ඉඟි බිඟි පානා නෙතු මානේ
හිඳිමි නැවතිලා
නොඉඳුල් හාදුව ළඟ සෙව්වේ
සෙනෙහේ නොවේද මා
මතු හිමි නොවුනට කම් නෑ ශ්රියාවේ
දනිමි පමාවත් මගෙමයි
නොහෙලූවා නම් මා මුලාවේ
අදටත් නුඹේ ළඟමයිඅහිමිව යන බැව් දැන බැඳුනේ
දැන දැනමයි නුඹ ළඟ රැඳුනේ
හිමිකම් නැති ළැම මත හැඬුනේ
සනසනු හැකිදෝ කඳුළට මේ
සිදඟනාවී නුඹමයි සසරෙම පැතුවේ
හිමි නැතිනම් කිම නුඹගේ උණුහුම දැනුනේ
දෙතැනක වූවත් නැත මිය යනු සෙනෙහස මේ
එන අත්භවයක හෝ නුඹ හිමිවේවි ද ලඳුනේකඳුළැලි මා නවතා යළි හිනැහෙන්නම්
ඔය මුවගේ පෙර සේ මදහස වේ නම්
තුරුලේ හොවමින් නළලත හාදු තියන්නම්
රිදුමන් සඟවා මා නුඹ හට සමු දෙන්නම්
අහිමිව යන බැව් දැන බැඳුනේ
දැන දැනමයි නුඹ ළඟ රැඳුනේ
හිමිකම් නැති ළැම මත හැඬුනේ
සනසනු හැකිදෝ කඳුළට මේසිදඟනාවී නුඹමයි සසරෙම පැතුවේ
හිමි නැතිනම් කිම නුඹගේ උණුහුම දැනුනේ
දෙතැනක වූවත් නැත මිය යනු සෙනෙහස මේ
එන අත්භවයක හෝ නුඹ හිමිවේවි ද ලඳුනේ....ඒ සිංදුව මට මේ තරම්ම දැනෙන්නේ ඇයි කියන්න මම දන්නේ නෑ.. ඒත් මට ඒ වචන මගේ පපුවටම දැනුනා.. හරියට ඒක මගේ ජීවිතේටම ඇලිලා වගේ දැනෙන්නේ... මට දැනුන සිංදු ටික මගේ ෆෝන් එකේ ප්ලේ ලිස්ට් එකට දාගෙන යන යන හැම තැනකදිම අහගෙන යන්න මම පුරුදු වෙලා හිටියා...