" කෝ නිතුමෝ අපි ආව පාර...
මෙතන මීදුමයි ගසුයි විතරයිනේ බන්...දැන්නම් බයත් හිතෙනවා "" බය නැතුව හිටපන් සස්මිතයො.. අපි මෙතනින් කොහොමහරි පැනගම්මූ.. මීදුම නිසා පාර වැහිලා ඇති.."
සස්මිත, සමීර, ෂෙහාන් විතරක් නෙමෙයි යසිරු පවා සෑහෙන්න බය වෙලා හිටියේ... මගේ හිතටත් බය කියන දේ නොදැනුනාම නෙමෙයී.. ඒත් මන් හිතට පුළුවන් තරම් හයිය අරන් කල්පනාවෙන් හිටියා.. මොකද මගේ වුවමනාව ආවා උනත්.. උන්ගේ ආසාවට ආව වුනත් ඒ තියෙන්නේ පණ ගැහෙන ජීවිත හතරක්.. මට මෙතන මොන දේ උනත් උන් හතර දෙනාව පරිස්සම් කරන්න වෙනවා...
" යසිරු උබ ටෝච් එක අරන් ඉස්සරහට යමන්කෝ.. මේ කොහේ හරි පාර ඇති.."
වටින් ගොඩින් ටික ටික අදුරූ වීගෙන එන නිසා මෙතනින් කොහොමහරි යාගන්න අපි ටිකෙන් ටික කැලෑව මැද්දට ගියා.. නොදන්න නුපුරුදු තැනක අතරමං වෙලා නිසාද මන්දා මරණ බය කියන එක ඕනවටත් වඩා දැණුනා...
" ඒ අපි එකම තැනනෙ බන් කැරකෙන්නේ සමීරයෝ..."
බෑග් එකත් පපුවටම තුරුලු කර ගන්න ගමන් ෂෙහාන් කිව්වා.. ඌ කිව්වා හරි අපි දැන් මේ පැය ගානක් තිස්සේ කැරකෙන්නේ එකම තැන.. කොහෙන් කොහෙට ගියත් අන්තිමට ඇවිත් නතර වෙන්නෙ පටන් ගත්තු තැනමයි..
හයත් පහුවෙන්න කිට්ටු වෙලා නිසාද මන්දා මුළු කැලේම අදුරු වෙලා.. තව ටිකක් රෑ වෙලා හිටියොත් අපි මේ මහ කැලේම අතරමන් වෙයි.. අන්තිමට අපිට ඉතුරු වෙන එකම විසදුම වෙන්නේ ආපහු වලව්වට යන එක... ආයෙමත් ඒ වලව්වට යන්න මුන් එකෙක්වත් කැමති නෑ කියලා කියලා දැන දැනත් මන් උන්ට කතා කලා..."ෂෙහානයෝ දැන් කරන්න දෙයක් නෑ බන්...එන්න එන්න කරුවල වැටෙන එකේ ආය වලව්වට යමු.."
YOU ARE READING
අනුරාග් (yizhan ) ✅
أدب المراهقينඔබට ආදරය කිරීම ගැන මා පසුතැවිලි නොවෙමි.. නමුත් ඔබ හට ඇබ්බැහි වීම ගැන මම මාහටම වෛර කරමි... රූත් 🌼🍃 2024/2/25