තිස් හත්වන හුස්ම

361 41 1
                                    


" තමුසේ මට බොරු කියනවා රුචිරු "

" නෑ මන් කියන්නේ ඇත්ත "

" ඇත්ත වෙන්නේ කොහොමද බන්.. උබද අපේ අම්මා ලග හිටියේ මාව ඉපදෙනකොට "

" ඔයා එක්ක කතා කරලා වැඩක් නෑ සත්සර.."..

" ඕයි ඕයි කොහෙද බන් යන්නේ.. කොයි වෙලාවේ බැලුවත් පුපුරපු ගමන් "

මාත් එක්ක තිබ්බ තරහටමද කොහෙදෝ ආයම සැරයක් නැගිටලා යන්න ගියපු රුචිරුව මන් මගෙ ලගට ඇදලා ගත්තා.. මෙච්චර ලගින් ඉදලත් රුචිරුවා මට බයද අප්පා.. කොල්ලගේ පපුව ගැහෙනවා එකසිය ගානට.

" උබ මට බයද රුචිරු "
මන් එහෙම්මම ඇහුගේ එයාගෙ වෙගෙන් ගැහෙන පපුවට කන තියන ගමන්

" එහාට වෙනවා සත්සර.. මෙතන මිනිස්සුත් ඉන්නවා දැක්කොත් එහෙම මොනවා හිතයිද.. අනික කොයි වෙලාවේ බැලුවත් මට කතාකරන්නේ උබ බං බොලං කියලා.. ඔයා නම් දැන් ගන්නම දෙයක් නෑ සත්සර..."

"  ම්ම්.. මන් එකින් එක තමුසෙගේ ප්‍රශ්න වලට උත්තර දෙන්නම්කෝ.."

රුචිරුගේ ඉනවටේ මගේ අත් යවන ගමන් එයාව තව ටිකක් මන් ලගට ලං කරගත්තා..

"එක , මෙතන ඉන්න මිනිස්සු දැක්කොත් මොකද වෙන්නේ නේද

ම්ම් ඇයි දැන් මේ වටේ ඉන්න එවුන්ද උබට කන්න බොන්න දෙන්නේ තමුසෙ මට ලව් නම් මම තමුසෙට ලව් නම් අපි මොන මගුලකටද අහක ඉන්න උන් හිතන ඒවා ඔලුවට ගන්න යන්නේ..."

" සත්සර මන් කිව්වෙ අ...."

" ශ්ශ්....... මන් තාම මගේ කතාව ඉවර කරලා නෑ  "

" දෙක, අනික කොයි වෙලාවෙ බැලුවත් මට කතා කරන්නේ උබ බං බොලං කියලා..  නේද..

"  ඒ හැම වචනයකින්ම මට උබව මගේ කියලා දැනෙනවා රුචිරු.. මොකද මන් මොන විදිහට කතා කලත් ඒ කතා කරන්නේ මගේ එකාට.. මට තමුසේ ඉස්සරහ බොරු රූපයක් මවලා පෙන්නන්න ඕන නෑ බන්.. "

" තුන, ඔයා නම් ගන්නම දෙයක් නෑ සත්සර.. ම්ම් එහෙම නේද කිව්වේ.."

'" ඉස්සර හිටපු අරුනාද්‍යට වඩා දැන් ඉන්න සත්සර වෙනස් රුචිරු.. මොකද අපි දෙන්නම එක්කෙනෙක් වුනත් අපි හැදුනේ වෙනස්ම ලෝක දෙකක.. අරුනාද්‍ය හැදුනේ එයාගේ ගෝත්‍රය ඇතුලේ උරහිසටත් වඩා පිරුණු වගකිම් එක්ක.. ඒත් සත්සර හැදුනේ සැබෑ ලෝකේ සාමාන්‍ය මිනිස්සු එක්ක.. මගෙන් ඉස්සර හිටපු එකාවම හොයන්න එපා බන්.. ඒ අතීතේ අමතක කරලා මාත් එක්ක වර්ථමානේ ජීවත් වෙයන් රුචිරු මට උබෙන් ඉල්ලන්න තියෙන්නේ එච්චරයි...."

අනුරාග් (yizhan ) ✅Where stories live. Discover now