"උබලා අහලා තියෙනවද සමාන්තර
ලෝක කියලා ජාතියක් ගැන.. නැත්නම් මේ සැබෑ ලෝකෙන් සැගවුනු උබලා වගේ ඇට මස් ලේ නහර තියෙන මිනිස්සු ඉන්න ජනපද ගැන.... උබලා ඒ කතාවල් මිථ්‍යාවක් කියලා හිතන් හිටියට ඒ හැමදෙයක්ම ඇත්තක්..ම්ම්.. මන් මේ කියන හැමදෙයක්ම හොදට අහගනිල්ලා...".
.
.
.
.
වසර 300 පෙර...,
මිනිසුන් විශාල පිරිසක් රැස්වී සිටින භූමියක්.. බැලූ බැල්මට සටන් පුහුණුවන්නන්ගේ ස්ථානයක්.. වැලි අතුරා සකස් කරන ලද වක්‍රාකාර පොර පිටියක්.. ඒ මධ්‍යයේ පිහිටි ගොක් කොළ පහන් පැළක් හා එය වටා සිටින උඩු කය නිරුවත් කෙටි සුදු සරමකින් ගාම්භීර සැරසුනු පිරිමින්... මේ සෑම දෙයකින්ම මේ බිමෙහි පූජණීය බව හා පාරිශුද්ධ බව මැනවින් පෙන්නුම් කරයි..
සටන් කවය වටා සිටිනා සටන් ශිල්පීන්ගේ දාඩියෙන් පෙගී රත් පැහැයෙන් දිලිසෙන උඩු කය, ශක්තිමත් මස් පිඩු ඔවුන්ගේ බල සම්පන්න බව නොරහසක්ව විදහා දක්වයි.. එසේම ඒ අසල සිටිනා සුදු කෙටි හැට්ට හා පිරිමින් මෙන් සුදු පැහැති සරුවාලෙන් සැරසුනු ගැහැණුන්... මේ සියල්ලෝම ශේෂ්ඨ සංස්කෘතියක උරුමය විදහා දක්වයි...
ඔවුන් මධ්‍යයට සුදු පැහැති සරමකින් සැරසුනු තරමක් වයෝවෘද්ධ පුද්ගලයෙක් පැමිණෙයි.. ඔහුගේ පෙනුමෙන් ඔහු ඔවුන්ගේ ගුරුවරයා ලෙස පැවසිය හැකිය..
" දීර්ඝායු වේවා ගුරුන්නාන්සේ"
ඔවුන් සෑම කෙනෙක්ම එක හඩින්ම ඔවුන්ගේ ගුරුවරයාට ආශිර්වාද පතයි.."දීර්ඝායු වේවා..."
ඔහු පෙරළා ඔවුන්ටත් ආශිර්වාද කරමින් හේවිසි බෙර වාදක ශීල්පීන්ගේ හේවිසි නාදය මධ්‍යයේ පහන් පැලෙහි පහන දල්වා දොහොත් මුදුන් තබා ගනියි..
YOU ARE READING
අනුරාග් (yizhan ) ✅
Teen Fictionඔබට ආදරය කිරීම ගැන මා පසුතැවිලි නොවෙමි.. නමුත් ඔබ හට ඇබ්බැහි වීම ගැන මම මාහටම වෛර කරමි... රූත් 🌼🍃 2024/2/25