Chapter eight

455 67 15
                                    

සම්පූර්ණයෙන්ම කළුවර වුනු ටේහ්‍යුන්ගෙ රූම් එකේ පිරිලා තිබුනේ ජන්කුක් හුස්ම ගන්න සද්දෙ විතරයි. ජන්කුක්ගෙ පිච්චුන තුවාලෙ වගේම කකුල් වල තිබුන තුවාලත් බැන්ඩේජ් කරලා තියෙද්දි ජන්කුක් ටේහ්‍යුන්ගෙ ලොකු බෙඩ් එක උඩ වැතිරිලා හිටියා.

"ම්ම්හ්" ජන්කුක් ලෑස්ති වුනේ එයාගේ ඇස් දෙක අරින්න. ඒත් ජන්කුක්ට දැනුනේ ලොකු සනීපයක්.
කෙස් ගස් අස්සෙන් දැනුනු සනීපෙට ජන්කුක්ට තේරුනා කවුරුහරි එයාගේ ඔළුව අත ගානවා කියන එක. ඒ ඔළුව අතගාන පුද්ගලයා ජන්කුක්ගෙ කෙස් පිරිමදින්නේ ගොඩක් හෙමීට වගේම ගොඩක් සැහැල්ලුවෙන්. ඇස් අරින්න හැදුවත් තව ටික වෙලාවක් ඒ සනීපේ විදගන්න ජන්කුක්ගෙ හිත ජන්කුක්ට බල කරපු නිසාම එයා එයාගේ ඇස් දෙක ආයෙත් වහගත්තා. මේ පුද්ගලයා කවුරුත් වුනත් ජන්කුක්ට ඕන මේ වෙලාවේ ටිකක් සැහැල්ලු වෙන්න.

ඒත් විනාඩි කීපයක් ඇතුලත ඒ දැනුනු සනීප බව ටිකින් ටික අඩු වෙද්දි ජන්කුක් අකමැත්තෙන් වුනත් එයාගේ ඇස් දෙක හිමින් ඇරලා බැලුවා.
මුළු රූම් එකම ගොඩක් කරුවල වුනත් බැල්කනි එකේ දාලා තියන සුදු පාට ලයිට් එක නිසා තරමක එලියක් රූම් එක ඇතුලට ඇවිත් තිබුනා.

ඒ පොඩි එලිය නිසා ඇස් දෙක සම්පුර්ණයෙන් අරින්න ජන්කුක්ට කිසිම අපහසුවක් තිබුනේ නෑ. හිමින් ඇස් දෙක ඇරලා බලපු ජන්කුක් දැක්කේ එයාට එහා පැත්තෙන් ඉදන් ඉන්න කෙනෙක්ව.

.

.

.

.

.

.

.

ජ්..ජිමින්? "

ජන්කුක්ට එහාපැත්තෙන් ඉදගෙන එයාගේ අතේ තියන බැන්ඩේජ් එක උඩින් ඇඟිලි යවන ගමන් හිටිය ජිමින්ට ජන්කුක් කතා කරා.

"ඔහ්! ඔයා නැගිට්ටද. දැන් කොහොමද? තාම අමාරුද? "
ජිමින් ඇහුවේ පොඩි හිනාවක් දෙන ගමන්.

"මෙතනින් යන්න! ප්ලීස් මට මගෙ පාඩුනේ ඉන්න දෙන්න! "

බැන්ඩේජ් එක උඩ තිබුන ජිමින්ගේ අත ගසලා දාන ගමන් ජන්කුක් කෑගැහුවා. මොකද ජන්කුක්ට ඕනේ මේ හැම දේකින්ම ඈත් වෙන්න. මේ මැන්ශන් එක ඇතුලේ ඉන්න හැම කෙනෙක්ගෙන්ම ඈත් වෙලා ඉන්න. 'හොඳ මූන පෙන්නන් ඉන්න හැමෝම එක වගේ'. ජන්කුක්ගෙ හිත නොනවත්වාම ඒ දේ රිපීට් කරා.

𝐇𝐞𝐚𝐫𝐭𝐥𝐞𝐬𝐬 | 𝐓𝐤  ✔ Where stories live. Discover now