⭕ මෙහි ඇති සංවාද ඉංග්‍රීසි බසින් සිදුවන ඒවා බව සළකන්න ... කතාවේ රසයට බාධාවක් නිසාවෙන් භාශාව වෙනස් කළේ නෑ ඉතින් 😙 ⭕
සීත කාලය ඉවර උනත් ටිකක් සීතල සුළං හමාගෙන ගියත් ඒ හුළඟත් කපාගෙන වේගෙන් ඉදිරියට ඇදුන සුඛෝපභෝගි රථයක් නැවතුනේ ව්‍යාපාරික වශයෙන් ඉතා ප්‍රසිද්ධියට පත් ගොඩනැගිල්ලක් ඉදිරිපිට . එයින් බැසගත් මැදිවිය පසු වෙමින් සිටි වුවත් කඩවසම් රුවක් සහිත ධනවත් පුද්ගලයෙක් මුළු මුහුණම කේන්තිය නිසාම රතු කරගනිමින් ගොඩනැගිල්ල තුළට ඇදුනේ මග දෙපස සිටි කාර්යාල සේවකයන් ඔහුට ඉඩ දෙන අතරෙදී....
"තමුන් මොනවද කරන්නේ ... ඔක්කොම උනාට පස්සේ මෙතන ඉඳගෙන තවත් මොනවද කරන්නේ ... ආ ... මගේ අවුරුදු 30ක මහන්සිය අපරාදේ ... තමුන්ව පුහුණු කරේ මේ වගේ දෙයක් වෙන්නද .. ආ කියනවා ... කටවහගෙන ඉන්නේ බිච් .... මට උත්තර දෙනවා.. "
*චටාස්*
"ඩෑඩ් ..."
කම්මුලට වැදුන සැර පහර නිසාත් , තමන් හා හා පුරා කියලා අත ගැහුව මිලියන ගානක් වටින ප්‍රොජෙක්ට් එකේ ප්‍රෙසෙන්ටේශන් එකේ තිබුන අඩුපාඩුව එහි අවසානයක් පෙන්වන නිසාත් අවුලෙන් සිටි කඩවසම් තරුණයා හිමීට මිමිනුවේ ... පරලවෙමින් දෙස් තියෙන පුද්ගලයා තම පියා වුවත් වී ඇති වැරැද්දට සමාවක් ඇයදීමක් වශයෙන් ... ඇත්තටම එය තරුණයාගේ වැරැද්දද ..... ඒ නැතත් ඒ වගේ කම්මුල් පහරවල් ඒ තරුණයට සාමාන්‍ය දෙයක් වගේ .. ඒ තරුණ කඩවසම් මුහුණේ වේදනාවටත් වඩා තිබුනේ අසරණ කමක් ....
" ඩෑඩ් ? ... තමුන්ගෙ ඩෑඩ්ලා මෙහේ නෑ කියලා මං තමුන්ට කී පාරක් මතක් කරන්න ඕනෙද ... මේක ඔෆිස් එක .. ගෙදර නෙමේ ... අනික අනික දැන් මේ වෙන්න යන පාඩුවට මොකක්ද කරන්න යන්නේ කියලා පැහැදිලි විස්තරයක් වගේම ප්‍රසන්ටේෂන් එකේ වැරැද්ද ගැනත් මට පැහැදිලි විස්තරයක් පැය භාගයකින් මට ලැබෙන්න සලස්සන්න ඕනේ .. තේරුනාද "
"ඒත් ඩෑඩ් .. නෑ සර් "
පැය භාගයකින් මොනා කරන්න පුළුවන්ද ... මීටින් එක ඉවර වෙලා පැයක් ගිහිල්ලත් විසඳුමක් හොයාගන්න බැරුව තව පැය භාගෙකින් කොහොම ඒවට විසඳුම් හොයන්නද ... තරුණයාගේ මුහුණේ තිබුන අසරණ බව ඒ වෙලාවේ එතන හිටිය හැමෝටම උනත් තේරුම් ගන්න පුළුවන් උනත් මොනා කරන්නද ... එයාලගේ බොස්ට ඉහළින් අණ දෙන්න පුළුවන් කාටද .... ඒත් තරුණයා හිතුවේ ඩෑඩ්ට කියලා තව ටික කාලයක් ඉල්ලගන්න උනත් හිතුව තරම් නන් ලේසි නෑ වගේ .... මැදි වයස් වල පුද්ගලයින් විශේෂයෙන්ම මේ කියන පුද්ගලයා ඉතාම දරදඬු අයෙක් ....
YOU ARE READING
_~ අහස් රාගය ~_
Non-Fictionතරු පිපුණු රෑ අහසේ සුපිපුණූ සඳ මඩල යට විකසිත වූ හදේ හුස්ම දියකරමි නුඹ මායාවේ ...... ❤️❤️❤️ මහ වැසි මැද කුනාටු අභියස වුවද රැඳෙමි ඔය දෑත මත ඉඩෝරයට වැටී මහ වැස්සක්ව...... 💛💛💛