" Good morning Aunty .hyunjin අද ඉස්කෝල් යන්නැද්ද ?"
" එයා අද උදෙන්ම ඉස්කෝල් ගියානෙ පුතෙ. මන් හිතෙන්නෙ photography club එකේ වැඩකට වෙන්න ඕනෙ. ඇයි පුතාට කිව්වෙ නැද්ද ?"
" අහ් නෑ නෙ aunty . අමතක වෙන්න ඇති සමහර විට . මන් යන්නම් එහෙනම් "
Hyunjin හැමදාම ඉස්කෝල් යන්නෙ මාත් එක්ක. අද එයා ගේ ඉස්සරහ නැති නිසා මන් hyunjin ගෙ ඔම්මගෙන් ගිහින් ඇහුවාම මට දැන ගන්න ලැබුනෙ ඔය දෙ
ඔයා කිව්වා ඔයාට මාව අමතක වෙන්නෑ කියලා hyunjin . ඒත් ඇත්තටම ඔයාට මාව අමතක වෙලා. මන් මහ මෝඩයෙක්
මන් මටම කියාගෙන ඉස්කෝල් පැත්තට ඇවිදන් ගියා . යන ගමන් හම්බුනෙ sungmine ව.
" hey felix මොකෝ අද hyunjin නැත්තෙ "
" එයා කලින් ඉස්කෝල්ට ගිහින් sungmine "
" ඒ මොකටද කලින් !!"
" ඇයි අද photography club එකේ exhibition එක නෙමෙයි ද "
"මොන exhibition එකක්ද . ඒක තියෙන්නෙ තව සති දෙක්කින් නෙහ් "
සති දෙක්කින් . එතකොට hyunjin කලින්ම ඉස්කෝල් ආවෙ ඇයි. මන් තවත් එතන ඉන්නෙ නැතුව sungmine වත් පහු කරගෙන ගියේ hyunjin ව හොයාගෙන.එයා ගෙදරට බොරු කියලා ඉස්කෝලෙ ඇවිල්ලා.ඒත් ඇයි එයා එහෙම කරේ.මන් හොයන්න පුලුවන් හැමතැනම වගේ එයාව හෙව්වා.
" ජීහු ඔයා hyunjin ව දැක්කද."
" අහ් මන් දැක්කා එයා රූෆ්ටොප් එකට යනවා."
ජීහු කිව්වාම මන් කෙලින්ම දිව්වෙ රූෆ්ටොප් එකට.
යනකොට දැක්කෙ නම් මන් කොහොමටවත්ම හිතපු දෙයක් නෙමෙයි .එයා හිටියෙ yuji බදාගෙන. මගෙ ඇස්වලින් මටත් නොදැනිම කදුලු වැටෙන්න ගත්තා . මට තවත් ඒ දේ බලන්න ඉන්න බැරි නිසා මන් කෙලින්නම දිව්වෙ washroom එකට . ඇයි මට මෙච්චර රිදෙන්නෙ .මගෙ කදුලු මටවත් පාලනය කර ගන්න බෑ . මට අඩන්න ඕන්නෑ ඒත් මට අඩන එක නතර කර ගන්න බෑ . ඒ වෙලාවෙ කවුරුත් washroom එකෙ නැති නිසා. මන් අඩන වග කව්රුත් දන්නෑ .
එතකොට එයා ගෙදරටත් බොරු කියලා ආවෙ yuji ව බලන්නද. ඇයි මන් මෙච්චර මෝඩ . මන් එයාව විශ්වාස කරා. ගොඩක් !!
ටික වෙලාවක් යන කම් මගෙ කදුලුවලට ඔහෙ යන්න දීලා මන් මූනත් හෝදන් class එකට ගියා .
යනකොටත් එයා පන්තියෙ හිටියෙ නෑ .
" felix කොහෙද දිව්වෙ එක පාරට "
ඒ sungmine ." අහ් මට පොඩි-"
" ඔහොම ඉන්න මොකක්ද ඔයාගෙ මූනට වෙලා තියෙන්නෙ ""මට මොකුත් වෙලා නෑ " මන් මූනත් හන්ගන් එහෙම කිව්වා .
" felix ඔයා ඇඩුවද "
" පිස්සුද මන් මොකටද අඩන්නෙ . ඇහැට රොඩ්ඩක් ගියා ඒකයි මේ "
"විශ්වාස කරන්න අමාරුයි . හරි කමක් නෑ මොකක් හරි ප්රශ්නයක් නම් කියන්න. "
එහෙම කියලා sungmine මගෙ උරහිසට තට්ටුවක් දාලා යද්දිම පන්තියට ආවෙ hyunjin ." ඔයා කොහොද ගියෙ මන් හැමතැනම හෙව්වා" මන් මොකුත් නොදැක්ක ගානට ඇහුවා.
" අහ් club එකේ පොඩි වැඩවාගයක් තිබ්බා felix "
එයා කිව්වෙ අහක බලන් . මන් දන්නවා මගෙ ඇස් දිහා බලන් එයාට බොරු කියන්න බැ කියලා ." එහෙමද " මන් එතනින් එහාට මොකුත් අහන්න ගියෙ නෑ .
පීරියඩ් එකෙන් පීරියඩ් එක ගෙවෙනවවත් දැනුන් නැ . උගන්නන කිසි දෙයක් ඔලුවට යන්නැති වග තේරුනාම මන් ඩෙස් එකෙන් ඔලුව තියා ගත්තා .
ටිකෙන් ටික අන්තිම පීරියඩ් එකත් ලන් වෙනකොට කාගෙ හරි කට හඩකට මාව නැගිට්ටුනා.
" felix , hyunjin අද මගෙ birthday එක නිසා පොඩි පාටියක් organized කරා.ඉතින් ඔයාලා දෙන්නත් ඒකට අනිවාර්යයෙන් එන්න ඕනෙ හොදේ.එහෙනම් හරියටම 8 ට එන්න හරිද."
Han ඇවිත් කියලා ගියාම අපි දෙන්නා මූනට මූන බලාගත්තා.
>>>>
YOU ARE READING
Our Happy Ending
Short Story" ආදරය කියන්නෙ කලාවක් hyunjin. මගෙ හදවත හැමදාම තියෙන්නෙ ඔයා ලග, මං දිව්රලා කියන්නම් . ඒක වෙනස් වෙන්නෑ සත්තයි "