----

න්ම්ජූන් ජන්මි හිටපු hospital room එකට ආවෙ ලොකු සතුටකින්. ඒ එයාගෙ ජන්මිට දැන් ගෙදර ගියා ම ලැබෙන ලොකු ම ලොකු suprice එක ගැන හිත හිත.
ඒත්....
නම්ජූන් hospital room එක ඇතුලට යද්දි ජන්මි බිම ඉදගෙන කකුල් දෙක අස්සෙ මූන හන්ගගෙන අඩනවා.

🐨:-" ජන්මි...
ඇයි මේ මැනික ? "

💕:- " ඔප්පා...
එ... එයා.... "

🐨:- " හරි මේ අහන්නකො කලබල නොවී අඩන්නෙ නැතුව කියන්නකො මට...."

💕:-" එයා... ඔම්මා...
එයා කිව්වා... ම...මන් හෙට...
එයා කියන කෙනාව බදින්න ඕන කියලා...
නැත්තම් හැමෝවම මරනවා කිව්වා.
මට බෑ ඔප්පා...
මට බෑ...
මන් ආදරේ ඔප්පාට...
මගෙ දරුවා නිම්හි ... මන් ගියොත් එයා තනිවෙයි ඔප්පා.
ඒ මගෙ ලේ නෙවෙයි වෙන්න ඇති.
ඒත් ඒ මගෙ දරුවා...
අනේ ඔප්පා මට බෑ ...
මගෙ ඔප්පවයි මගෙ දරුවවයි දාලා යන්න මට බෑ ඔප්පා..."

🐨:- " ශ්..... ශ්.....
මේ අහන්නකො මැනික...
ඔප්පත් ඔයාට ගොඩක් ආදරෙයි. කියාගන්න බැරි තරම්.
ඉතින් මන් ඔයාව කොහොමටවත් නැති කරගන්නෙ නෑ.
හරිද?
කෝ.... දැන් අඩන්නෙ නැතුව ඉන්න..."

එහෙම කියපු නම්ජූන් ජන්මිව පරිස්සමට තුරුලු කරගත්තා.

ඒත්.......

නම්ජූන් ගෙ ඇස් දැක්ක කෙනෙක් අනිවාර්යයෙන් ම සහතික කරයි.

ඒ ඇස් වලින් කියවුනේ විනාශයක් කියන එක.

ඒ කියන්නෙ ........
......... විනාශයක් අත ලගයි.....

-----------------------------

Hi kittens 🐱🖤

මන් ආආආආආආවාආ......

මේ කවුද දෙයියනේ මේ exame හොයා ගත්ත එකා...

දැන් ආයෙ exame එකක් ලු.

ඒ නිසා මන් මේ දවස්වල exame හොයා ගත්ත එකාව බැති සිතින් හරසරින් මතක් කරනවා.

ගොහින් එන්නම්......

Bay.......

:- Savage Kitty ♡

'°• Dear MAFIA •°' Where stories live. Discover now