Chapter 17

44 6 0
                                    

රෑ මැද කනත්තක් ගාවින් යද්දි පිල්ලියක් හිටගෙන ඉන්නවා දැකලා බයෙන් භිරාන්ත වෙලා බලන් ඉන්න ගමේ කෙල්ලෙක් වගේ මන් උන් හිටි තැනම ගල් වෙලා බලන් හිටියේ මන් දිහා මහසෝනා වැහුනා වගේ බලන් ඉන්න ටෙයියා දිහා. මූව හොල්මන් ෆිල්ම් එකක හොල්මනකට රගපාන්න යවන්න පුළුවන් . එක්කො මූ යවන්න ඕන නැ. පොර හොල්මන් වලට බයයිනෙ. බැරිවෙලාවෙවත් මූ ඌවම කණ්ණාඩියෙන් දැකලා මෙන්න යකෙක් කියලා බයවෙලා දුවන් ගිහින් එතන ඉන්න නල්ල මලේ කෙල්ලෙක්ගෙ කරේ නගින්න පුළුවන් . ඒකිටත් මොකද හැන්සම් කොල්ලෙක්නෙ කියලා වඩන් ඉදියි.

එහෙම උනොත් ටෙයියා යාලුවෙන්නත් කලින්ම මට බූට් එක තියනවා . ඌ අරකි එක්කන් උකුලු මුකුලු කරනවා බලන් ඉන්න බැරුව මන් පස් කකා අඩන්න ගන්නවා. ඊටපස්සෙ සේහුනා එයි මගෙ දුක අහන අයියා වෙන්න. උට කුනුහරප දෙක තුනක් කියලා බනින්න ගියොත් ඌ සුදු වෑන් එකක් දම්මලා හරි මාව උස්සනවා. ඇදට ගන්නවා කිව්ව එකේ ටෙයියා නැතිවෙලේ ඌ ඒකත් කරන්න බැරිකමක් නෑ. මේ ඔක්කොම වෙන්නේ ටෙයියා හොල්මනකට රගපාන්න ගියොත් නෙ. ඒක නොකර ඉන්න එක මගෙ අනාගතේට හොදයි.

දැන් අරූගේ මූණ දිහා බලාගෙන ෆිල්ම් එකක් දක්වා හිත වටේ දිව්ව එකට අරූට උත්තර දීපන්කො. මුට හිත් කියවන්න බැරි එක හොදට ගියා. මන් මූව නැත්තන් සේල් දාලා විකුණපු නැති එක විතරයි හිතෙන්. දන්නවානම් ඔව්වා මේකා මට ගිටාර් එකෙන් ගහන්නේ. කොන්ද කැඩෙන්නම. කොන්ද කඩලා උබම මට බෙහෙත් කරපන් ඈ.

මන් ඉස්සරහට අඩියක් තියලා උට බය නෑ වගේ ගටක් අරන් ටෙයියා ගාවට ගියා. හරියටම කිව්වොත් මන් දැන් ඉන්නේ අපේ ගේ ඉදිරිපිට නඩුකාරතුමාට ෆේස් කරගෙන... රජකාලේ දඩුවම් දෙයිද දන්නෑ නොකියාම ගියා කියලා. කිය කිය යන්න පුළුවන් ගමනක් නෙවෙයි යකෝව් ගියේ. උබටම gift එකක් ගන්න. ලොකුදෙයක් නෙවෙයි උනාට යකෝ පොඩි දෙයක් හරි උබට ගත්තනෙ මන්. ආර්ථිකේ අඩාල වෙලා නැත්තන් මන් උබර්ට හොද gift එකක් ගන්නවා. හොද නෑ කියන්නත් බෑ බ්‍රෑන්ඩඩ් වොච් එකක් ගත්තේ මන් හුම්.. උබට විතරයි මගෙන් මෙච්චර සැලකිලි ...

🐯:- කොහෙද ගියේ

ටහුඩු මූ යකෝ... මිනිහා ගෑනිගෙන් ප්‍රශ්න කරනවා වගේනේ මූ මගෙන් ප්‍රශ්න අහන්නෙ. ප්‍රශ්න අසමින් තමා ඉගෙන ගන්න ඕන ඒ උනාට යකෝ සල්ලං වෙන විදිහට කතාකරන්න ඕන නෑනේ. උබ මාව පාලනේ කරන්ට එන්නෙපා. මන් මොකාටවත් යටත් වෙලා ඉන්න එකෙක් නෙවෙයි .

𝐇𝐄𝐘 𝐜𝐮𝐭𝐢𝐞......🌼🐯 [COMPLETED ]Where stories live. Discover now