"ට්..ටේහ්‍යුන්!?? "
"හෙලෝ.. මයි ඩියර් ෆාදර් ඉන් ලෝ. ස්ප්‍රයිස් වුනාද?. "
ටේහ්‍යුන් එයාගේ සුපුරුදු කට කොනේ හිනාවෙන්ම මිස්ටර් ජියොන්ගෙන් ඇහුවා. ඒත් මේ වගේ වෙලාවක මේ වගේ තැනක තමන්ගේ සන් ඉන් ලෝ ටේහ්‍යුන්ව කොහෙත්ම බලාපොරොත්තුවක් නොවුන මිස්ටර් ජියොන් හිටියේ ගොඩක් කලබල වෙලා වගේම ගොඩක් පුදුම වෙලා.
ඒත් එක්කම එයාට මතක් වුනේ ටේහ්‍යුන්ගෙ කටින් පිටවුනු වචන වලට ගොඩක් සමාන වචන ටිකක් මීට අවුරුදු ගානකට කලින් එයා ඉස්සරහ හිටපු පොඩි පිරිමි ළමයාට කිව්ව විදිහ.
"ඇස් වහගෙන එකේ ඉදන් සීයට වෙනකන් ගණන් කරන්න. ඔයාගේ ඔම්මායි අප්පායි මල්ලි යි ඔයාගේ ළඟම ඉදී."
ඒ වචන ටික ඔළුව ඇතුලේ දෝංකාර දෙද්දි මිස්ටර් ජියොන් හිටියාටත් වඩා ගොඩක් කලබල වුනා.
'මේ එයාද?' ජියොන් එයාගෙන්ම ප්‍රශ්න කරා."ඔයා හිතන කෙනා...! "
මිස්ටර් ජියොන් මුකුත් අහන්නත් කලින්ම ටේහ්‍යුන් උත්තර දුන්නා. ඒත් මිස්ටර් ජියොන් හිටියේ මේ කිසිම දෙයක් හිතාගන්න බැරුව. ටේහ්‍යුන් කියන දේවල් එකකට එකක් සමාන වෙද්දි මිස්ටර් ජියොන්ට දැනුනේ එයා ලොකු උගුලක පැටලිලා වගේ හැඟීමක්.
"ම්..මොකද්ද!? "
"මිස්ටර් ජියොන්ට ඒක අනිවාර්යයෙන්ම මතකයි. මගෙ පොඩි මල්ලි, කිම් ජිමින්ට කියපු දේ?..මතක නැත්තන් මං මතක් කරන්නද!? "
ජියොන් දිහා එක එල්ලේ බලාගෙන හිටපු ටේහ්‍යුන් ටිකින් ටික ජියොන්ගෙ ළඟට ආවා.
ලොකු කන්ෆිඩන්ට් එකකින් ටේහ්‍යුන් ජියොන් දිහාවට ඇවිදන් එද්දි ජියොන්ටත් නොදැනිම එයාගේ කකුල් පස්සෙන් පස්සට ගියා."ගොඩක් ලස්සනට හඳ පායලා තිබුන ලස්සන රැයක්. ඒත් ඒ කොච්චර ලස්සන රැයක් උනත්, මගෙ මුළු පවුලම පණ පිටින් පස් වලට යට වෙලා මේ කිම් ටේහ්‍යුන් හදවතක් නැති තිරිසනෙක් වෙන්න ගත්තේ ඒ මූසල රැයෙන් පස්සෙ!"
YOU ARE READING
𝐇𝐞𝐚𝐫𝐭𝐥𝐞𝐬𝐬 | 𝐓𝐤 ✔
Fanfiction𝐇𝐞 𝐢𝐬 𝐛𝐥𝐢𝐧𝐝𝐞𝐝 𝐛𝐲 𝐡𝐢𝐬 𝐫𝐞𝐯𝐞𝐧𝐠𝐞 Please note ⚠️️ ONLY names and photos of idols are mentioned here. Don't judge their real lives by these characters. Top : Tae Bottom : Kook Taekook Fanfiction - Mature content ⚠️️ ...