පහුවදා උදේ ඇහැරුනේ ගේ ඇතුලෙන් හුඟ දෙනෙකුගෙ කටහඬවල් ඇහුන නිසා.. පැහැදිලිත් නෑ ගොඩක් අය කතා කරන නිසා වගේම ඒ ඔක්කොමලා පිරිමි අය.. ටිකක් වෙලා ඇදේ ඉන්න විදිහටම ඉදගෙන මං කල්පනා කලේ ඊයේ නිව්ස් වලට කිව්ව දේවල්.. ආයෙම ආයෙම ඒ දේවල් මතක් වෙද්දි මගෙ ඇස්වලට කදුලු උනන එකනම් නවත්තගන්න බැරි උනා.. ඒත් මට අන්තිමට මතක් උනේ මට නින්ද යන්න කලින් සෝජුන් අයියා ජිමින්ගෙ නම්බර් එක පෙන්නලා මගෙ ඉස්සරහම කෝල් එකක් ගත්ත එක.. ඒ කියන්නෙ බැරි වෙලාවත් මේ එයාලද අනේ දෙයියනේ..
බදාගෙන හිටිය කොට්ටෙයි පොරවගෙන හිටිය ශීට් එකයි විසික් කරලා දාලා ඇදෙන් බහින්න ගිහින් තව ඩිංගෙන් හොම්බත් තලාගන්නවා.. ඒත් වැටි වැටිම මං දිව්වෙ සාලෙට.. පඩිපෙල බැහැගෙන සාලෙට දුවගෙන එද්දි මං දැක්කෙ මගෙ යාලුවව මගේම නොවුනත් මගෙ අයියලා දෙන්නව එක්ක වගේම සෝජුන් අයියා වෙද්දි සත්තයි මට ඉකි ගහලම ඇඩුනා.. මගෙ කකුල් දෙකට වාරු නැතුව මං බිමට වැටෙනවත් එක්කම මාව අල්ලගත්තෙ ජිමින් වෙද්දි එයා මාව තද කරලම බදාගෙන මගෙ ඔලුව අතගෑවා..
" දෙයියනේ මගෙ කොල්ලා ටේහ්‍යුන්.. උබ කොහෙද මෙච්චර කල් හිටියෙ.. අපි උබව හෙව්වෙ නැති තැනක් නෑ බං.. අන්තිමට ඊයේ සෝජුන් අයියා කතා කරද්දි මට එවලෙම බුසාන් එන්න හිතුනා.. නාඩා ඉදපන් ටේ.. දැන් ඉදන් අපි මේ ප්‍රශ්න එකින් එක හිමීට ඉක්මනට විසඳ ගමු බං.. අපි හැමෝම ඉන්නවනෙ.. උබ එක්ක කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා.. අද රෑ වෙනකම් මෙහෙ ඉන්නවා අපි හිමීට කතා කරමු.. "
ඇත්තටම හිතට නම් පුදුම තරම් සැනසීමයි ජිමින්ලව ආයෙම හම්බුන එක.. මං බලාපොරොත්තු උනේ නෑ.. බලාපොරොත්තු තියාගෙන රිද්දගන්නවත් මගෙ හිත ඉතුරු උනේ නෑ.. තවමත් ඒක කෑලි වලට කැඩුන හිතක්.. ඒක හදන්න පුලුවන් කෑල්ලෙන් කෑල්ල අලවලා පරන විදිහටම හොද කරන්න පුලුවන් එයාටත් විතරයි.. ඉතින් දැන් මට පුංචිම පුංචි හරි බලාපොරොත්තුවක් තියෙනවා ජිමින්, යුන්ගි, හෝසෝක් තුන්දෙනා නිසා..
" ජිමිනි.. ජන්..කුක්.. ජන්කුක් අනේ එයාට කොහොමද යුන්ගි හ්‍යුන්ග්.. අනේ එයාට හුගක් අමාරුද කියන්නකො.. ප්ලීස්.. "
YOU ARE READING
𝐌𝐲 𝐒𝐭𝐮𝐛𝐛𝐨𝐫𝐧 𝐁𝐨𝐲𝐟𝐫𝐢𝐞𝐧𝐝 [𝐓𝐊] ✓✓
Fanfictionතිබෙනා තුරු ඔබෙ ආලේ මට ඕනේ රැක ගන්න ඔබෙ ලගටම වී ඉන්න හැමදාම ඉඩ දෙන්න... මට ආසයි අත අල්ලන් ඔබෙ මුවග සිප ගන්න ඔබෙ මුහුණ සිනාවෙන් හැමදාම පුරවන්න... දුක දැනෙනා විට නුඹට මට තුරුලුව සැනසෙන්න මට ඕනේ හැමදාම නුඹෙ තුරුලටම වී ඉන්න Contents * BL * Boy × Boy *...