විසිපස්වන හුස්ම

383 39 0
                                    


" අලුතෙන් එක්කාසු වෙන්න ඉන්න කෝඩුකාරයෝ ටික පොර පිටිය මැදට ආවනම්..."

ඔවුන්ගේ ගුරුවරයාගේ අනින් සියලු ශිෂ්‍යයෝ සැවොම පොර පිටියට රැස්වීය.. නීලංරුද්‍ර ගම්මානයේ තරුණ තරුණියන් තිස් දෙනකු පමණ අලුත් පරම්පරාව ලෙස ශිල්ප ඉගෙන ගැනීමට එකතු වී සිටියහ.. එසේම පරම්පරාවේ උරුමය පවා මෙවර සිසුන් සමග එක්වී සිටියේය..

" මින්දාරයෝ....
ඒයි මින්දාරයෝ..."

"ඕ.. ඕ කියපන්"

"ඔහොම්මම හිමීට එකේ උබේ දකුණු පැත්තේ පෝලිමේ කෙරෝලේ බලපන්කෝ..."

" අම්මෝ ලස්සන... වැව් මැද පිපුණු නෙළුම් මලක්ද මන්දා.."

"ශ්.... සද්ද කරන්න එපා බන්.. එයාට ඇහෙයි..."

අධීරත් මින්දාරත් ඔවුන්ගේ කණ්ඩායමට එක්වූ එක් සුන්දර තරුණියක් දෙස බලා සිටියේය.. ඔවුන් ඇය දෙස වශී වී බලා සිටීම පුදුමයක් නොවීය.. ඇය එතරම්ම සුන්දරය... නමුත් ඔවුන් නොදන්න භයානක රහස වූයේ ඇය ඔවුන්ගේ ගුරුවරයාගේ දියණිය වීමයි.

"එයා දිහා බැලුවට වැඩක් නෑ.. එයා තව පෝය දෙකකින් විවාහ වෙන්න ඉන්නේ..."

ඔවුන් කතාකල සියල්ල  අසා සිටි තරුණයෙක් අධීරගේ කනට කර පැවසීය....

" ඕහ් කවුද ඒ වාසනාවන්තයා..."
අධීර එම තරුණයාගෙන් රහසින් වගේ විමසීය..

" අරුනාද්‍ය... අනාගත රැහේ උරුමය.."
නැවතත් ගුරුන්නාන්සේ දෙස අවධානය යොමු කරමින් තරුණයා පැවසීය..

" අර ආඩම්බර මොනරා...
ආයිශ් ඒ වගේ මිනිහෙක්ට මේ වගේ සුරංගනාවියක් කොහොම කැමති වුනාද මන්දා..."

අධීර කටත් අමුතු විදිහට හදාගෙන ඔවුන් ඉදිරියෙන් සිටි අරුනාද්‍ය දෙස බැලීය... ඒවනවිටත් අරුනාද්‍ය ගුරුවරයා දෙස සම්පූර්ණ අවධානයෙන්ම බලා සිටියේය..

" ඔය කට වහපන් අධීර... අපි මේ ඉන්නේ පන්සලේ නෙමෙයී වටේ පිටේ මිනිස්සු ඉන්නවා..." මින්දාර අධීරගේ කකුල පාගමින් පැවසීය..
මින්දාරගේ කටහඩින් වට පිට බැලූ අධීර දුටුවේ ඔහු වටා සිටි සෑම කෙනෙක්ම ඔහු දෙස බලා සිටින ආකාරයයි..
අධීරගේ කටේ සද්දේ ඕනවටත් වඩා වැඩි වූ බැවින් අසල සිටි සැමගේම අවධානය ඔහු වෙත යොමු වී තිබුනේය... කොටින්ම ගුරුවරයාගේ බැල්මට පවා ඔහු හසු වී සිටියේය..

අනුරාග් (yizhan ) ✅Where stories live. Discover now