01.

13 2 1
                                    

අඳුරු අවකාශයක්.තිබ්බ එකම දේ ටිකක් දිග ඔංචිල්ලාවක්.ලස්සන තරුණ කෙල්ලෙක් ඒ ඔංචිල්ලාවේ නිදා ගෙන හිටියා.කෙල්ලගේ මුලු ඇගම අඳුරු වලාවකින් වැහිලා තිබ්බා.මූන විතරක් පිටතට පෙනුණා.අවකාශය කැලබෙන්න ගත්තා.අවකාශයම විනිවිද යන කටහඩක් ඇහුණා.

" අවදි වෙන්න ! "

නිදා ගෙන හිටපු කෙල්ලගේ ඇස් සැලෙමින් ඇරුනා.ඒ ඇස් සාගරේ ගැඹුරේ තියන කලු පාට වගේ කලුම කලු පාටයි.

" මනුශ්‍ය ලෝකෙට උදව් ඕන ! එහෙට යන්න !"

අර කටහඬ ආයෙම කියද්දී දීප්තිමත් සුදු පාට එලියක් විහිදුවන සුදු පාට දොරක් කෙල්ලගේ ඉස්සරහ මැවුනා.කෙල්ල තමන්ට ඉහලින් පේන අඳුරු අවකාශේ දිහා බැලුවා.ඊළඟට නිදා ගෙන හිටපු ඔංචිල්ලාවෙන් බැස්සා. ඒත් එක්කම මෙච්චර වෙලා කෙල්ලගේ ඇඟ වැහිලා තිබ්බ අඳුරු වලාව කලුපාට ගවුමක් විදිහට වෙනස් උනා.ගෙතිලා තිබ්බ කොන්ඩේ ලෙහිලා උරහිස් වලින් පහලට වැටුණා.ලස්සන අඩි උස කලු සපත්තු දෙකකින් නිරුවත් දෙපා වැහුනා.

" මනුශ්‍ය ලෝකේ වෙනස් වෙලා... උදව්වට සෙට් ඉදිවි.... පරිස්සම් වෙන්න... අරීනා වැන්ක්ලෝවර් "

කෙල්ල සුසුමක් හෙලලා ඔළුව වනලා සුදු දොර ගාවට ගිහින් අන්තිම වතාවටත් ඔංචිල්ලාවයි අවකාශෙයි දිහා බලලා දොර ඇරන් එළියට ආවා.

සෝල් නගරේ තදට පායලා තිබ්බ ඉර එළිය කෙලින්නම වැදුණේ කෙල්ලගේ මූනට.තදින් ඇහි පිය ගහන ගමන් තමන්ගේ හෑන්ඩ් බෑග් එකෙන් සන්ග්ලාස් එකක් අර ගත්ත කෙල්ල ඒක දාගත්තා.තමන් දිහා පුදුමෙන් බලන මිනිස්සුන්ව ගණන් ගන්නෙ නැතුව කෙල්ල කෙලිනම ඇවිදන් ගියේ රතුම රතු පාටින් තීන්ත ගලා තියන " සෙට් හොට් සුප් " කියන රෙස්ටුරට් එකට.කෙල්ල ඇතුලට යද්දිම එයා කැචර් එක සද්ද කලා වගේම " Open " කියලා තිබ්බ බෝර්ඩ් එක " Close "  කියන පැත්තට හැරුනා.

" හ්ආ... ආවද ? "

කෙල්ල ගිහින් ඉස්සරහම මෙසේ ළඟ පුටුවක් ඇදගෙන වාඩි වෙද්දිම හැන්ඩි කොල්ලෙක් හරියටම එයාට ඉස්සරහ පුටුවෙන් මතු උනා.

" එහෙනම් පටන් ගමු..."

හිස් බැල්මෙන් බලන් ඉන්න කෙල්ල දිහා බලලා කිව්ව සෙට් තමන්ගේ අත ඉස්සරහට දික් කරද්දි එයාගේ අතේ කලුපාට කිනිස්සක් මැවුනා.මෙසේ උඩ තිබ්බ කෙල්ලගේ දකුණු අත ගත්ත සෙට් කෙල්ලගේ අල්ලේ දික් අතට කැපුමක් කැපුවා.සාමාන්‍ය ලේ වල පාටට වැඩිය කලු පාට ලේ ධාරාවක් කැපුනු තැනින් ගලන්න ගත්තා.ඊලගට තමගේ දකුණු අතත් ගත්ත සෙට් ඒයාගේ අතෙත් ඒ විදිහටම කැපුමක් ඇති කර ගත්තා.එයාගේ අතින් ගලන්න ගත්තේ රතු පාට ලේ නෙවෙයි දීප්තිමත් තැඹිලි පාට ලේ.සෙට් කලේ තමන්ගේ ලේ ගලන අත කෙල්ලගේ ලේ ගලන අතට තියලා තද කරපු එකයි.ඒත් එක්කම එයාලගේ අත් වටේට අඳුරු නමුත් දීප්තිමත් දුමක් ටික වෙලාවක් වෙලිලා අතුරුදහන් උනා.

එළිය අතුරුදහන් වෙද්දී කෙල්ලගේ වගේම සෙට්ගෙත් අත් යතා තත්වෙට පත් උනත් කෙල්ලගේ දකුණු අතේ අල්ලේ අමුතු සලකුණක් ඉතුරු උනා.

ඇස් වහගෙන දිග හුස්මක් ගත්ත අරීනා ඇස් ඇරලා සෙට් දිහා බැලුවා.පළවෙනි වතාවට එයා කතා කරන්න කට ඇරියා.

" ක්හ්ම්... අවු..රුදු පනහක් විතර කතා නොකර..හි..ටි..යම.. ආ..යෙ.. කතා..කරන්..න ටික..ක් අමා..රු..යි.."

කෙල්ල කියද්දි හයියෙන් හිනා වුන සෙට්,

" මම දන්නවා අරීනා ඕක ටිකක් දවස් යද්දි ඇරිලා යයි..." කියද්දි කෙල්ලත් ලාවට හිනා වෙලා ඔළුව වැනුවා.

" විකා..ර..ය..ක් ව..ගේ...ලෝ..කේ ... ගො..ඩ..ක්..චෙන්ජ්..වේලා..ක්හ්ම්"

" ඔව් ඔව් ඔයා නිදා ගත්තා කියලා ලෝකේම නිදා ගන්නේ නෑනේ කෙල්ලේ හාහහාහ් "

හිනා වෙන සෙට් ට රැව්ව අරීනා එකපාර රෙස්ටුරන්ට් එකේ දොර ඉස්සරහින් නැවැත්තුව ඩිවෙන්ඩර් සෙට් එක දිහා බැලුවා.එහෙම්ම ඇහි බැමි උඩට ඉස්සුව අරීනා බැලුවේ සෙට් දිහා.

" මේ පා...ර..... ක...වු...ද... ම..ගේ... පේ..ර..න්..ට්...ස්...ලා...? "

"

" ඩිෆෙන්ස් මිනිස්ට්‍ර මිස්ටර් ජන්ග් ඇන්ඩ් මිසිස් ජන්ග් .... එතකොට ඔයා මිස් අරීනා ජන්ග් ගොට් ඉට් ? "

ඩිෆෙන්ඩර් හතර දිහා බලා ගෙනම අරීනා ඔලුව වැනුවා.

" එ...ත...කොට... කා...ට...ද ... ම..ම...ශී..ල්..ඩ් එ..ක..වෙ..න්න...ඕ..න..මේ..පා..ර .. ක්හැම් ..."

ඒ ප්‍රශ්නෙත් එක්ක බැරෑරුම් බැල්මකින් අරීනා දිහා බලුව සෙට් උත්තර දුන්නා.

" ජියොන් ජන්කුක්... ප්‍රසිඩන්'ස් සන් ! "

........................................................................

හේයූ!!!

ශෝට් ස්ටොරියක්

මං හිතන්නේ මගේ පියවි සිහිය නැති වීගෙන යනවද කොහෙද 🙂

එනිවේස් මේක ලියලා ටිකක් කල්...චැපියේ බාගයයි ලියලා තිබ්බේ ඉතුරු බාගේ ලියලා තමයි මේ දුන්නේ....

අප්ඩේට් ගැන ලොකු හෝප්ස් තියා ගන්න එපා 🙂❤️ ( එහෙම වෙන්නෑ කියලා දන්නවා නිකං කිව්වේ :) )







You've reached the end of published parts.

⏰ Last updated: Sep 23 ⏰

Add this story to your Library to get notified about new parts!

WILL NEVER LEAVE | JJK | Ongoing Where stories live. Discover now