තිස් නමවන හුස්ම

403 41 2
                                    

ටිකෙන් ටික මුලු පලාතම අදුරු වේගෙන කරුවල වැටෙද්දි මන් බියර් ටින් එකකුත් අතේ තියාගෙන ටවුන් එක පුරා ඇවිද්දා පිස්සෙක් වගේ.. ඔක්කොටම වඩා පපුව කකියනවා පුපුරන්න තරම්.
සහිරු කියපු හැමදේම ඇත්තක් වෙන්න පුළුවන්ද.. නෑ නෑ දෙවියනේ ඒක ඇත්තක් නම් වෙන්න එපා.. අඩුම ගෙදරට යා ගන්නවත් කකුල් දෙක පණ නැති වෙද්දි  මන් ගියේ එයා ගාවට.. මොකද මගේ සැනසීම තිබ්බේ ඒ උනුහුම ලග විතරමයි..

දොරෙන් යන්නවත් ඉන්නේ නැතුව බැල්කනි එකෙන්ම පැනලා එයාගේ කාමරේට ගියේ එයා එකපාරටම ශොක් වෙලා වගේ මන් දිහා බලාගෙන ඉද්දි..

" සත්සර ඔයා මොකද මේ වෙලාවේ.. අනික දැන් රෑත් වෙලා.. මන් කිව්වෙ ම්ම්ම්ම්ම්ප්හ්

රුචිරු මගේ ලගට ඇවිත් මොනවා කිව්වත් මන් හිටියේ එයාත් එක්ක කතා කරන සිහියක නෙමෙයි.. සහිරු කියපු හැම වචනයක් ගානේ මගේ හිතේ හොල්මන් කරද්දි මේ ලෝකේ මට තිබුන එකම සැනසීමත් මගෙන් ඈතට යන්න යනවනම් ඇට මස් ලේ වලින් පන ගහන මනුස්සයෙක් උන මම කොහොමද දරාගන්නේ..

මගේ හිතට ආව ආවේගටම එයාගෙ තොල් වලට බර වෙන ගමන් රුචිරුව මගේ අත් වලට අරගත්තේ මගේ හිතේ තිබුන වේදනාවටමයි.. එයා කොච්චර  මගෙන් ගැලවෙන්න හැදුවත් මන් හාදුව තව තවත් ගැඹුරු කලේ එයාව ඇද උඩින් හිමීට තියන ගමන්..

" සත්සර මොකක්ද වෙලා තියෙන්නේ..
ඔයා බීලද ඉන්නේ ආහ් කියනවා මට "
මගෙන් නිදහස් වුන තප්පරෙන් රුචිරු මගේ ඇග පුරාම අත් යැව්වේ එයාගෙ ඇස් කේන්තියෙන් රතු වෙද්දි..

" මට උබව ඕන රුචිරු  "

" සත්සර කියන දේ අහලා ගෙදර යන්න ම් ම්ම්ම්ම්ප්හ්"

" උබ තව එක සැරයක් හරි මාව උබෙන් ඈත් කරන්න හැදුවොත් උබේ ඔය රෝස පාටට දිලිසෙන තොල් මන් ගන්න දෙයක් නැති කරනවා..."
එයාගේ ඉන වටේ මගේ අත් යවන ගමන් එයාව මගේ ලගට ඇදගත්තේ එයාගේ පපුව ඕනවටත් වඩා වේගෙන් ගැහෙන්න ගද්දි..

" මොකක්ද මේ ඔයාට වුනේ "
රුචිරු ඇහුවේ මගේ කම්මුල පුරා එයාගේ අත් යවන ගමන්..

" මට උබව දීපන් රුචිරු මට තවත් ඉවසන්න බෑ මේක..."

" මේ ඉන්නේ ඔයා නෙමෙයි සත්සර.. හරි සිහියට එන්න දෙයියනේ "

අනුරාග් (yizhan ) ✅Where stories live. Discover now