01 කොටස

9.2K 492 98
                                    

උදේම බෙරිහන් දෙන එලාම් එකට අපුර්ව අතින් ගහපු දෙවෙනි වතාව මේ. නිකමට වගේ ඔලුව උස්සල බැලුවාම.

"අප්පටසිරි 7.45යි"

Please be there at 9.00 AM sharp! ඊයේ ආපු interview email එකේ අන්තිම වාක්‍යය අයෙමත් අපුර්වගේ ඇස් ඉස්සරහා මැවිලා පෙනුනා

"උබට බුදුසරණයි අපූර්ව. සියලු දෙවි දේවතාවුන්ගේම පිහිටයි" අපුර්ව ඇදෙන් බිමට පැනපු පාර පුටුවේ හේතු කරලා තිබ්බ guitar එක බිමට වැටෙන්න ගියා. එහෙමම Jack Roseව අල්ලගන්නවා වගේ guitar එක වැටෙන්න නොදී අල්ලගත්තා.

"ඔයාගේ මයිල් ගහකටවත් හානි වෙන්න දෙන්නේ නෑ මගේ Aiden Ambrose" අපුර්ව ක්ෂණිකව guitar එකේ neck එකෙන් අල්ලලා headstock එකට කිස් එකක් දුන්නා.ආයෙම interview එක මතක් වෙච්ච අපුර්ව දෙවෙනි වතාවටත් Aiden දිහා බලන් ඉදලා ඉක්මනට බාත්රූම් එකට පැනගත්තා.

නාන ගමනුත් අපුර්වට මතක් උනේ guitar එකේ කකුල වැදුන එක. එයාගේ හිත රිදුනද දන්නේ නෑ තනියම කල්පනා කරනවා.

අපුර්වගේ හිතට ලග හැම දෙකටම එයා නමක් දානවා. අපුර්වගේ apartment එකේ නම Brooks, වාහනේ නම Dexter. බ්ලා බ්ලා.. එක අපුර්වගේ පොඩි කාලේ ඉදන්ම තියෙන පුරුද්දක්.

Guitar අරන් දුන්නේ අපුර්වගේ තාත්තා. 5 වසරේදී. එයාට තාම මතකයි තාත්තා එයාව අතින් අල්ලාගෙන music class එක්කක්ගෙන යනවා. guitar එකත් එයාගේ තරම්ම උස ඇති ඒ කාලේ. අපුර්ව ඊට වඩා කොටයිදත් මන්දා.

"වොෂ් නොදා ලවු කර කර ඉදපන් උබ අපූර්ව. interview යන්නේ උබේ බාප්පද? බාප්පා!! මොකද මේ වෙලාවේ ඒ වසවර්තියව මතක් වුනේ?" අපුර්ව සුටුස් ගාල මැදාලා තිබුන සුදු කමිසයයි රෝයල් බ්ලු කලිසමයි ඇදගෙන කොන්ඩේ අතින් හදලා Dexterගේ යතුර අතට ගත්තා.

තාත්තා අපුර්වට තියලා ගිය දේවල් වලින් අපුර්වටම කියල අයිතියක් තියාගෙන පාවිච්චි කරන්න අවසර ලැබුනේ Guitar එක Apartment එක, වාහනේ විතරයි.

තාත්තා නැති වෙන්න කලින් ගෙදර පාවිච්චියට තිබුන වාහන 7න් නිල පාට Subaru එක අපුර්වට ලැබුනෙත් වටිනාකමින් අඩුම වාහනේ ඒක වෙච්ච නිසා.වෙත්තසිංහ අංකල්, තාත්තාගේ ලෝයර් අපුර්වගේ 18 වෙනි උපන්දිනේ දවසේ කැමති වාහනයක් තෝරාගන්න පුළුවන් කියලා බාප්පාගේ ඉස්සරහා කියද්දී බාප්පාගේ මුණ කළු වුන හැටි අපුර්වට තාම මතකයි.

ස්නේහ | CompletedWhere stories live. Discover now