ටීවි එක බලන ගමන් කෑම කන්න කියලා හිතාගෙන ටිවී එක ඔන් කළත්..ඒ මොහාතෙම ගිය ප්‍රවෘත්තිය චුට්ටක් සන්සුන් වුණ මගේ හිත ආයෙත් නොසන්සුන් කළා..
විශේෂ පුවත්
ජාතික මට්ටමේ ප්‍රවීණ ස්කේට් ක්‍රීඩක පාර්ක් සන්හූන් පුහුණුවීම් අතරතුරේදි සිදුවූ අනතුරකින් බරපතල තුවාල ලබා සෝල් ජාතික රෝහලට ඇතුළත් කර ඇත..අනතුරින් ඔහුගේ හිසට සහ පාද වලට බරපතල ලෙස හානි වී ඇති බවටයි වාර්ථා වෙන්නෙ..තවමත් ඔහුගේ තත්වය පිළිබඳව වෛද්‍යවරු නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නෙ..ප්‍රවෘත්තියේ සඳහන් වුනේ එච්චරමයි..
තවමත් සන්හූන්ගෙ තත්වය ගැන කියලා නෑ කියන්නෙ මොකක්ද?"නර්ස් සූමින්..මං..මං සන්හූන්ව දැක්කා.."
"මොකක්ද චොන්ග් හා?"
"මං පාර්ක් සන්හූන්ව හොස්පිට්ල් එකට අරගෙන එනකොට දැක්කා නර්ස් සූමින්..එයාට ගොඩක් තුවාල වෙලයි තිබුණෙ.."
"සන්හූන්..හ්ම්ම්..ආරංචි විදිහට එයාගෙ තත්වෙ එච්චර හොඳ නෑ චොන්ග් හා.."
"හොඳ නෑ කියන්නෙ මොකක්ද?"
"තවම ඩොක්ටර්ස්ලා සන්හූන්ව චෙක් කරනවා චොන්ග් හා..හරියටම ඒ් ගැන කියන්න දන්නෙ නෑ මම..ඒත් එයාගෙ ඔළුවට ගොඩක් ඩැමේජ් කියලා තමයි කියන්නෙ.."නර්ස් සූමින් කියපු දේත් එක්ක පපුව දිගේ හීනි රිදුමක් දුවන්න ගත්තා..
"ඔයා ඔය දේවල් ගැන වැඩිය හිතන්න එපා චොන්ග් හා..ලොකු කම්පන ඔයාට හොඳ නෑ කියලා ඔයා දන්නවනේ..කාලා බෙහෙත් බීලා නිදාගන්න..දැන් ගොඩක් රෑ වෙලා දරුවො.."නර්ස් සූමින් පුරුදු විදිහටම මගෙ නළලට පුංචි හාදුවක් දීලා කාමරෙන් පිට වෙලා ගියා..
ආසාවෙන් බොන්න ගත්තා වුණත් සීතල වෙනකම්ම සුප් එක ඔහේ හැන්දෙන් එහා මෙහා කර කර හිටිය එක විතරයි මං කළේ..
අන්තිමට එහෙන් මෙහෙන් කාපු කෑම ට්‍රේ එක ආයෙත් මේසෙ උඩින්ම තියලා බෙහෙත් ටික කටට දාගත්ත මම ඇඳෙන් බැස්සා..
සෙරෙප්පු දෙකත් දාගෙන ෆෝන් එකත් සාක්කුවට දාගත්ත මම කාමරේ දොර ඇරගෙන එලියට ආවෙ ස්ටාෆ් එකේ කාටත් නොපෙනී ඉන්න උපරිම වෑයම් කරලා..
YOU ARE READING
Your Heart Tells | Sunghoon Centric | Completed
Fanfictionමට තිබුණෙ එක ප්‍රාර්ථනාවයි... "මට වින්ටර් ඔලිම්පික් වෙනකම් ජීවත් වෙන්න ඕනෙ.." [Pure fictional Sunghoon / Enhypen fanfiction]