• CHAPTER 41 •

426 76 66
                                    

Two Months Later📍

ඉතින් මේ මාස දෙකට මොනාද නොවුනේ කියලා අහන එක තමයි මං හිතන්නෙ ලේසිම විදිහ.. මොකද මේ මාස දෙකට වෙන්න පුළුවන් නරකම දේ උනා.. අපි දෙන්නා කෙසේවෙතත් මම මෙච්චර ඉක්මනට වෙයි කියලා බලාපොරොත්තු වුන අපි දෙන්නගෙ තාවකාලිකද සදාකාලිකද මං දන්නෙ නෑ වෙන්වීම සිද්ධ උනා.. අපි දෙන්නට දෙන්නා කතා නොකර, දැකලා නැතුව අඩුම එයා මං ගැනවත් මං එයා ගැනවත් අඩුම හොදින්ද කියලවත් දන්නෙ නෑ.. දැනගන්න විදිහක්වත් කිසිම හිඩසක් වත් නැතුව හැම පැත්තෙන්ම මාව හිර කරලා.. ඇත්තටම මට නොහිතුනා නෙවෙයි මේ සති දෙකටම එදා ඩුවට් පෆෝමන්ස් එකට බෑ කිව්වනම් කියලා, එහෙනම් අද මෙහෙම දෙයක් වෙන්නෙ නෑ.. එදා අයියත් එක්ක ගෙදර ආව වෙලේ මම හිතුවෙ නැති විදිහට අයියා ජන්කුක්ට ස්කෝලෙදි කියපු දේවල් කරා..

Before Two Months,
Flashback

පුදුම තරම් වේගෙකින් ආව අයියගෙ කාර් එක නැවතුනෙ අපෙ ගෙදර ගේට්ටුවෙනුත් ඇතුලට ගිහින් මිදුලෙ වෙද්දි කාර් එකේ දොර ගැලවෙන්න තරම් වේගෙන් ඇරලා එලියට ආව අයියා පිටිපස්සෙ දොර ඇරලා මාව ඇදලා එලියට ගත්ත පාර මම පරඩැලක් වගේ ඇදිලා එලියට ආවා.. මාවත් ඇදගෙනම ගේ ඇතුළට ගිය අයියා ජිමින් එන්නත් කලින් දොර කැඩිලා යන්නම වේගෙන් වහලා දාලා මාව බිමට වැටෙන්නම තල්ලු කරලා දැම්මෙ ඇත්තටම තමන්ගෙ මල්ලි කියන තැනවත් නොදී වෙද්දි බිම වැටිලා උන්න මං ලගට ඇවිල්ලා මගෙ කනට පුපුරන්න පාරක් ගහලා එයාගෙ කලිසමේ බෙල්ට් එක ගලවලා අතට ගත්තා.. කවමදාවත් කාගෙන්වත් ගුටියක් කාපු නැති මම අද ආදරේ කරන වරදට තමන්ගෙ අයියගෙ අතින් ගුටි කනවා.. ඇත්තටම පපුවට හරි වේදනයි අයියේ..

දිගට හරහට වදින පාරවල් එක්ක මට ඇහුනා ගෙදර දොර අරින සද්දෙ දොර ලග හිටගෙන හිටියෙ ඇස්දෙකෙන් කදුලු ගලන කටට අතකුත් තියාගෙන ඇඩෙන සද්දෙ නවත්තගෙන ඉන්න ජිමින් වෙනකොට මට නම් ඒ ගහන පාරවල් වලට වඩා කියන වචන දරාගන්න බැරි උනා..

" උබ, උබ බල්ලා තොට මම කිව්වද නැද්ද යකෝ ඒ පොන්නයගෙන් ඈත් වෙයන් කියලා ආහ් තොට මම කිව්වෙ නැද්ද කියපන්.. උබ උබේ අයියා කියන එක තබේකට මායිම් නොකර ඌත් එක්කම පුළුවන් තරම් ලැගලා ජවුසම් නටලා දැන් මෙතන ගෑනි වගේ අඩන්න තියාගත්තම හරිද යකෝ.. අර ගෑනි මිනිහයි නැහිලා නැහිලා පැය විසිහතරෙම තොට උගන්නන්නෙ එක එකාගෙ ඇගට යටවෙන්න නෙවෙයි මිනිහෝ.. උබ ස්කොලේ ගිහිනුත් කරන දේවල් මං දන්නෑ කියලද හිතන් ඉන්නේ හහ්.. උබ හිතනවට වඩා මාව තම්බන්න ගොරකා ඕනෙ ටේහ්‍යුන්.. "

𝐌𝐲 𝐒𝐭𝐮𝐛𝐛𝐨𝐫𝐧 𝐁𝐨𝐲𝐟𝐫𝐢𝐞𝐧𝐝 [𝐓𝐊] ✓✓ Where stories live. Discover now