මම දන්නෙ නැ මට ඊයේ කීයට නින්ද ගියාද කියන්න, ෆොන් එකෙ එලාර්ම් එකටයි මම ඇහැරුනේ. සුදු බෙබි කීයට ගෙදර ආවද දන්නෙ නැ. හෙම්ම සොෆා එකෙන් නැගිටලා ඊයේ අඩන ගමන් තුරුල් කරන් හිටිය සුදු බෙබිගෙයි මගෙයි ෆොටො එක දිහා බැලුවා. එක තාමත් මගෙ පපුව උඩ ඊයේ තුරුල් කර ගත්ත විදිහටමයි. ෆොටො එක අතට අරන් හාදුවක් තිබ්බ මම ඉස්සරහා ටෙබල් එකට ඇස් අරන් ගියා.
ඊයේ සුදු බෙබි ගෙනාව කෙක් වගෙම රයිස් දෙක උනත් තාම ඒ විදිහටටමයි. ෆොන් එක අරන් එලාර්ම් එක ඔෆ් කෙරුව මම අද මගෙ වැදගත් දවසක් නිසා වෙන දෙවල් ගැන වැඩිය නොහිතා ඉන්න තිරණය කරා. කෙක් එක අරන් ෆ්රිජ් එකට දැම්ම මම රයිස් බොක්ඩ් දෙකත් ඩස්පින් දලා ඒ ටික අස් කරා. කොච්චර කොහොම කුසුමාම්මාට කිරිබත් එපා කිව්වත් කිරිබත් කටක් කලා යන්නම කියලමයි මගෙ හිත කිව්වෙ.
හාල් ටිකක් සොදලා වතුර තියලා ලිපෙ තිබ්බ මම එකටම ලුණු ටිකක් දලා එක තැම්බෙනකම් පොල් ගැවා. පොල් ටික ගලා බත් එක උතුරනකම් මම ටක් ගලා ගිහින් දත කට මැදලා මූන සෝද ගත්තා. ආයෙත් කිචන් එකට ඇවිත් පොල් ටික මිරිකලා කිරි දැම්ම මම උම්බලක දලා කට සැරට ලුණු මිරිසක් හදන්නෙ හිතුවේ සුදු බෙබිගෙ ෆෙවර්ට් නිසා. ලුණු මිරිසත් හදලා කිරි බත් එකත් බලා නිවෙන්න තියලා කැට කැපු මම කැම මෙසෙටත් තියලා වොශ් එකක් දාන් එන්න ගියේ සුදු බෙබි එක්ක කන්නම් කියලා හිතන්.
වොශ් එකක් දාන් යුනිෆොර්ම් එකට මාරු උන මම මතක් කරලා id එකයි exam එකට ඔනි කරන අනිත් දෙවලුයි අරන් බැග් එක අරන් සාලෙට ආවා. පුදුමයි සුදු බෙබි තාම ඇහැරිලා නැ. සුදු බෙබි නැති නිසාම එයාට කතා කරන්න මම එයාගෙ කාමරෙට ගිහින් දොර තට්ටු කරා. දෙපාරක් තුන්පාරක් තට්ටු කරත් දොර ඇරුනේ නැ. සමහරවිට ඊයේ උන දේට තරහින් වෙන්න ඇති. එහෙම කියලා හිතන් මම කාමරෙ දොරත් ඇරන් ඇතුලට ගියා. එත් එයාගෙ ඇද ඊයෙ එක රැල්ලක්වත් නැති වෙන්න මම හැදුව විදිහමයි තාමත්. කොකටත් කියලා වොශ් රුම් එකෙත් මම සුදු බෙබි බැලුවේ හිතේ බලාපොරොත්තු ගොඩක් තියන්. එත් එකෙත් සුදු බෙබි නැ කියලා පෙනෙද්දි. මගෙ ඇස් වලට කදුළු ඉනුවේ ඉබෙමයි.
YOU ARE READING
සපූ 🌼 Yizhan | Nonfiction (Completed)
Fanfictionඉරුගල් බණ්ඩාරලා දෙන්නෙක්...... සැගවුණ යටගියාවක්..... නොලැබුණ මව් සෙනෙහසක්..... මේ හැමදේම මැද ඔවුන් සහොදරයන් පමණක්ම වෙවිද?..... 🚫 කතෘ අවසරකින් තොරව උපුටා ගැනිම, කොටස් වශයෙන් පල කිරිම තහනම් 🚫