තිස් තුන්වන හුස්ම

354 41 1
                                    

අධීරත් අරුනාද්‍යත් එකවරම හැරී බැලුවේ ඔවුන්ගේ පිටුපසින් ඇසුන අයකුගේ කටහඩින්..

" අධීර අන්තිමේදි ඔයාව හොයාගත්තා.."
මින්දාර අඩියෙන් අඩිය අධීර ඉදිරියට පැමිණියේ සන්සුන්වය..

" මින්දාර "
අධීර එකවරම පැමිණ ඔහුව වැලදගත්තේ අසීමිත සෙනහසකිනි..

නමුත් පසුව සිදු වූයේ අධීර කිසිසේත්ම බලාපොරොත්තු නොවූ දෙයකි..

ආහ්... අධීර එකවරම මින්දාර වෙතින් ඈත් වූයේ ඔහුගේ ගෙලෙහි ඇතිවූ දරාගත නොහැකි වේදනාවෙන්.

" ම්..මින්දාර ත්..ඔයා කොහොමද මෙහෙම කරන්නේ..." රිදුම් දෙන තම ගෙලත් අල්ලගෙන අධීර කෑ ගැසුවේ කෝපයෙනි..

" අපේ ගෝත්‍රයට පිටින් යන හැම එකෙක්ටම උරුම වෙන්නේ විනාසය විතරයි අධීර.." තම අතෙහි ඇති විස පිරවූ කටුව පෙන්වමින් ඔහු සිනාසෙන්නට වූයේ වියරුවෙන් මෙනි..

" ඔ..ඔයා මගේ යාලුවා.. ඇ..ඇයි මෙහෙම කලේ..." තම සිරුරේ පාලනය ටිකෙන් ටික ගිලිගෙද්දි අධීර බිම දණ ගැසුවේ වේදනාවෙන් පිරුණු දෑසිනි..

" මෙතන ඉන්න හැම එකාවම රාවණා මන්දිරේට අරන් පලයල්ලා.."
ඒ සමගම ඇසුන අරුනාද්‍යගේ හඩින් පන්සල් භූමියේ සිටි මිනිසුන් එකා එකා සිරභාරයට ගනිද්දි අධීර වැලි පොලව මත ඇද වැටුනේ ඔහුගේ සියලුම පාලනය ඔහුට අහිමි වෙද්දි....

" අධීරව කොහෙද අරන් යන්නේ.."
මින්දාර ඇසුවේ අරුනාද්‍යගේ දෑතෙහි සිටි අධීරගේ සිහිසුන් සිරුර දෙස බලමින්..

" එයා යන්න ඕන තැනට..."
අරුනාද්‍ය කිව්වේ අධීරගේ කොපුලෙහි රැදී තිබුණ කදුලු බිදුවක් පිසදමන ගමන්ය..

"" ගෝත්‍ර නායකයින්ගේ අණට පිටින් යන්න උත්සහ කරන්න එපා අරුනාද්‍ය.. ඒකෙන් තමුන්ගේ ජීවිතය පවා අනතුරේ ""

*
*
*
*

" ම්nහ් මන් මේ කොහෙද ඉන්නේ.."
අධීර සෙමින් සෙමින් මෙන් ඔහුගේ දෑස් විවර කලේ දරාගත නොහැකි වේදනාවකින් ඔහුගේ හිස රිදුම් කද්දි..

" මන් හිතන්නේ අපි මේ හම්බුනේ සෑහෙන කාලෙකින්.."
අරුනාද්‍ය කිව්වේ ඔහු ඉදිරියේ සිට ගනිමින් බැරෑරුම්වය..

අනුරාග් (yizhan ) ✅Where stories live. Discover now