හොස්පිට්ල් එකේ ගාඩ්න් එකේ පැත්තක ඉදිකරලා තිබුණා ලස්සන පොකුණ ඉස්සරහා වාඩිවෙලා මමත් ජුන්හ්වනුත් සෑහෙන වෙලාවක් වෙනවා..ඒත් කිසිම කතාවක් නෑ..
වැටෙන හිම පියල්ලකට බයවෙලා කැලැත්තෙන වතුර ඇරෙන්න..පොකුණ හිටිය භාවනාවක වගේ නිස්කලංක විදිහට..
හිමට තෙමෙන එක මට අවධානම් නිසාම අපි හිටියෙ කොරිඩෝව අවසානයේ තිබුණ පුංචි වහළකින් ආවරණය වුනු තැනක..
ජුන්හ්වන් තල්ලු කරගෙන ආපු මගෙ රෝදපුටුව එයා වාඩිවෙලා හිටිය බංකුවට හේත්තු වෙලා තිබුණා..
ජුන්හ්වන් කියන්නෙ යුසුරු තරම්ම මම ආදරේ කරපු, ගෞරව කරපු ස්කේටර් කෙනෙක්..වෙන වෙලාවක නම් ජුන්හ්වන් මගෙ එහා පැත්තෙ වාඩිවෙලා ඉන්න එකට කෑ ගහලා සතුටු ඕනෙ..
ඒත් මේ වෙලාවෙ ව්‍යාකූල වෙලා තිබුණ මගෙ හිතට ඒ කිසි දෙයක් දැනුනෙ නෑ..
"ඔයා හොඳින්ද..?"සෑහෙන වෙලාවකට පස්සෙ ජුන්හ්වන් කතා කළා..
"අහ්?මං හොඳින්..දැනට.."එයා අහපු ප්‍රශ්නෙ බලාපොරොත්තු නොවුණ නිසාම මම උත්තර දුන්නෙ බිමට හැරවුණ මූණෙන්..
"ඔයා ගොඩක් වෙලාවක් සිහිය එන්නෙ නැතුව හිටියානෙ..ඉතින්..ඔයාට සිහිය ඇවිල්ලත් ලොකු වෙලාවක් නැති නිසා..ඔයාට මෙහෙම ඉන්න එක අපහසු නැද්ද?"ජුන්හ්වන් ඇහුවෙ මගේ පැත්තට හැරිලා..
"මේක මට පුරුදුයි ජුන්හ්වන් ඔප්පා..සිහිය ආවම මම ගොඩක් ඉක්මනින් ස්ටේබල් වෙනවා.."මං කිව්වෙ හිනාවක් මූණට නගාගෙන..
"එදා සන්හූන්ව බලන්න ආවෙත් ඔයා නේද?"
මම ඔළුව ඉහළ පහළ වැනුවා..
"මං මෙහෙම අහනවට සමාවෙන්න චොන්ග්-හා..ඒත්..මොකක්ද ඔයාගෙ අසනීපෙ? ඩොක්ටර් අපිට ඔයා ගැන කිව්වත් ඔයා මෙහෙ ඉන්නෙ ඇයි කියන හේතුව කිව්වෙ නෑ.."
මං ආයෙත් පොකුණට ඇස් යොමාගත්තා..
"Arrhythmia"මං බිඳුණු හඬකින් කිව්වා..
"Arrhythmia?? මං කවදාවත් එහෙම දෙයක් ගැන අහලා නෑනෙ.." ජුන්හ්වන් කිව්වෙ කල්පනාකාරීව..
"ඒක හදවතේ සන්නයන පද්ධතියට බලපෑම් කරන ඩිසෝඩර් එකක් ඔප්පා..ඒකෙන් මගෙ හදවතේ රේට් එකයි රිදම් එකයි වෙනස් කරනවා.."
"එතකොට..?"
"බ්ලඩ් සර්කියුලේෂන් හරියට වෙන්නෙ නැති නිසා මගෙ මොළේටයි, හදවතටයි, අනෙක් අවයවවලටයි ඩැමේජ් කරනවා..ඒකෙ ප්‍රතිඵල විදිහට මම කෝමා එකකට යන්න පුළුවන්..නැත්නම් දිගු කාලීනව ක්ලාන්තය තිබුණොත්..මගෙ ජීවිතේ නැති වෙන්නත් පුළුවන්.."මං ලොකු හුස්මක් පහත හෙලුවා..
"ඒකයි ඔයාට ඉක්මනින් හදවතක් බද්ධ කරන්න ඕනෙ?"ජුන්හ්වන් ඇහුවා..
YOU ARE READING
Your Heart Tells | Sunghoon Centric | Completed
Fanfictionමට තිබුණෙ එක ප්‍රාර්ථනාවයි... "මට වින්ටර් ඔලිම්පික් වෙනකම් ජීවත් වෙන්න ඕනෙ.." [Pure fictional Sunghoon / Enhypen fanfiction]