1

338 60 11
                                    

Auditorium එකේ කළුවර මුල්ලකට වෙන්න වාඩි වෙලා හිටපු ජන්කුක් basketball court එකේ practice කරන කිම් ටේහ්යුන් දිහා තමන්ගේ දිලිසෙන කළු බෝල ඇස් වලින් බලාගෙන හිටියා. තමන්ට වඩා අවුරුද්දක් වැඩිමහල් ටේහ්යුන් අනිත් ළමයින්ටත් වඩා ගොඩක් ශක්තිමත් විදියට ජන්කුක්ට පේනකොට, ජන්කුක් තමන්ගේ කලවා ලඟට දිග hoodie එක රෝස පාට ඇඟිලි තුඩු වලින් මිරිකගත්තා.

Smart watch එකේ alarm එක වදිනවත් එක්කම ජන්කුක් ආයෙත් වතාවක් ටේහ්යුන් දිහා බලලා කාටවත් නොපෙනෙන්න තමන්ගේ lectures වලට යන්න පිටත් වුණා.

ජන්කුක්,ටේහ්යුන්ට college කාලේ ඉදන්ම ගොඩක් ගොඩක් හිතාගන්න බැරි තරම් ගොඩක් ආදරේ කරා. ජන්කුක්ගේ පලවෙනි ආදරේ ටේහ්යුන් වෙනකොට, ඒ හැඟීම දැනුනු පලවෙනි දවසේ ඉදන් අද වෙනකනුත්, තවමත් ජන්කුක් ආදරේ කරන්නේ ටේහ්යුන්ට විතරමයි. ඒත් ජන්කුක් කවදාවත්ම ටේහ්යුන්ට තමන්ගේ ආදරේ ගැන කියලා නැහැ.

මොකද ජන්කුක් ඒ කාලේ ඉදන්ම දැකලා තියෙනවා ටේහ්යුන්ගෙ පෙනුමට පිස්සු වැටුණු කොල්ලෝ ඇවිත් ටේහ්යුන්ගෙන් කැමැත්ත ඇහුවත් ඒ හැමෝම ප්‍රතික්ෂේප වෙන විදිය.මොකද ටේහ්යුන් පිරිමි ළමයින්ට පොඩ්ඩක්වත් කැමති නැහැ. ඉතින් ජන්කුක් කොහොමද තමන්ගේ ආදරේ ගැන ටේහ්යුන්ට කියලා ප්‍රතික්ෂේප වෙන්නේ. ජන්කුක් ගොඩක් අහිංසක, මෘදු හදවතක්‌ තියෙන කොල්ලෙක්. එයාට බැරිවෙයි කවදාවත්ම ඒ වේදනාව දරාගන්න.

Lectures ඉවර වුනු ගමන්ම ජන්කුක් තමන්ගේ side bag එකත් එල්ලගෙන hall එකේ පිටිපස්සේ door එකෙන් පිටත් වෙලා ඉක්මනට University gate එක ඉස්සරහා නතර කරලා තිබුණු කැබ් එකෙන් පිටත් වුණා.

ජන්කුක්ට ඇත්තෙන්ම යාලුවෝ කව්රුත් හිටියේ නැහැ.එයාට ඕනි වුනේ නැහැ යාලුවෝ ඇති කරගන්න. ජන්කුක් තමන්ගේ යාලුවෝ වෙන්න එන හැමෝවම ප්‍රතික්ෂේප කරනකොට කාලෙත් එක්ක ගොඩක් අය හිතුවේ ජන්කුක් ලොකුකමෙන් ජීවත් වෙන කෙනෙක් විදියටයි. ඉතින් ජන්කුක්ට කොහොමත් යාලුවෝ තවදුරටත් නැහැ. එයාට ඕනි වුනේ හැමදාමත් තමන්ගේ පවුලේ අයත් එක්ක සතුටින් ඉන්න වගේම කොච්චර කාලයක් වුනත් තනියම හරි ටේහ්යුන්ට ආදරේ කරන්න විතරමයි.

You've reached the end of published parts.

⏰ Last updated: Oct 25 ⏰

Add this story to your Library to get notified about new parts!

𝗜𝗡𝗡𝗢𝗖𝗘𝗡𝗧 𝗟𝗢𝗩𝗘Where stories live. Discover now