Thidas P.O.V.
අම්මෝ ඇති යන්තම් ඉස්කෝලේ නම් ඉවරයි හැබැයි ඉතින් ආයේ පැය ගානක් ක්ලාස් තියෙනවා කියලා මතක් වුනාම තමා පුක ඉරෙන්නේ. කොහෙද ඉතින් මේ අපේ අම්මටත් පන්තියක් හම්බවෙන්න බෑ පලයන් පලයන් ගානවා. අපේ අම්මානම් ගෙදර අස්සේ සර්ලා දාගෙන පන්ති කරන්නේ නෑ. මොකෝ අපි කියලා අලි පුකෙන් ආවයි. ඒකනිසා ඉතින් ඉතින් මම මගේ car එකෙන් තමා ක්ලාස් යන්නේ. කොහෙද බයික් එකේ යන්න තිබ්බා. ඒත් ඉතින් ඕක එළියට ගත්ත ගමන් අම්මා මැරෙන්න හදනවා car එකේ පලයන් කියලා. ඒක නිසා බොහොම ඉවසීමෙන් මම car එක පදිනවා.
දැන් ඉස්කෝලේ ඉවරයි. මම මෙහෙම්ම ගෙදර ගිහින් වොෂ් එකක් දාගෙන එහෙම්ම ක්ලාස් එකට යනවා. එච්චර වෙලාවක් නම් නෑ. ඒත් ඉතින් නළුවා වෙගේ යන්න එපැයි. අපි ඇමති පුතාලනේ.
" ඒ තිදස් උබ ගෙදර යනවද? "
" ඔව් බං මම ගෙදර යනවා. උබත් ගෙදර යනවනේ? "
" ඔව් බං මායි හිමේෂයයි මෙහෙම්ම ගෙදර ගිහින් තමා එන්නේ. "
" එල බොසා එහෙනම් මම කැපුනා. "
" හරි බම්ලෝ මාත් ගියා. "
මම ඉතින් කාර් එකට නැගලා ගෙදරට drive කරා. අද නම් අම්මා ගෙදර නෑ. මොකක්ද පක්ෂේ වැඩකට යනවා කිව්වා. ඒකනිසා මම ගෙදර ගිහින් නාලා සුපිරි කිටක් දාගෙන කැන්වස් දෙකත් දාගෙන පල්ලෙහාට බැස්සා.
" ආ... බේබී ආවද? දවල්ට කමු නේද බේබී? "
" එපා කුසුමා නැන්දේ මම යන ගමන් යාලුවොන්ටත් එක්ක මොනාහරී ගන්නවා. "
" බේබී කඩ කෑම කන්න පුරුදු වෙලා ලොකු නෝනගෙන් මට තමා බැනුම් අහන්න වෙන්නේ.. "
" අම්මා මොනාහරී කිව්වොත් කුසුමා නැන්දා මට කියන්නකෝ... "
" බේබිනම් කියාවී මම එපෑ බැනුම් අහන්න. "
" හරි නැන්දා මම යනවා. මට පරක්කු වෙනවා. "
" පරිස්සමෙන් බේබි. "
අම්මේ මට මාර මහන්සී. ඇත්තටම උබලට කිව්වොත් ඔය පන්ති කෙරුවාව මට පේන්න බෑ. කොහෙද ඉතින් අපේ අම්මටත් පන්ති කෙරුවාව තමා ලොකු. දවසක් පන්ති ගියේ නැති වුනොත් ඔලුව කන්නේ නැති ටික විතරයි.
YOU ARE READING
නුරුස්සන පෙමක අවසානය🖤
Fiksi Penggemar" එතකොට තමුසේ මාව ලං කරගත්තේ මගෙන් පලිගන්නද තිදස්? " " ඔව් හැබැයි මගේ කරුමෙකට මන් තමුසෙට ආදරේ කරන්න අරන්. " පලිගෑනීමට මගක් සොයන තරුණයාට ආදරය නාමයෙන් හමුවූ කටුක මාවත~ ^_^