Chapter 47

204 55 83
                                    

යුල් අමාත්‍ය! කුමක්ද නුඹ මෙහි කරනුයේ!?

කෙමෙන් දෑස් විවර කල ඔමේගාවගේ නීල නෙතගට තමා අසල වන අමාත්‍ය වරයකු හමුවද්දි කෙමෙන් ඇතිරිලි මතින් නැගිටගත් ඔහු අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කොට තිඹුනා!

ඔහ්! පරෙස්සමින් උතුමානෙනි..! මා හට සේවිකාවන් පවසනවා ඇසුනා අධිරජුන් නුඹට දරුණු ලෙස සැලකූ බව! මා හට කණගාටුයි උතුමාණෙනි..!

රාජකීය ඔමේගාවන් අභියස හිස නවාලූ අමාත්‍ය යුල් පවසන විට ඔහුගේ දෑස් අඳුරු පොලොව දෙසට බරව තිබුනා!

ස්තුතියි නුඹගේ කණගාටු හැගීම් වෙනුවෙන් අමාත්‍ය යුල්! නමුත් ඔහුත් මාත් සහකරුවන් නිසාවෙන් අපගේ පෞද්ගලිකත්වය කෙරෙහි කණගාටුවීමට අවැසි නැහැ නුඹ!

රාජකීය ඔමේගාවන් පවසාලද්දි පොලොව දෙසට නෙත් යොමා සිටි අමාත්‍ය යුල්ගේ මුවඟ නපුරු සිනහවකින් වැසීගොස් තිබුනා!

මා හට ක්ෂමා කරන්න උතුමානෙනි..! නමුත් අධිරජුන්, වෛශ්‍යාවන් ඉදිරියෙහි නුඹව නර්තනයෙහි යොදවා නුඹවත් වෛශ්‍යාවක..ගේ ස්තානයෙහි තැබීම මා කෝප කරලූවා!

ඔහුයි නුඹව කායාවේ සිට බලහත්කාරයෙන් මෙහි රැගෙනාවේ! ඔහුයි නුඹගේ අකමැත්ත මතම නුඹව දූෂනය කරලූයේ! ඔහුයි නුඹව සියල්ලන් ඉදිරියෙහි අපහසුතාවයන්ට පත් කරලූයේ! ඔහුයි නුඹව ප්‍රයෝජනයට ගනුයේ!

හා මා දැනුවත් නුඹ ගෝර්‍යෝ ජනයාට කෙතරම් සේවයක් කෙරුමට සැරසෙනුදැයි..! නමුත් මෙවන් කෲර පාලකයෙකුට නැහැ නුඹවන් පූජනීය ඔමේගාවක වටිනාකම වනුයේ! නුඹ කායාවෙහියි සිටිය යුත්තේ උතුමාණෙනි! නොමැති නම් නුඹයි ගෝර්‍යෝවෙහි අධිරජුන් විය යුත්තේ!

𝙱𝙻𝚄𝙴 𝙼𝙾𝙾𝙽 (Jikook)Onde histórias criam vida. Descubra agora