🌹 පස්වන දිගහැරුම 🌹

1.3K 229 123
                                    

🌹 රෝ ස 🌹5

..

..

..

..

චූටී පුතා... ඉන්නවා ඔහොම ටිකක්...

හරි.. ඔන්න ශබ්ධ පූජාව පටන් ගන්න යන්නෙ...

හිතේ නිදහසින්... ඒ වගේම හිත සතුටින් තමන්ගේ ආට් කොලේජ් ගමන ගිහින් ඇවිල්ලා යන්තමින් හිනාවකින්ම ගෙට අඩිය තිබ්බ ශාන්ගේ ඇගත් වෙව්ලලා යන්න කෑ ගැහුවෙ වෙන කවුරුත් නෙවෙයි.. එයාගේ පපා ශියාඕ කායී...

ශාන්ගේ ඇග ඇතුලේ අවයව පවා වෙව්ලලා ගියේ ශාන් ඔහුගේ පියාට දක්වන බිය නිසා නම් නෙවෙයි.. ඒ හඩේ සද්දේ කන් දෙකත් බිහිරි කරවන සුළු නිසා...

මූණ දෙක කරන් උඩ තට්ටුවෙ ඉදලා මර ලතෝනී තියන් කෑ ගහගෙන එන ශියාඕ කායී ගෙ හඩට ශාන් විතරක් නෙවෙයි වලව්වත් එක්කම දෙදරලා ගියා කිව්වා නම් තමයි නිවැරදි...

හහ්... අප්පගෙ පාරේ යන බලු කික්කිත් ඉන්නෝනේ...

ශාන් කට කොණට හිනාවකුත් අරගෙන කෑ ගහන මනුස්සයට නිදහසේ කෑ ගහගෙන පඩිපෙල බහින්න ඉඩ දීලා කෑම මේසේ ලගට ගිහින් වතුර වීදුරුවක්ම බීගෙන බීගෙන ගියා..

මොන දේ කර ගන්න බැරි උනත් ශාන් දන්නවා ශාන්ගේ පියාට වලව්ව දෙදරන්න කෑ ගහන්නත් පුළුවන්.. ඒ වගේම තමන්ගේ වලව්වෙ පුරාජේරුව හරි ලස්සනට දවසක් උනත් කියවන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියලා නම්.. මේකත් එවැනි අවස්තාවක්..

ශාන් පාසලට ගිය පළමු දවසෙම මෙවැනි දෙයක් නම් බලාපොරොත්තු වුනා කිව්වොත් ඒක බොරුවක්.. ශාන් හිතුවෙ නෑ මේ විදියට පරක්කු වෙන්න.. ඒ වගේම තමන්ගෙ පියා මේ වගේ බෙරිහන් දෙයි කියලත් ශාන් හිතුවෙ නෑ..

නමුත්..

මොකද මල්ලී පරක්කු වුනේ .. තමුසෙ හිතුවද හතර අතේ ගිහින් තමුසෙට ඕන ඕන වෙලාවට මේ වලව්වට එන්න පුළුවන් කියලා... තමුසේ මේ අපේ වලව්ව අම්බලමක් කියලද හිතන් ඉන්නේ.. රෝන්දේ ගහලා එද්දි උයලා පිහලා කන්න බොන්න ලගින්න තමුසෙට දෙන්න.. මතක තියා ගන්නවා මල්ලි අපි වලව්කාරයෝ.. අපි හරි වැදගත් විදියට ගමේ ජීවත් වෙන මිනිස්සු.. ඔහොම හතර අතේ ඇවිදලා එක එක ත්‍රීවිල් කාරයෝ එක්ක වලව්ව ලගටම ඇවිල්ලා අපිට අවනම්බු කරන්නෙපා ඕයී...

꧁ රෝස ꧂                                              ✓ 𝕐ℤ ✓Where stories live. Discover now