මගෙ ළාමක හිත රිදුනා...
බිම්මල ඇතුලෙ නෑනෙ දෙයියෝ.. මගෙ සතුට ආපවු ගත්තද අයියූ ඉතිං... හනේ... අපෙ බිම්මල.. ඊව් නෑ.. මගෙ විතරයි.. මයෙ මල.. කමක් නෑ අඩුගානෙ අව්රැදු එකහමාරකින් විතර අද දැක්කනෙ.. හැබයි මෙහෙමයි ඉතින්.. නෑ එක්කො ඕනි නෑ... හැබැයි ඌට මේ චූටි එක්ක තියෙන කනෙක්ෂන් එක මොකක්ද දන්නෑ... අපේ එකා මහ නසරානියිනෙ අෆ්ෆා.. ඒ එතකොට මූත් මැරයද දන්නෑ... අඩූ මාස්කුත් දානවා හැබැයි.. අඩේ.... අර නවල්වල වගේයි... හරි සෝයි.. ඒඒඒ... මූද දන්නෑ චූටි අයියා කියන වයින් ස්ටෝර් හැන්ඩ්ල් කරන ඩයල් එක... හම්මට.. ගැම්මක් තමයි.. ඒ වුනාට ඒක කලු ශල්ලිනෙ දෙයියූ... මං ආස නෑනෙ අයියූ...
මං මනස්ගාත හිත හිත ඉද්දි එකෙක් මේන් ඩෝ එකෙන් කලු සුදු ඇඳන් එකෙක් ගේ ඇතුලට එනවා මං දැක්කත් ඒ එක්කම හීට් වෙන්න දාපු වතුර එකේ සෙන්සර් එක කෑ ගහපු නිසා මං ඒකට ෆෝකස් කරා.. ආය ගේ ගිනිගත්තොත් එහෙම ඕප දූප වගේද.. මං ෂේප් එකේ උණු මයිලෝ එකක් හදං එහෙම්මම කාමරේට යන්න හදද්දි දැක්කෙ අරයා ඉන්නවා බැක් ෆේස් කරං මේන ඩෝ එක ගාව... පිටේ පළළ පෙන්නනවද මන්දා.. නැත්තම් පස්ස හැඩයි කියලා කියන්නවත් හදනවද ඩයල් එක.. හැබැයි ඌ අඳින විදියට පස්ස පේන්නෙ නෑනෙ. ඇඳුම් බැගී හින්දා... කොහොමහරි මරු ඉතිං.. පොර අයිකනික් වෙන්නද කොහෙද හදන්නෙ.. ඇයි මුලින්ම දැක්කෙත් පිටේ හැප්පිලානේ...
කොමහරි එයා හිටියෙ කොල් එහක.. උළුවස්සට හේත්තු වෙලා අපේ කීන් මොඩයාට කකුලෙන් තට්ටු දදා... කෝල් කරන්නෙ උගෙ මලද දන්නෑ... ආපෝ.. තින්ක් පොසිටිව් නෙෂූ බබා.. මං ෂේප් එකේ කාමරේට නොයා චූටියා ගාවට ගියා... මූ මගෙ සායම යවයිද දන්නෑ.. කමක් නැ. යවන්නත් ලොකු දෙයක් නෑනෙ.. හම්මෝ තියෙනවා...තියෙනවා... මොකද බිම්මල දන්නවයැ මං මොට්ටපාල වැඩ්ඩෙක් කියලා.. නෑනෙ නැනේ.. මොකක්හරි..
"මේ මොක්කුද බං ගෙදර දාං ඉන්නෙ? මේ පාර මොකක්ද සීන් එක?"
මං රහසිං වගේ ඇහුවම අයියා එරෙව්වනෙ මට.. 'පලකො වාතයක් වෙන්නැතුව' කියලා මුන් ඉස්සරහා කියන්න බෑ වගේ හින්දද දන්නෑ එහෙම බැලුවෙ.. මුගෙ ගනං යකෝ.. මමනෙ මල්ලි.. මේ යක්කුද මල්ලි.. නෑනෙ.. මං අයියට හිතෙන් බැන බැනම මගෙ ෆෝන් එක අරං බිසි වගේ පේන්න මාත් ගත්ත කෝල් එකක්... බිනරට.. වෙන එකෙක් නෑනෙ ගන්න කොහොමත්..
KAMU SEDANG MEMBACA
කෝමා 🫀 <<completed>>
Nonfiksiඑයාලා කියනවා ඒවා ඇත්ත නෙමෙයිලු.. එහෙම දේවල් වුනේ නෑලු.. මං මවාගත්ත දේවල්ලු.. ඒත් ඇයි මේ..? ඇයි එයාලා බොරු කියන්නේ..? "මිනිස්සු කියනවා බය කියන්නෙ නරක හැඟීමක් කියලා... නෑ එහෙම නෑ... බය.. මට නං බය කියන්නෙ මම ජීවතුන් අතර කියලා කියන හැඟීම..." -කෝමා- - Pl...