17

32 6 2
                                    


"මොකද බං මේ උඹෙ අත් වෙව්ලන්නෙ?"

"අත් නෙමෙයි හිටගෙන ඉන්නත් බෑ වගේ බම්ලො... ඉෂාන්‍ය අයියා මට කැමතියි කිව්වා පගෝ...!"

"ඇති දැංවත් කිව්වා..."
"ම්මොකක්... පොර කිව්වා... ඌමද කිව්වේ..."

"හ්ම්.. දැං උඹ මොකක්ද අර ඇති කිව්වා කිව්වෙ?"

මං ළඟ තිබ්බ සොකරිගෙ වෙස්මූනෙං අරෑට දමල ගැහුවම මූ ඒක අල්ලගත්තා... වෙලාවට නැත්තං මට ඒකකුත් ගේන්න වෙනවනෙ... අර කාලයක්ම මං කොසුයි ඉදලුයි ගෙනාව වගේ... අපෝ.. ඇත්තට දැං කව්ද දන්නෑ කොසු ගේන්නෙ.. මේ පගාද දන්නෑ... මට මැවිලා පේනවා මූ අර බස් එකේ ගෑනුංගෙ ඇගේ කොස්ස වද්දලා බැනුං අහනවා.. ඒකට මූත් කටගහං යනවා.. හරිම අගෙයි.. සිරිමත්ගෙ මිතුරා හරිම නසරානියිනෙ අප්පා..

දැං එතකොට මූ සින් එක දන්නවද... ඒ කොහොමද අනේ ඒ වුනාට... ශාක්‍ය අයියාද... ඌ තමයි කොහොමත්.. ඕකනෙ අපෙ අයියටත් කියලා තිබ්බෙ... අනික ඉෂාන්‍ය අයියා බිනර වගේ එකෙක්ට කොහොමත් කියන්නෑනෙ.. ඉෂාන්‍ය අයියයි මගෙ එකායි.. මුන් දෙන්න මරාගත්තට බඩයි බොකුයි වගේනෙ බලන් යද්දි..

අද මෙලෝ වැඩක් හරියට කරගන්න බැරුවයි මන් හිටියෙ.. කොහොමත් කරන්න ලොකු වැඩකුත් නෑනෙ.. මං කියන්නෙ අඩුගානෙ නිදියන්නවත් බැරුවයි මම හිටියෙ හැබැයි.. ඉෂාන්‍ය අයියා ආයෙ ඩ්‍රාමා රූම් එක පැත්තෙ ආවෙත් නෑ... මං එකම එක ගෙදර එනකන් හිත හිත ඉඳලා දැං නිකන් පිස්සු වගේ.. අනේ මගෙ එක්සෑම් එක... හයියූ... මට බෑ දෙයියනේ... හෑෂ්ටැග් හෙල්ස්ප්ලීස්... අයියේ... ආ අයියා නෑනෙ මේ ටයිම් අද.. කීන් තඩියෝඕඕඕ.... හනේ. මං පව් නැද්ද අෆ්ෆා........ අම්මේ... හෙල්ප් මී...

"මං උඹට වහවැටිලා නෙෂුක..."

"අයියේ..!"

"ෂ්ෂ්ෂ්... අයියේ.. ඉෂාන්‍ය අයියේ... ඉෂාන්‍ය... ඕක නවත්තපන් බං....
මං කොහොමද බං උඹ ඔහොම ඔච්චර ලස්සනට කතාකරද්දි තවත් මේක හිරකරන් ඉන්නෙ... මාත් හුස්මගන්න මනුස්සයෙක්නෙ බං... මං කොහොමද උඹෙ ඇස් මාවම හොයලා ඔහොම හරි ආදරෙන් මාවම ඉල්ලද්දි... අර අච්චර දුර ඉඳන් නොදන්න නොදැක්ක හිතක් නැති මනුස්සයෙක් ගානට ඉන්නෙ?...... මගෙ හිතත් ඉල්ලනවා විනෝද්‍ය... මාව අවුස්සන තරහට ඇස් රතු වෙවී මම ගනංගත්තෙ නැති වුනත් ඒ ඔයාවමයි එදා ඉදං අදටත් මටත් ඕනි.."

කෝමා 🫀 <<completed>>Opowieści tętniące życiem. Odkryj je teraz